🩸Help 20🩸

81 14 6
                                    

"ඩොක්ටර් දැන් කොහොමද තාරූට."

"බය වෙන්න දෙයක් නෑ..තුවාලෙන් ටිකක් ලේ ගිහින් ඒ නිසා ඇඟ දුර්වලයි..මොනවා හරි හොඳට කන්න දෙන්න.දැනට සේලයින් දීලා තියෙන්නෙ.
තුවාලෙටත් මම බෙහෙත් දැන්මා."

"ඩොක්ටර් තුවාලේ ඉක්මනට සනීප වෙන එකක් නැද්ද "

"සතියක් විතර යයි..ඉල ඇටේ ගාව නිසා ටික දවසක් යනකම් ඇදේ රෙස්ට් කරන්න..ඇවිදින්න දෙන්න එපා.."

"තැන්කිව් ඩොක්ටර්.."

ෂාන් ඩොක්ටර් එක්ක කතා කරලා කාමරයෙන් එලියට යද්දි තාරූ ලඟ ඉදඟෙන හිටපු නූවා තාරූගේ හිස අතගෑවේ ආදරයෙන්.

"මට සමාවෙන්න තාරූ..මන් ඔයාට අත ඉස්සුවට..
ඒත් මම ඒකට පසුතැවෙන්නෙ නෑ..
මොකද ඔයා කරේ වැරැද්දක්..
ඔයාට කිසිම වරදක් නොකරපු කෙනෙක් එහෙම මරන්න තරම් ඔයා කොහොමද නපුරු වුනේ තාරූ.."

"ඒ ඔයා නිසා නූවා."

"ෂාන්.?

"තාරූට ඒ තරම් දරුණු වෙන්න වුනේ ඔයා නිසා.."

"ඒත් ඇයි?

"එයාට ඕනි වුනේ ඔයාව පරිස්සම් කර ගන්න විතරයි නූවා..ඌ වැරැද්දක් කරත් ඒකට සාධාරණ හේතුවක් තියෙනවා..ඔයා හිතනවද ෂියැන්ජින් කියන්නෙ හොඳ මනුස්සයෙක් කියලා.
එතන වුනේ මොක්කද කියලා මම හරියටම දන්නෙ නෑ.
ඒත් මට විස්වාසයි තාරූ ඌව මැරුවේ නෑ කියලා."

නූවාගේ ඇඳ උඩ නිසොල්මනේ ඉන්න තාරූ දිහා බලාගෙන නූවා කල්පනා කරේ ඇත්තටම තාරූ එයා නිසා නපුරු වුනාද කියලයි.

"අඬන්න එපා නූවා..තාරූට ඉක්මනට සනීපවෙයි."

"මන් මොක්කද කරන්නෙ ෂාන්.මේ හැමදේම මම නිසා..මම ඩාලි වලට ගිය දවසේ ඉදන්නෙ මේ සේරම පටන් ගත්තේ.මම එහෙට නොගියනම්,තාරූ මට හම්බවෙන්නෙ නෑ..ඔයාව මට හම්බවෙන්නෙ නෑ..සමහරවිට යුකීට මැරෙන්න වෙන එකකුත් නෑ.."

"යුකීගේ මරණයට උබ ඇයි වැරදි පටවගන්නෙ නූවා..මේ අහපන් රත්තරනේ..පුලුවන්නම් උබ මෙහෙ නැවතියන්..ඔය ගුරු පත්වීම මුකුත් ඕනි නෑ..මම උබව බලාගන්නම්."

"ෂාන්..මොනවද ඔයා මේ කියවන්නෙ..මේ ප්‍රශ්නේ විසඳලා ඉවර වුනාම තමයි මම ඩාලි වලින් එන්නෙ."

🩸HELP🩸(Jikook ff) *COMPLETE*Where stories live. Discover now