යුනාන් වලින් බැහැපු ගමන් ෂාන් දිව්වෙ එයාගේ ගෙදරට,
"තාරූ...මන් ආවා..ඔයා කොහෙද..තාරූ."
ගෙදර බෙල් එක ගැහුවත් දොර ඇරුනු නැති නිසාත්,ටිකක් රෑ වෙලා තිබුන නිසාත් ෂාන් හිතුවෙ තාරූ නිදි ඇති කියලා.
ඒ නිසා ෂාන් එයා ලඟ තිබුන අමතර යතුරෙන් දොරත් ඇරගෙන නිවසට ගියේ තාරූව දකින්න තියෙන ආසාවෙන්.."තා....රූ..ඔයා නිදිද."
එහෙම කියලා ෂාන් එක පාරටම දොර ඇරියත් තාරූ කාමරේ හිටියේ නැති නිසා ෂාන්ට කවදාවත් නැතුව තාරූ ගැන ලොකු බයක් දැනුනා..සමහරවිට තාරූ දැන් ඔහුගෙ සහෝදරයා බව ඔහු දන්න නිසා වෙන්නත් ඇති.
ෂාන් මුලු නිවසෙන තාරූ හෙව්වා.."තාරූ කොහෙද ගියේ..බයික් එකත් නෑ කියන්නෙ තාම ගෙදර ඇවිල්ලා නැත්ද."
ෂාන් ඉනටත් අත් දෙක තියාගෙන කල්පනා කරද්දි ඔහු දැක්කෙ විසිත්ත කාමරයේ අයිනේ තිබුන දුරකථනයේ රිසිවරය පහලට එල්ලෙමින් තියෙනවා..
"රිසිවරේ හරියට තියන්න අමතක වෙන්න තරම් තාරූට කවුද කතා කරේ."
ෂාන් එහෙම හිත හිතම දොර දිහා බලාගෙන එහාටයි මෙහාටයි ඇවිදින්න ගත්තෙ තාරූ දැන් එයි දැන් එයි කියලා හිතන ගමන්..
බයික් එකත් නැති නිසා තාරූ කොහෙ හරි යන්න ඇති කියලා ෂාන් හිතපු නිසා හිත කොච්චර බය වුනත් ෂාන් නිවසින් පිටවුනෙ නැත්තේ තාරූව මඟ ඇරෙයි කියන බයටයි.."ආශ් .කොහෙද යන්න ඇත්තෙ."
එලියට බැහැලා පාර දිහා බලාගෙන ෂාන් දොරට හේත්තු වුනේ තාරූ යන්න පුලුවත් තැන් ගැන හිතන ගමන්.
මිදුලට බැහැල එහා මෙහා ඇවිදින ෂාන් බැලුවේ එයාගේ අත් ඔරලෝසුව.
වෙලාවේ රාත්රී නවයත් පහු වෙමින් තිබුනා.
ෂාන්ගේ හිතේ එන්න එන්න බය වැඩි වුනේ තාරූ තවමත් නැති නිසයි.
මේ අතරේ ෂාන්ගේ ඇස ගැටුනේ ගෙදර ලියුම් පෙට්ටියේ තිබුන ලියුමෙයි.ෂාන් එක අතට අරන් දූව්ලි ගසලා..
"මේක ඇවිල්ලා දවස් දෙකක් වෙනවා..තාරු දැක්කෙ නැද්ද දන්නෙ නෑ."
තනියම කියව කියව ෂාන් ලියුම කඩලා බැලුවා..
එකේ ලියලා තිබුන දේවල් දැකලා ෂාන්ගෙ ඇස් වලින් කදුලු කඩන් වැටුනේ සතුටටද දුකකටද කියන්න ඔහුවත් දැනගෙන හිටියේ නෑ..
YOU ARE READING
🩸HELP🩸(Jikook ff) *COMPLETE*
Horrorආදරේ කියා පෑවත් බිදෙන හිත්නම් කොතෙකුත් ඇතිද නොකියා කරන මේ ආදරේ ට මොනවා නන් වෙන්න බැයිද සීනිබෝලෙට මන් තරම් වෙන ආදරේ වෙන කෙනෙක් ඉන්නවා ද අසම්මතයක් වී දුක් නොවන්නට ආදරේ මන් සගවගන්නද???❤️🥺