🩸Help 13🩸

95 16 0
                                    

"නූවා.....නූ.....වා"

ඈතින් ඇහෙන තාරූගේ කටහඬ සිහිය නැතිව ඉන්න මගේ කන් ඇතුලේ දෝංකාර දෙන්න ගත්තා.
මට මගේ මුලු ඇඟම නෑ වගේ දැනෙනකොට වතුර පොදක් ඉල්ලලා මම දිව දික් කරා...

යටිබඩින් එන වේදනාවත් ඇගෙන් වහනය වන රුධිරයත් එක්ක එන්න එන්නම දුර්වල වෙන මම පොලොවේ පස් කාගෙන ඇස් පියාගෙන ඉන්නෙ නැතුව ඉන්න උත්සාහ කරා...

"තා.....රූ....

මගේ තොල් මිමිණුනේ තාරූගේ හඬ මගේ ලඟින්ම ඇහුන නිසයි.

පාසලෙන් එලියෙ හිටපු නිසා තාරූ මාව හොයාගෙන එයිද නැද්ද කියලවත් මට විස්වාසයක් තිබුනේ නෑ..ඒත් තාරූ මාව හොයාගෙන ඇවිල්ලා තිබුනා..

"නූවා කොහෙද දෙයියනෙ ඉන්නෙ..කතා කරන්නකෝ"

එයා මට කතා කරන්නලු.මම කොහොමද තාරූ කතා කරන්නෙ..

"නූවා...ෂින්ශෙන්."

තාරූ මම මෙහේ කියලා මට කට ඇරලා කියන්න තිබුනනම්..
මෙහෙම වේලාවක හැමෝටම මතක් වෙන්නෙ තමන්ගේ අම්මව ඒත් මට මගේ කියලා පිහිටට හිටපු එකම කෙනා තාරූ නිසා මගේ හිත කතා කරේ තාරූට විතරමයි.

"නූවා...

තාරූගේ හඬේ තිබුන බය,වෙව්ලන කටහඬින් මට තේරුනා තාරූ මාව ගොඩක් වෙලා හොයලා කියලා..
තවත් මට මෙහෙම ඉන්න බෑ.සමහර විට තාරූ මාව දකින එකක් නෑ.
පුලුවන් තරම් වෙර අරගෙන මම තනකොල ගස් ටිකක් අතින් මිරිකගෙන නැගිටින්න හැදුවත් මගේ ඉනෙන් පහල මටවත් දැනුනේ නෑ..

උබලා මාව විනාස කරා...

අත්තම්මා මේ ලෝකේ නැති එක කොච්චර දෙයක්ද.
එයා හිටියනම් ඒ මනුස්සයා මැරෙන්නෙ මේවා දැකලා..

දැන්නම් මට ජීවත් වෙන්න කිසිම ආසවක් තිබුනේ නැතිකොට තාරූ කතා කරන එක අහගෙන මගේ අවසන් හුස්ම එතන යනකම් ඉන්න තීරණය කලා.

මෙහෙම දෙයක් වෙලා තවත් මොකටද ජීවත් වෙන්නෙ.
මගෙන් ඇති වැඩේ මොක්කද.
ඒත් තාරූ..
ඔයා එක පාරක් මාව විස්වාස කරලා මගේ පැත්ත ගත්තනම්,
එහෙනම් මට ඒ කෙල්ලට ඇහුම්කන් දෙන්න තිබුනා.
ඔයාටවත් මටවත් මේ තරම් දුක් විඳින්න වෙන්නෙ නෑ එහෙනම්.
ඒත් දැන් අපි දෙන්නම පරක්කු වැඩි තාරූ.
ඒ කෙල්ල මාව අත අරින්නෙ නැත්තම්,
මන් මගේ ජීවිතේ අත අරින්නම්.

🩸HELP🩸(Jikook ff) *COMPLETE*Where stories live. Discover now