"අත්තම්මා ඔයා අද වෙලාසන ආවද."
"සුදු පුතා මොකද මේ වතුර පිටින්."
"අත්තම්මා දන්නවනේ මූට තියෙන විසේ.."
මම උත්තර දෙන්නත් කලින් තාරූ පැනලා මට කලින් අත්තම්මට උත්තර දුන්නා..
අපි තාරූගේ නිවසට එනකොට හවස 7 විතර වෙලා තිබුනා..වෙනදට ආත්තම්මා එලවලු විකුනලා එන්නෙ රෑ 8.30 විතර වුනත් අද වේලාසනින් ඇවිත් තිබුනා.."මම ටිකක් වෙලාසන ආවේ පුතාට කන්න මොනවා හරි හදන්න..තුවාල වුනා කිව්වනේ..ඒත් කෝ තුවාලයක් පේන්නවත් නෑනේ සුදු මහත්තයගේ."
"අත්තම්මේ..ඒක චූටි තුවාලයක්..තාරූ බොරුවට බය වෙලා මාව රෝහලට අරන් ගියානේ..මුරන්ඩු කම."
"කොහොම හරි පුතා හොඳින්නම් මට සැනසීමයි."
ආත්තම්මා කෑම හදන්න කියලා කුස්සියට යද්දි තාරූ ආත්තම්මට උදව් කරන්න ගියා.මම කරේ තෙත රෙදි ටික මාරු කරලා වෙන ඇඳුමක් ඇදගෙන ලී පොලොවේ හාන්සි වුන එක..
මගේ ඇඟට හොඳයි කියලා මම තාරූට කිව්වත් තවමත් මගේ ඇග පිච්චෙන එක අඩු වෙලා තිබුනෙ නෑ..මට තිබුනේ කියා ගන්න බැරි පිපාසයක්,බඩකින්නක්.තාරූ ඉස්සරහ මට විහිලුවක් වෙන්න බැරි නිසා මගේ වේදනාව මම ඔහුට පෙන්නුවෙ නෑ.මම තවමත් කල්පනා කරේ කොච්චියේදී සිදුවුන දෙවල් ගැන.
මට තුවාල වුන වෙලාවේ ඉදන් ඩාලි එනකම් වුන දේවල් මම ඇස් පියාගෙන ආපහු සිහි කරා..ඒ හැම එකම ඇත්ත..ඒත් ඇයි ඒවා හීනයක් වගේ මගේ මනසේ විතරක් ඉතුරු වෙලා තාරූට අමතක වෙන්නෙ.නැත්තම් මට මානසික ලෙඩක්ද.
ඇස් පියාගෙන කල්පනා කර කර ඉන්න මගේ මූනට එක පාරටම උනුසුම් හුස්මක් වදිනවා වගේ දැනුන නිසා මන් ඇස් පියාගෙනම හිනා වුනා..
මන් දන්නවා මගේ මූන දිහා තාරූ බලන් ඉන්නවා කියලා.."මන් හිතුවෙ නිදි කියලා..බැලින්නම් බොරුවට ඉදලා තියෙන්නෙ."
"මම කල්පනා කරා.."
"ම්ම්ම්..කොහොමද මන් කියලා දැන ගත්තේ."
"මට පුලුවන්."
"කොහොමද කියන්නකෝ."
"ඒක මගේ සහජ හැකියාව තාරූ."
මන් නැගිටලා තාරූගේ මුනට එබිලා ඇහුනේ හිනාවෙන ගමන්..තාරූ ඇයි මගේ ඇස් මඟ අරින්නෙ..එයා මන් දිහා බලන්නවත් කැමති නැද්ද.එයාට මාව පිස්සෙක් වගේ පේනවද.
YOU ARE READING
🩸HELP🩸(Jikook ff) *COMPLETE*
Hororආදරේ කියා පෑවත් බිදෙන හිත්නම් කොතෙකුත් ඇතිද නොකියා කරන මේ ආදරේ ට මොනවා නන් වෙන්න බැයිද සීනිබෝලෙට මන් තරම් වෙන ආදරේ වෙන කෙනෙක් ඉන්නවා ද අසම්මතයක් වී දුක් නොවන්නට ආදරේ මන් සගවගන්නද???❤️🥺