🩸Help 24🩸

77 14 0
                                    

පහුවදා උදේම වගේම ඇහැරුනු නූවා පපුවත් අල්ලගෙන කහිමින් පහලට ආවේ එයා එක්ක තාරූ ඇදේ හිටපු නැති නිසයි..
නූවාගේ ඇඟ දැන් කලින්ටත් වඩා දුර්වල වෙලයි තිබුනේ..
අඩියක් තියලා අඩියක් ගන්න එකත් එයාට ලොකු මහන්සියක් ගෙනාවා..
මුලු ඇඟේම තැනින් තැන තුවාල හැදිලා තිබුනා.
බෙහෙත් දැන්මත් ඒවා සනීප වුනේ නෑ..
පඩිපෙළ බැහැගෙන එන නුවාගේ හදිස්සියේම වීදුරු කෑල්ලක් කකුලේ ඇනිලා නූවා පඩි පෙල දිගේ රෝල් වෙලා ඇවිල්ලා බිත්තියේ ඔලුව වැදුනා..

නලලත් පැලිලා ලේ එන්න ගද්දී එයා සෝපාවට වාරු වෙවී නැගිට්ටා..
සෝපාවේ නිදාගෙන ඉන්න තාරූ දිහා බලලා නූවා යන්තමින් හිනා වෙලා විසිත්ත කාමරයේ කෙලවරට ගියේ බෙහෙත් පෙට්ටියෙන් බෙහෙත් ගන්න..
තනිවම ඔලුව පැලුන තැනට බෙහෙත් දැන්මත් ඒ ලේ වලට නූවාගේ ඇඟට වැහිලා ඉන්න හොල්මන නූවා අභිබවා එලියට ආවා...

පරඬැලක් වගේ විසි වෙවී හිටපු නූවාට එක පාරටම ලැබුන ශක්තියත් එක්ක නූවාගේ ඇස් තනි සුදු පාට වෙලා අතපය දරදඬු වුනා..

සෝපාවේ නිදාගෙන ඉන්න තාරූ දැකලා නූවා තොල කට ලෙව කෑවේ හරියට කාලෙකින් කෑමක් හම්බුනා වගේ..
සෝපාව උඩින් පැනලා නිදාගෙන ඉන්න තාරූගේ ඇඟ උඩින් කකුල් දෙපැත්තට දාලා ඉඳ ගත්ත නූවා..පිස්සුවෙන් වගේ තාරූට ඇඳුම් ඉරලා දැම්මා..

"ම්ම්ම්ම්ම්..මට නොලැබුන ආදරේ මන් උබෙන් හරි ලබා ගන්නවා."

පිරිමිත් නොවන ගෑනුත් නොවන කටහඬක් එක්ක නූවා තනියම කියව කියව තාරූගේ මූණට ලන් වෙන්න හදනකොටම තාරූට ඇහැරුනා..

"නූ....වා...මොක්කද කරන්නෙ..අයින් වෙනවා."

"කටවහපන්.."

"ආව්...

තාරූගේ බෙල්ල හූරපු නූවා..බලෙන්ම වගේ තාරූගේ ඇඟට බර වෙද්දී තාරූට මුකුත් කර ගන්න බැරි වුනා..
විටෙක අමනුස්සයාත් ඒ අතරින් දිස් වෙන නූවාගේ විඩාබර ඇස් දෙකත් දැකලා තාරූට නූවාට අතක්වත් උස්සන්න හිතුනේ නෑ..
ඒත් තාරූට ඕනි වුනේ නෑ අමනුස්සයෙකගෙ ඇඟට යට වෙන්න..

තාරූ වට පිට බැලුවේ නූවා නවත්තන්න ක්‍රමයක් හොයා ගන්න..
සෝපාවේ ගැට්ට උඩට වැටිලා තිබුන බිඳුන ෆොටෝ එකක වීදුරු කැබැල්ලක් දුටු තාරූ ඒක අරගෙන තමන්ගෙ බෙල්ලට තියා ගත්තේ..

🩸HELP🩸(Jikook ff) *COMPLETE*Where stories live. Discover now