කෑම මේසයේ කිසිම සද්දයක් නැතුව කෑම ගන්න නූවා දුකින් හිටියේ එයා අතින් තාරූට කරදර වුන නිසාත්,නූවාගේ මුරන්ඩකමට අතේ තිබුන නූල ගලවපු එකටයි දෙකටම.
ෂාන් කෑම අත ගගා ඉන්න නූවා දිහා බලලා කල්පනා කරේ එයාගෙන් එයාගේ තාත්තා ගැන අහන්න හොඳම අවස්තාවක් මේක කියලා හිතුන නිසයි..තාරූ මේ වෙලාවේ හිටියේ කාමරේ..ඇවිදින්න එපා කියපු නිසා එයාට ඇදෙන් බහින්න නූවා තහනම් කරා..
ඒ නිසා මේ වෙලාවේ ෂාන් නූවා තනියමයි කෑම ගත්තේ.."බබී..
"ම්ම්ම්ම්.
"කන්නකෝ අත ගගා ඉන්නෙ."
"මට බඩකිනි නෑ ෂාන් ඔයා කන්න..මම යනවා නිදා ගන්න.."
"ඉන්න..කොහෙද යන්නෙ."
කෑම මේසයෙන් නැගිටින්න හදපු නූවාගේ අතින් අල්ලලා ආපහු වාඩි කරවලා ෂාන්..
"නූවා..ඔයාගේ අර හැම ෆොටෝ එකකම ඉන්නෙ කලු පූසා කෝ..මන් දැක්කෙ නෑනේ ඌව..ඌ ගොඩක් ලස්සනයි නේද."
"ම්ම්ම්.කිටී දැන් නෑ ෂාන්."
"ඇයි මොක්කද වුනේ."
"එයා මන් පොඩි කාලේදිමයි මැරුනේ."
"අයියෝ..අනේ සොරි පැටියෝ..ඔයාට දුක හිතුනද."
"ඇත්තටම කිව්වොත් ෂාන්..අපේ තාත්තා මගේ කිටීට වහ දුන්නා.."
"මොක...ක්..අනේ පොඩ්ඩො අඬන්න එපා.."
නූවා පොඩි ළමයෙක් වගේ අඬන්න ගද්දී ෂාන් නැගිටලා ගිහින් නූවාව තම කුසට හේත්තු කර ගත්තා..
"මගේ තාත්තා ගොඩක් නපුරුයි ෂාන්..ඒත් එයා කවදාවත් මට ගහලවත් බැනලවත් නෑ."
"ම්ම්ම්ම්..මන් ඔයාට ලස්සන පූසෙක් ගෙනත් දෙන්නද."
"එපා ෂාන්. එතකොට මට කිටී මතක් වෙයි..මම පූසන්ට වගේම මාලුන්ටත් ගොඩක් ආසයි..
දවසක් කිටී මාලු හිටපු බෝල් එක පෙරලා එකේ හිටපු මාලු දෙන්නව කෑවා..එතකොට මට වයස අවුරුදු 14 යි..
මන් දුකටයි කිටීට ගහන්න බැරි නිසයි එයාව එලියට දැන්මා දවසෙම එයා එලියට වෙලා කෑ ගහ ගහ හිටියා..
ඒත් මන් එයාව ඇතුලට ගත්තේ නෑ..
පහුවදා මන් දොර ඇරලා බලනකොට කලින් දවසේ රෑ හොඳටම වැහැලා කිටී තෙමිලා ගැහි ගැහී හිටියේ..
මට ඇඬුනා..
ඒක මගේ වැරැද්දනේ.
මන් කිටීව එවෙලෙම අරන් ගියා බෙහෙත් කරන්න.
ඒත් කිටී මට එයා ලඟටවත් එන්න දුන්නෙ නෑ..
මාව හොඳටම හීරුවා.
ගෙදර ගෙනාවට පස්සෙ තාත්තා මගේ ඉස්සරහට කිටීව වස දුන්නා ෂාන්..
අන්තිමට ඒ අහිංසකයා මන් නිසා මැරිලා ගියා.."
YOU ARE READING
🩸HELP🩸(Jikook ff) *COMPLETE*
Horrorආදරේ කියා පෑවත් බිදෙන හිත්නම් කොතෙකුත් ඇතිද නොකියා කරන මේ ආදරේ ට මොනවා නන් වෙන්න බැයිද සීනිබෝලෙට මන් තරම් වෙන ආදරේ වෙන කෙනෙක් ඉන්නවා ද අසම්මතයක් වී දුක් නොවන්නට ආදරේ මන් සගවගන්නද???❤️🥺