රෝහල් කාමරයෙන් එලියට ආපු මම ඔලුව හැරුනු අතේ ඇවිද්දා.මන් වෙන මොනවා කියලා කරන්නද? ජීවිතේ මට ලැබුනු එකම සෙනෙහසත් මගෙන් දුර ඈතකට යන්න ගිහින්.මට දැනුනේ මගෙ මුලු ලෝකෙම කඩා වැටුනා වගේ හැගීමක්.ඔව් දැන් මගෙ ලෝකෙම කඩන් වැටිලා ඉවරයි.මට තවත් ජීවිතයක් මොකටද?
ආයෙ ආයෙ ඒ ප්‍රශ්නෙම මම මගෙන් අහගත්දි මට ඕනෙ උනේ තවත් මේ දුක විද විදා ජීවත් නොවී මැරිලා යන්න.ටිකෙන් ටික මගේ කකුල් මාව අරන් ආව ගග දිහා පාලම ලගට වෙලා බලන් උන්නු මන් ටිකෙන් ටික මගෙ කකුල ඉස්සරහාට ගෙනිච්චෙ මේ දුකේ අවසානයක් හොයන්.ඒත්....
"යාහ්හ් මෝඩ කිම් තේහ්යුන්."
"මින්සුයා"
මන් අනිත් පැත්ත හැරුනේ මට ඇහුනු ඒ හුරුපුරුදු හඬ නිසා.ඔව් ඒ මගෙ මින්සු.මන් දැක්කේ මගේ දිහා බලන් ඉන්න මගේ මින්සුව.එයා කේන්තියෙන් හුගක් කේන්තියෙන්.ඒත් ඇයි ඒ.
"තමුන් මොකක්ද ඔය කරන්න හදන්නේ."
"ම්..මි..මින්සු"
"මින්සු තමා.කියනවා මොකක්ද ඉතින් ඔය කරන්න ගියේ.තමුන්ට ඕනෙ පව්කාරයෙක් වෙන්නද? මතක තියාගන්නවා මෝඩ තේහ්යුන් තමුන් මට වෙච්ච පොරොන්දුව.තමුන් මට කිව්වා මගෙ දුවව හොඳින් බලාගන්නවා කියලා.මතකද මට කිව්වා අපේ දුවට අපිට වගේ ආදරේ හොය හොයා අසරණ වෙන්න දෙන්නෑ කියලා.කිව්වා නේද මට එයාව ඔයාගෙ පණටත් වඩා රකිනවා කියලා.මන් ඒ හැමදේම විශ්වාස කරලයි මගෙ දෝණිව ඔයා ලග තියලා යන්නේ තේහ්යුන්.ඔයා අපේ දෝණිව අතාරිනවද? ඔයා එයාට වෙනස්කම් කරනවද තේහ්යුන්.අනේ ඇයි.ඒ නොදරුවා දන්න කිසිම දෙයක් නෑ.ඒ ඔයාගෙ රෝස මල නේද තේහ්යුන්.ඉතින් ඔයාට පුලුවන්ද ඔයාගෙ රෝස මලට මේ විදිහට කරන්න.
එයාගෙ ඔම්මට වගේම මගේ රෝස මලටත් හුගක් රිදෙයි තේහ්යුන් ඔයා මේ කරන වැඩ නිසා.චේබල් එයා ලගට යන්න.යනවා නේද? මට පොරොන්දු වෙන්න එයාව බලාගන්නවා කියලා."
"ම්..මන් පොරොන්දු වෙනවා.අනේ ඒත් යන්න එපා මින්සු චේබල් මාව දාලා යන්න එපා."
මන් කොච්චර ඇඩුවත් එයා කලේ මන් දිහා හිනා වෙලා බලන් උන්නු එක විතරයි.ඒත් එක්කම මගේ අවධානෙ වෙනස් උනේ මගේ ෆෝන් එක නාද උනු නිසා.
YOU ARE READING
||පැඟිරි පිච්ච 💮||
Fanfiction"ඇයි මොනවා කරන්නද? මරන්නද? මරපං ඉතින්.උබට දාව මගේ බඩේ ඉන්න මේ ලමයා එක්කම මරලා දාපන්.මේකව බඩේ තියන් තමුසෙගෙ කටේ බලේට ජීවත වෙනවට වඩා ඒක සැපක් මට." (jeon minsu) "තේහ්යුන් මගෙත් එක්ක තරහින්ද? එහෙම නම් මන් ආයෙ තේහ්යුන්ගෙන් අහන්නැතුව ජන්ග්මිව ගන්නැතුව ඉන...