මසකට ඉහතදී....
"ගෙගේ..මේ ඉන්නෙ මගේ පන ටික..එයාට බෑ මාව දාලා යන්න.
නූවා නැගිටින්න...අනේ මාව දාලා යන්න එපා..ඔයා කිව්ව නේද ඔයාගේ අහසේ පායන එකම හඳ මම කියලා..අහස නැතුව කොහොමද හඳක් පායන්නෙ..මන් උබට ආදරෙයි නූවා..මගේ පණටත් වඩා ආදරෙයි...අනේ නැගිටපන්...ආහ්..."තාරූගේ අත් දෙක උඩ අවසක් හුස්ම හෙළපු නූවාව පපුවට තුරුල් කරගෙන තාරූ ඇඬුවත්..
"නූවා..ඔයාගේ නාඩි වැටෙනවා.ගෙගේ..නූවාට පණ තියෙනවා."
"මොකක්...එහෙනම් ඉක්මන් කරන්න..තවත් පරක්කු වෙන්න බෑ.."
තාරූ එහෙමම නූවා හරහට වඩාගෙන පාර දිගේ දුවද්දී ෂාන් ඉක්මනට ගිහින් ටැක්සියටකට කතා කළා...
"ගෙගේ.රෝහලට යමු."
"නෑ තාරූ.මේවට හොස්පිටල් වල බෙහෙත් නෑ අපි යමු හාමුදුරුවෝ ළඟට."
එදා ෂාන්ගේ කීම නිසා තාරූ නූවාව ඩාලි වල පන්සලට එක්කගෙන ආවේ ගොඩක් බලාපොරොත්තු ඇතුවයි.
"ස්කෝලේ මහත්තයා ගොඩ ගන්න අමාරුයි..අමනුස්ස බලවේග නිසා එයාගෙ ඇගෙ කිසිම ශක්තියක් සාරයක් ඉතුරු වෙලා නෑ.ස්නායූ දුර්වල නිසා සනීප වුනත් කෙලින් හිට ගන්න කාලයක් යයි..
පිහි ඇනුම් පාරවල් නිසා අස්ථි බිදිලා..""අනේ හාමුදුරුවනේ මට නූවා පනපිටින් දෙන්න එයා කොහොම හිටියත් මට කමන් නෑ."
"ළමයෝ..බෙහෙත් කරන්නත් ස්කෝලේ මහත්තයට ශක්තියක් තියෙන්න ඕනි.අපි කරන බෙහෙත් වර්ග දරාගන්න පුලුවන් ශක්තියක් මේ ශරීරයට නෑ."
"හාමුදුරුවනේ කොච්චර කාලයක් ගියත් කමන් නෑ..උත්සාහ කරලා හරි බලන්න..අපි වෙනුවෙන්."
ෂාන් හාමුදුරුවන්ට බැගෑපත් වෙලා කියද්දී හාමුදුරුවෝ ඔවුන්ට එකඟ වෙලා නූවාට බෙහෙත් කරන්න පටත් ගත්තා.
ඒත් තාරූටවත් ෂාන්ටවත් පන්සලෙ රැඳෙන්න ඉඩක් හම්බුනෙ නෑ.හාමුදුරුවෝ තරයේ කියා සිටියේ ඔවුන්ට නිදහසේ නූවාට බෙහෙත් කරන්න ඕනි බවත් තාරූ ඒකට බාධාවක් බවත්ය..
අකමැත්තෙන් වුනත් ෂාන් තාරූව බලෙන්ම එක්කගෙන ආවේ නූවා පන්සලේ තනිකර දමාය..
YOU ARE READING
🩸HELP🩸(Jikook ff) *COMPLETE*
Horrorආදරේ කියා පෑවත් බිදෙන හිත්නම් කොතෙකුත් ඇතිද නොකියා කරන මේ ආදරේ ට මොනවා නන් වෙන්න බැයිද සීනිබෝලෙට මන් තරම් වෙන ආදරේ වෙන කෙනෙක් ඉන්නවා ද අසම්මතයක් වී දුක් නොවන්නට ආදරේ මන් සගවගන්නද???❤️🥺