🩸Help 05🩸

90 19 2
                                    

"දැන්වත්....මාව...විස්වාසයිද...තා...රූ.."

දුවගෙන ආපු මම තාරූට වදින්න තිබුන පිහි පාර මට වද්ද ගත්තේ තාරූට කරදරයක් වෙනවට මම අකමැති වුන නිසයි..බෙල්ල පසාරුකරගෙන ගිය පිහි තුඩත් එක්ක මම තාරූගේ ඇඟ උඩට වැටුනත් මන් එයාගෙන් ඇහුවෙ එක දෙයයි..ඒ මාව විස්වාසද කියලා.

"නූවා..ඇස් පියන්න එපා..ඇස් අරින්නකෝ..ඔයාට මුකුත් වෙන් නෑ."

අමාරුවෙන් ඇස් ඇරගෙන ඉන්න උත්සාහ කරපු මම බැලුවේ අර කෙල්ල කොහෙ හරි ඉන්නවද කියලා..ඒත් ඒ කෙල්ල පේන්න හිටියේ නෑ..තාරූ මගේ බෙල්ල අත් දෙකින්ම තද කරගෙන ලේ නවත්තන්න උත්සාහ කරත් නොනවත්ත්වාම ගලන ලේ එයාට නවත්තන්න බැරි වුනා..බැරිම තැන එයා පාසල් නිල ඇදුමේ ෂර්ට් එක ඉරලා අරන් මගේ බෙල්ල වටේ ඔතලා ඔතලා මාව හරහට ගත්තේ..
මට ඇස් වහන්න එපා කියන ගමන්..

මාව හරහට අරන් දුවන එයා දැකලා ස්කෝලේ හැමෝම අපි පස්සෙන් දුවගෙන ආවා..

"තාරූ..දෙයියනේ..නූවා ෂින්ශෙන්ට මොක්කද වුනේ.."

පාසලේ ප්‍රින්සිපන් ලූහාන්ගේ හඬ මට ඇහුනා..ඒත් තාරූගෙන් කිසි පිලිතුරක් නැති තැන අනිත් අය තාරූගෙන් ප්‍රශ්න කරා..

"ආශ්..මේ පිනානම්.."

තාරූ මුමුනනවා මට ඇහුනා..මේ වෙලාවේ තාරූ අපහසු තාවයට පත් වෙලා ඉන්නෙ කියලා මට තේරුන නිසා..

"තාරූ....මට අමාරුයි."

මම එහෙම කිව්වෙ එයාට එතනින් යන්න පහසු වෙන්න..මගෙ වචන ඇහුන ගමන් ප්‍රින්සිපල්..

"ඉක්මන් කරන්න ලමයෝ..අරන් යන්න ෂින්ශෙන්ව.."

තාරූ මාවත් උස්සගෙන දුවන්න ගත්තා..
මට ඇහුන විදිහට මගේ පන්තියෙ ලමයි ඔක්කොම අපි පස්සෙන් දුවගෙන ආවා..
කන්ද උඩ ඉදන් පහලට යන්න අඩුම විනාඩි පහලවක්වත් යනවා..ගමේ වාහනයකට කියලා තිබුනේ ජොනීගේ කරත්තේ විතරක් වෙනකොට මේ වෙලාවේ ඒකවත් තිබුනේ නෑ..
තාරූ හිටියේ ගොඩක් බය වෙලා..එයාගේ ඇස් වලට ලේ බැහැලා රතු වෙලා තිබුනා..එයා බය ඇති මාව රෝහලට ගෙනියන්න පරක්කු වෙයි කියලා..ඒ නිසා එයා මට යනකම් කිව්වෙ එක දෙයයි..

🩸HELP🩸(Jikook ff) *COMPLETE*Where stories live. Discover now