🩸Help 22🩸

71 15 0
                                    

"තවත් මට මේ විදිහට නිකන් ඉන්න බෑ තාරූ..ඕන දෙයක් වෙන්න කියලා අපි ඩාලි යමු.."

ඇදේ හාන්සි වෙලා තුවාලෙට බෙහෙත් කරන ඩොක්ටර් දිහා බලාගෙන නූවා කිව්වෙ ෂාන්ගේ ඇගට වාරු වෙලායි.
අමනුස්ස ආත්මය නිසා නූවාගේ ඇඟ එන්න එන්නම දුර්වල වෙලා තිබුනෙ බෝලේ වගේ හිටපු නූවා ඇටසැකිල්ල වගේ වෙද්දියි..
නූවා ඒ විදිහට ඩාලි වලට ගියොත් අනිත් අයටත් අඳුර ගන්න බැරි තරමට වෙනස් වෙලා තිබුනා..

අතපය වල නහර ඉලිප්පිලා හම රැලි වැටිලා.
කම්මුල් බැහෑලා හකු එලියට පැනලා..
ඇස් යට කලු වෙලා තොල් දම් පාට වෙලා ගිහින් තිබුනා..
ෂාන් මොනතරම් පෝෂාදායි ආහාර දුන්නත් නූවාගේ ඇගට ඒ ආහාර මදි වුනා..
ඩොක්ටර් ලව්වා විටමින් පෙති ගත්තත් යාන්තම් නූවා කෙලින් කටින් හිටියා මිසක් ඉස්සර තරම් පිරිපුන් බවක් ඒ ශරීරයේ තිබුනේ නෑ..

නූවාගේ ඇඟ දිහා බලන ඕනම කෙනෙක්ට ෂාන්ට වුනත් හිතුනේ නූවාට මන්දපෝෂණය හැදිලා කියලයි..
ඒත් තාරූ දැන ගත්තා එයාගේ ඇගට වැහෙන අමනුස්ස ආත්මය නූවාගේ ඇඟේ සාරය උරා ගන්නා බව,
ඒ ආත්මය තව දුරටත් හොල්මනක් විදිහට නොපෙන්නෙන්න හේතුව ආත්මය යැපෙන්නෙ නූවාගේ ශරීරය මත නිසා කියලා තාරූට තේරුනා.

"ඩොක්ටර් නූවාත් ටිකක් බලන්න."

තාරූ කිව්වෙ එයාගේ චෙරි මලක් වගේ හිටපු නූවාගේ පරවෙලා ගිහින් තියෙන මූන දිහා බලාගෙන දුකින්..

ෂාන් නූවාව අසල තිබුන පුටුවෙන් වාඩි කරද්දී ඩොක්ටර් ඇවිල්ලා නූවාව පරීක්ෂා කරා..

"ඇඟ ගොඩක් දුර්වලයි..හොඳට කන්න."

ඩොක්ටර් කියන ඒවාට හිනා වුනා මිසක් නූවාගේ කටින් වචනයක්වත් පිට වුනේ නෑ..

"ඩොක්ටර්...තාරූගේ තුවාලේ අඩු වෙන්නෙ නැති වෙයිද."

"ම්ම්ම්ම්..ඔයා ගැන බැලුවොත් නරකද..තාරූටත් වඩා දැන් ඔයා දුර්වලයි."

ඩොක්ටර් තාරූ දිහා බලලා එහෙම කියද්දී තාරූ ඇස් වලින් නූවාට ඉඟි කරේ එයා හොඳින් කියලයි..
ඩොක්ටර් නූවාට බෙහෙත් ගොඩක් දීලා ගෙදරින් පිට වෙද්දී ඒ බෙහෙත් වලින් නූවාව සනීප කරන්න බෑ කියලා තාරූ දැන ගත්තා..

🩸HELP🩸(Jikook ff) *COMPLETE*Where stories live. Discover now