පැඟිරි පිච්ච ~02

85 10 8
                                    

කාර් එකට ගොඩ වෙලා පැය බාගයක් වොතර යද්දී අපි ලං වුනේ කොරියාවෙ තිබුනු හොදම හෝටලය ගාවට.අපි ආව ගමන් මින්සු කා එකෙන් බැහැලා මාව නොදැක්ක ගානට දිව්වේ හෝටලය ඉස්සරා තිබුනු වතුර මල ගාවට.එයා තෙමෙනවා.එයා ගොඩක් සතුටින් ඒ දේ කරනවා.හිනා වෙවී කෑගහනවා.එයාට ඒක ලොකු සතුටක් වගේ.

මිනිස්සු කොච්චර උන්නත් එයාට ගානක් නෑ.මමත් එයාගේ සතුටට බාධා නොකලේ මොනවා උනත් මින්සුව රිද්දවන්න මට උවමනා නොවුනු නිසා.මම එයාට මුකුත් නොකියම හෝටලයට ඇවිත් අපේ කාමරයේ යතුර අරගත්තේ මින්සුව එක්ක එන්න කියලා ඩ්‍රයිවට කියන ගමන්.

"චූටි මහත්තයා මින්සු නෝනා එයිද?"

මගේ පෞද්ගලික ඩ්‍රයිව උන යුන්හා මගෙන් එහෙම ඇහුවේ එයා උනත් මින්සුගේ ගතිගුණ ගැන හොදටම දන්න නිසා.ඒත් මන් දන්නවා යුන්හා තියා එයාගේ හස්බන් උනු මන් කිව්වත් එයාට උවමනා නැත්තම් එයා නො එන බව.

"යුන්හා ටිකක් උත්සාහ කරන්නකෝ.නාවොත් මට කතා කරන්න."

මන් යුන්හගේ පිටටත් තට්ටුවක් දාගෙන ආවෙ අපිට වෙන් වුනු කාමරයට.ඒක හරි අපූරුවට සරසලා තිබුනා.ඒත් මොකටද.මධුසමයක් තියා හෙට ඉදන් එක මේසෙක කන්නවත් එයා මන් එක්ක ඉඳීද කියන එකයි මට තියෙන බය.මන් රෝස පෙතිවලින් පිරුනු ඇදේ රෝස පෙති එහාට මෙහාට කරලා හාන්සි උනේ ගතෙන් වඩා හිතින් මට දැනෙන අමාරුව නිවෙනකල්.ඒත් එකපාරටම මගේ ෆෝන් එක නාද උනත් එක්කම මම ඒකට අවධානෙ යොමු කලා.

"ඔව් යුන්හා කියන්න."

"චූටි මහත්තයා මින්සු නෝනා එන්නෙ නෑනේ.එයා මේ බංකුවක් උඩ වාඩි වෙලා බොනවා."

"බොනවා? පිස්සුද එයාට.හරි යුන්හා ටිකක් ඉන්න මන් එන්නම් ඔතනට."

මන් ෆෝන් එකත් විසික් කරලා දිව්වේ මින්සු මුන ප්‍රශ්නයක් දාගනීද කියන බය නිසා.

"මින්සු ඇයි මේ.කරුණාකරලා අපි කාමරේට යමු."

"ඉන්න දීලා යනවා හලෝ.මට බොන්න ඕනෙ."

"ඔයාට බොන්න ඕන්නම් යන් රූම් එකට.මැරෙනකල් බොන්න ඒකට වෙලා මන් මුකුත් කියන්නෑ."

||පැඟිරි පිච්ච 💮||Where stories live. Discover now