Noowa Pov....
අපි ෂැංහයි වලට එනකොට රාත්රී දහය පහු වෙමින් තිබුනා..
ෂාන්වත් මමවත් කිසිම කතාවක් තිබුනේ නෑ.
මන් හොරෙන් බැලුවේ ෂාන්ගේ තුවාල වෙලා තියෙන අත, මම හපපු දත් පාරවල් අතේ තවමත් තදට හිටලා තිබුනා..
ස්ටේශන් එකෙන් බැහැපු අපි දෙන්නම කිසිම කතාවක් නොකර ටැක්සි එකකින් ගෙදරට යනකම් ඔහේ ආවා..ඇයි තාරූ එහෙම දෙයක් කරේ.
එයා මට පොරොන්දු වුනා මාත් එක්ක ඉන්න.
ඇයි දැන් එයා විතරක් තනියම එහේ නැවතුනේ.
මන් නෑ කියලා දැන ගත්තම ඒ කෙල්ල තාරූට ආපහු කරදර කරයි..
මට බෑ ඒකට ඉඩ දෙන්න මම ආපහු යන්න ඕනි.."ෂාන්..මට බෑ ගෙදර යන්න."
"මුරන්ඩු වෙන්න එපා නුවා..තාරූ ඔයාගේ හොඳටනේ එහෙම කරේ."
"මට බෑ ෂාන් මෙහෙම පැත්තකට වෙලා ඉන්න..තාරූට කරදරයක් වුනොත් ඔයාත් එකට වගකියන්න ලෑස්ති වෙලා ඉන්න.මන් හිතුවේ ඔයා මගේ සහෝදරයෙක් කියලා..ඒත් ඔයත් මට මෙහෙම කරයි කියලා මන් හිතුවේ නෑ ෂාන්."
"නූවා..උබ කොහොම වුනත් උබට කලින් තාරූව මට හම්බුනේ..ඌ උදව්වක් ඉල්ලුවම මට බෑ කියන්න පුලුවන් කමක් නෑ."
"ඔයා මාව ගෙදර එක්කගෙන ආපු පලියට මන් මෙහේ ඉදියි කියලා ඔයා හිතනවද..මම බබෙක් නෙමෙයි ෂාන්."
කතාවෙන් කතාව අපි දෙන්නා ඇවිල්ලා හිටියේ මගේ ගෙ ලඟට ටැක්සියෙන් බැහැලා ෂාන් එක්ක ගේ ඇතුලට ගියා..මුලු ගෙදර කරුවල වෙලා තිබුන නිසා මන් ගෙදර බෙල් එක හතර පාරක් විතර ගැහුවා..
"ගෙදර කවුරුත් නැද්ද නූවා."
"අනේ මන්දා ෂාන්.."
එතකොටම වගෙ ගේට්ටුව ඇරගෙන ඇතුලට ආවේ ගෙදර වැඩට ඉන්න මැදි වියේ කාන්තාව.
"බේබී...ඔයා මේ රෑ වෙලා ගෙදර ආවද"
"ලින්ෂියා ආන්ටි කෝ අපේ අම්මා එහෙම."
"බේබී ඊයේ උදේ මහත්තයයි නෝනයි දෙන්නම කොරියා වලට ගියානේ"
"මො...මොකක්.."
"ඔව් ඇයි බබාට කිව්වෙ නැද්ද."
"ම්ම්ම්.නෑනේ.හැබැයි කලින් කියලා තිබුනා යන්න ඕනි කියලා.ඒත් මෙච්චර ඉක්මනට යයි කියලා හිතුවේ නෑ."
YOU ARE READING
🩸HELP🩸(Jikook ff) *COMPLETE*
Terrorආදරේ කියා පෑවත් බිදෙන හිත්නම් කොතෙකුත් ඇතිද නොකියා කරන මේ ආදරේ ට මොනවා නන් වෙන්න බැයිද සීනිබෝලෙට මන් තරම් වෙන ආදරේ වෙන කෙනෙක් ඉන්නවා ද අසම්මතයක් වී දුක් නොවන්නට ආදරේ මන් සගවගන්නද???❤️🥺