🩸Help 14🩸

74 17 2
                                    

තාරූ නූවාව රෝහලට ගෙනාපු ගමන් ඩොක්ටර්ස්ලා නූවාව තියටර් එක ඇතුලට අරන් ගියේ  තාරූ එතනම බිම දණ ගහගෙන අඬද්දියි.
තාරූගේ පිටුපසට වෙලා අර කෙල්ලත් නූවා ගෙනියන දිහා බලාගෙන හිටියේ හිස් බැල්මකින්..

"ගේගෙ..

ෂියැන් කවදාවත් නැතුව තාරූගේ උරහිස උඩින් අත තියලා ගෙගේ කියලා කතා කරද්දී තාරූ ඔහු දිහා බැලුවේ අසරණව.

"අපේ ෂින්ශෙන්ට මුකුත් වෙන් නෑ..එයාට ඉක්මනට සනීප වෙයි.බය වෙන්න එපා."

ෂියැන් තාරූ දෙන්නම එකම පන්තියේ වුනත් ෂියැන් තාරූට වඩා බාල වුනා..
තාරූගේ විදිහ කොහොම වුනත් ෂියැන් තාරූ එක්ක කතා බහ නොකර හිටියේ නෑ..ඒ නිසා තාරූට ෂියැන් ආගන්තුක වුනෙත් නෑ..

"ෂියැන් ස්තූතියි මාත් එක්ක ආවට."

"ස්තූති කරන්න එපා..මන් දන්නවා ගෙගේ අපේ නූවා ෂින්ශෙන්ට ගොඩක් ආදරෙයි කියලා..බය වෙන්න එපා එයාට මුකුත් වෙන් නෑ.."

ෂියැන් තාරූව නැගිටවලා අසල තිබුන බංකුවෙන් වාඩි වෙන්න උදව් කරා..
තාරූට වතුර බෝතලයක් දීපු ෂියැන් තාරූට එහා පැත්තෙන් වාඩි වෙද්දී ෂියැන්ට එහා පැත්තෙන් අර කෙල්ල වාඩි වුනා..ඒත් ෂියැන්ට ඇයව පෙනුනේ නෑ..
මේ වෙලාවේ තාරූගේ කේන්ති ගිය ලේ පාට ඇස් හැරිලා තිබුනේ ඒ කෙල්ල දිහාවට වෙනකොට ෂියැන් තාරූ බලන් ඉන්න පැත්ත බලලා කවුරුත් නැති තැන ආපහු ඉස්සරහ හැරුනේ නූවා ඉන්න තියටර් එක දිහා දුකින් බලාගෙන.

"ෂියැන් උබ දැන් ගෙදර පලයන්..හවස් වෙලානේ අම්මත් බය වෙයි..අනික තාම ස්කොලේ ඇදුම් පිටින්."

"එහෙනම් ගෙගෙ..මම ගිහින් රෑ වෙලා එන්නම්."

"හ්ම්ම්ම්."

තාරූගෙන් සමුගත්ත ෂියැන් රෝහලෙන් පිට වෙලා යද්දී තාරූ හැරුනේ අර කෙල්ල දිහාවට,

"උබට මොනවද ඕනි අපෙන්"

..............

"උඹට ඕනි දේ වුනානේ..ඇයි තවත් පස්සෙන් එන්නෙ."

..............

"උඹටයි මටයි නූවාටයි තියෙන සම්බන්ධෙ මොක්කද?"

................

"උඹ එදා මාව පණ පිටින් වලලපු දවසේ මාව මරලා දැන්මනම් ඉවරනේ."

🩸HELP🩸(Jikook ff) *COMPLETE*Where stories live. Discover now