"මින්සු"
මන් කතා කලේ ටිකෙන් ටික මගෙ තුරුලට වෙලා ඇස් අරින මින්සුට.
"තේහ්යුන්"
"තාම අමාරුද?"
"දැන් ටිකක් අඩුයි වගේ."
"ඕකේ එහෙනම් අපි මොනවා හරි කාලා ඉමු."
"කන්න බෑ වගේ."
"ඩොක්ට කිව්වා කෑවොත් අඩු වෙයි කියල ඉක්මනට.ඒ නිසා කමු ටිකක් හරි.මන් කවන්නම් එන්නකො"
මන් එහෙම කියාගෙනම මින්සුව අල්ලන් පඩිපෙල බැස්සා.එයත් ඔහේ මගේ අතේ පැටලිලා මන් පිටිපස්සෙ ඇදිලා ආවා.අපි නැවතුනේ කෑම මේසෙ ලග.මන් කෑම ටිකක් ප්ලේට් එකකට බෙදලා පුරුදු විදිහටම එයාට කවන්න පටන් ගත්තා.එයා ටිකක් අමාරුවෙන් උනත් කෑම ඔක්කොම කාලා ඉවර උනාට පස්සෙ මන් ආවෙ මින්සුව එක්කන් අපේ කාමරේට.
කාමරේට ආපු ගමන් මින්සු ඉදගත්තේ ඇඳ උඩින්.එයාට හුගක් මහන්සි පාටයි.ඒත් ඇයි ඒ.මට බයයි.මොනවා හරිම අමාරුවක් නිසයි එයා ඒ විදිහට ඉන්නෙ කියන්න මට තේරෙනවා.මන් ගිහින් මින්සුට ටිකක් එහායින් ඇදෙ ඉදගත්තා.මින්සු මාව ගානක් නොවුනු විදිහට ඔහේ බිම බලන් කකුල් වනනවා.
"මින්සු"
"හ්ම්ම්"
"මියන්හේ."
"මොකටද?"
මින්සු ඇහුවේ අහක බලන් හිනාවෙන ගමන්.
"ඔයාගෙ බඩේ ඉන්න කෙනා වෙනුවෙන්."
"ඇයි එයා වෙනුවෙන් සමාව ඉල්ලන්නේ."
"එයා නිසා ඔයාට නැති උනු දේවල්වලට මට සමාවෙන්න.ඒ වෙනුවෙන් මන් ඔයාට උපරිම ගෙවන්නම්.ඔයා කැමති දෙයක් කියන්න."
"මුලු ජීවිත කාලෙම මට කවන්න පුලුවන්ද?"
"ම්වො"
"ඇයි බැරිද?"
"අනියා"
මන් එහෙම කිව්වම එයා ටිකක් හයියෙන් හිනා වුනේ මගෙ මූන දිහා බලන්.
"තේහ්යුන්"
"ඕ"
"ඔයා හරි කියුට්"
"ඇත්තටම? මට කවුරුත් කලින් කියලා නෑ.අඩුම චූටි කාලෙවත්"
"ඒත් ඔයා හුරතල්"
YOU ARE READING
||පැඟිරි පිච්ච 💮||
Fanfiction"ඇයි මොනවා කරන්නද? මරන්නද? මරපං ඉතින්.උබට දාව මගේ බඩේ ඉන්න මේ ලමයා එක්කම මරලා දාපන්.මේකව බඩේ තියන් තමුසෙගෙ කටේ බලේට ජීවත වෙනවට වඩා ඒක සැපක් මට." (jeon minsu) "තේහ්යුන් මගෙත් එක්ක තරහින්ද? එහෙම නම් මන් ආයෙ තේහ්යුන්ගෙන් අහන්නැතුව ජන්ග්මිව ගන්නැතුව ඉන...