🩸Help 28🩸

95 16 4
                                    

Thaaru Pov...

අලුයම අවදි වුන අපි දෙන්නා උදේම යුනාන් බලා යන කෝච්චිය අල්ල ගන්න ලෑස්ති වුනා..
නමුත් ෂාන්ටනම් ෂැංහයි වලින් යන්න කිසිම හිතක් තිබුනෙ නෑ.
මොකද එයාට දැන් ඕනි එයාගේ තාත්තයි මල්ලියි හොයාගන්නයි..

"ගෙගේ."

"ම්ම්ම්."

"ඔයා මෙහෙ නවතින්න..මම යන්නම්."

"ඒත් තාරූ."

"කමන් නෑ ගෙගේ..ඔයාගේ හිත හරිගියාම ආපහු එන්න.සමහරවිට ඔයාට ඔයාගේ තාත්තයි මල්ලි දෙන්නම හම්බෙන්න පුලුවන්."

"ඒත් තාරූ උබව තනි කරන්න මට බයයි.උබ මොන පිස්සුවක් නටයිද කියලා මට හිතා ගන්න බෑ."

"එහෙම වෙන් නෑ ගෙගේ.මන් දැන් හිත හදාගෙන ඉන්නෙ.බය වෙන්න එපා.මන් ඔයා එනකම් යුනාන් වල ඉන්නම්."

අමාරුවෙන් ෂාන් එකඟ කරගෙන මම ෂැංහයි වලින් පිටවෙන්න තීරණය කරා..
ෂාන් මාත් එක්කම ස්ටේශන් එකට ඇවිල්ලා මට සමු දුන්නා.

ෂාන්ගෙයි මගෙයි සම්බන්ධය මොකක් වුනත් දැන් ෂාන් මට මගේම සහෝදරයෙක් වගෙ.එනිසා මට බැ ඔහුට බරක් වෙන්න.
නූවා නැතුව මම දුක් විඳපු සති දෙකට ෂානුත් මා එක්කම දුක් වින්ඳ හැටි මට තවමත් මතකයි.
නූවා ඉල්ල ඉල්ල හැම රෑකම අඬන මාව සැනසුවේ ෂාන් වෙනකොට එයාට කරන ප්‍රතිඋපකරයක් හැටියට මම එයාට බරක් නොවී ඉන්න තීරණය කරා.
මන් ප්‍රාර්තනා කරනවා එයාට එයාගෙ මල්ලිව හම්බෙන්න කියලා.

දුමිරියට නැගපු මම ෂාන්ට අතත් වනලා ඇතුලෙන් ගිහින් වාඩි වුනේ හිතේ මොකක්දෝ ලොකු බරක් තැන්පත් වෙද්දියි.

උදෑසන හයට පිටත් වෙන කෝච්චියේ යුනාන් වලට යන්න හිටියේ සීට් ගානට මිනිස්සු විතරයි.
ඒ නිසා කෝච්චියේ ඉඩකඩ ගොඩක් තිබුනා.
බෑග් එක තියලා ඒකේ ඔලුව තියාගෙන ශීට් එකේම මම ඇස් පියා ගත්තේ ඔලුව කෙලින් කරන් ඉන්න තරම් මගේ හිත සැහැල්ලු නැති නිසයි.

එතකොට මම දැක්කෙ මගේ ඉස්සර සීට් එකෙ වාඩි වෙලා ජනේලෙන් එලිය බලාගෙන ඉන්න නූවා..

"නූවා 😳"

"නූවා..ඔයා...

මම නූවා අල්ලන්න හදද්දීම එයා දූවිල්ලක් වගේ නැති වෙලා ගියා..

🩸HELP🩸(Jikook ff) *COMPLETE*Where stories live. Discover now