~පැඟිරි පිච්ච... (ඇරඹුම)

136 13 6
                                    

"අංක 251.රැඳවිය කිම් ජන්මි.සිය කුඩම්මා සහ පියා ඝාතනය යන චෝදනාව යටතේ දකුණු කොරියානු නව නීති පනතේ එන 118 වන වගන්තියට යටහත්ව 2024.05.19 වන දින එල්ලුම් ගහට නියම කරවා ඇති බව මෙයින් දැනුම් දෙමු."

නොදැනීම ලොකු උනුහුමක් එක්කම තෙත් බවක් මගෙ කම්බුල් හරහා යද්දි ටිකකට මහා වේදනාවකින් කෑ නොගහා අඩන මගේ පපුව තද කරන් තොල හපාන මම ඊලගට වැටෙන්න නියමිත කදුල ආපස්සට ඇදගත්තෙ අවුරුදු 25ක් උනු මගේ කෝටිපති ඒත් සිරකාර දිවියේ අවසානය වැඩි ඈතක නැති බව මට අහන්න ලැබුනු නිසා.කොහොම නම් මන් විශ්වාස කරන්නද සීරීමක්වත් වෙන්න නොදී මගේ අප්පා බලාගත්ත එයාගෙ දුව තව ටික දවසකින් අනාතයෙක් විදිහට එල්ලුම් ගහේ අවසන් හුස්ම හෙලනවයි කියන එක.

"ජන්මිට හුගක් රිදෙනවා අප්පා."

මට ඒ දේ කෑගහලා කියන්න හිතුනත් ආයෙ කවදාවත් අඩද්දි උරහිස දෙන්න ඒ උනුහුම මගෙ ලගට නොඑන විත්තිය මන් හොදින්ම දැනන් උන්නා.

"මන් මේ කරන්නෙ වැරැද්දක්ද අප්පා? බැරි වෙලාවත් ජන්මි අප්පට රිද්දෝනවවත්ද? ඒත් මන් වෙන මොනා කරන්නද අප්පා? මන් දන්නවා අප්පා කොහෙට හරි වෙලා මන් එනකන් බලන් ඉන්නවා.අප්පගෙ රෝස මල ඉක්මනටම එනවා.ඉක්මනටම.."

හිතට දැනෙන මහා විඩාබර හැගීමත් එක්ක හැගීමක් දැනීමක් නැතුව ඉදිරියට ඇදෙන කකුල්වලටත් මාව පරිස්සම් කරන් ආපු සිරපල්ලන්ටත් පින් සිද්ද වෙන්න මන් ආවෙ මගේ ජීවිත නැවතුම්පොළේ අවසන් ගිමන්හලට.

"හරියටම කූරු 36යි"

මන් ඒක හැමදාම ස්ථිර කරගත්තු ලොකු ඇත්තක්.ඒ අහිංසක සතුට අස්සෙ හිර වෙලා උන්නු මට ඇහුනේ ඒ බයානක සද්දේ.

"දැන් මදෑ නිදාගත්තා.යමු එහෙනම් තව වැඩ තියේ ඕනෑතරම්."

ජේලර් එනවා.සුපුරුදු හඬ ආයෙත් ඇහුනා.ඒත් ඇයි එයා අද මාව ගනන් නොගෙනම පහු කරන් යන්නේ.මට අහන්න ඕන උනත් අයිතියක් නෑ ඒ දේට.මන් හිරකාරියක්.අපරාදකාරියක්.මිනීමරුවෙක්.ඒ ජේලර් උන්නැහේ කෙනෙක්.එයා වැරදි දන්නෙත් නැතුව ඇති.ඒකනේ අපිට එහෙම සලකන්නේ.

"අංක 251 ඇර හැමෝම බහිමු එළියට."

ආයෙ එයා කෑගහනවා.ඒත් මොකක්ද ඒ කියන්නේ.ඇයි මන් විතරක් ඇතුලෙ ඉන්නෙ.තව දවස් දෙකක්ම තියෙනවනේ.

හැමෝම ටිකෙන් ටික එළියට බැහැලා ඉවර වෙනකන් මන් ඒ ප්‍රශ්නෙට උත්තර කල්පනා කරන්නැති.ඒත් අන්තිමට ඒ හැමදේම ඉවර උනේ අවි අමෝරාගෙන මා දිහාවට ආපු අර වදකයො ටික දැකලා.එත් ඒ මූණු හුගක් වෙනස් අද.ඇයි ඒ?

"අංක 251.රැඳවිය කිම් ජන්මි.නිළදාරි ජොන් වූන් හා කිම් ජූන් විසින් අවසන් කැමැත්ත බාර ගැනීමට පැමිණි බව දැනුම් දෙමි."

මෙච්චර කල් උඹලගෙ වද හිංසා විඳලා ජීවිතේ එපා උනු මට මොන අන්තිම කැමැත්තක්ද බන්.ඒත් මේක අන්තිම වතාව මේ ජීවිතේදි මන් ලබන.ඉතින් මමත් කැමතියි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න.එක කෙනෙක් වෙනුවෙන්.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

හනා,දුල්,සෙත්.....

.
.
.
.
.
.
.
.
.

අධිකරණ වෛද්‍ය ජොන් යූ හා මරණය තහවුරු කිරීම.2024.05.19 පස්වරු 2.31.











_මතු සම්බන්ධයි ✍_

||පැඟිරි පිච්ච 💮||Where stories live. Discover now