මන් දුවවත් අරන් බලන් හිටියෙ මිස් මාස්ගි ඇඳ ලෑස්ති කරනකල්.ඉක්මනටම අපිට කාමරේ ලෑස්ති කරලා මිස් මාශි පිටත් උනාට පස්සෙ මන් දුවත් එක්කම එහෙම්ම නින්දට වැටුනේ ඇගට ආපු මහන්සියට.
.
.
.
.
.
.
.
.ඇගට වගේම හිතටත් අමුතුම විදිහට දැනුනු විඩාබර වගේම සැහැල්ලු හැඟීමක් එක්කම මන් මගේ හිරි ඇරියේ කාලෙකට කලින් මගෙ ජීවිතේ මන් වැඩියෙන්ම ආස කරපු දෙයක් මන් ලග තියෙනවා මට දැනුනු නිසා.
"මිස් මාශිට තාමත් මතකයි වගේ."
බොහොම යාබදව දැනුනු ලැවැන්ඩ(ර්) මල් සුවඳත් එක්කම මන් ඇස් පියාගෙනම කතා කලේ මිස් මාශිට.ඒත් මට පිළිතුරු ලැබුනු හඬ මාව දුර ඈතකට අරන් ගියා කිව්වොත් හරි.
"එහෙනම් ඇත්තටම තේහ්යුන් මේ මල්වලට කැමතියි.අද ඉදල හැමදාම මේ මල් මේ කාමරේ තියේවි."
ඒ නුපුරුදු හඬ මට ඇහෙනවත් එක්කම මම කලේ මොහොතින් ඇදෙන් නැගිටපු එක.කව්ද මේ? මට අහන්න ඕන උන දේට අහන්නත් කලින්ම එයා උත්තර දුන්නා.
"මම චෝයි මියා.දැනට නම් එච්චරයි.ඒත් ඉක්මනට හුගක් විස්තර එකතු වෙයි.ඉක්මනට ලෑස්ති වෙලා පහලට එන්න.මන් වගේම කිම් අන්කලුත් බලන් ඉන්නවා."
පැත්තක තිබුනු මල් පොකුර වටේ අත ගෙනිච්ච එයා එහෙම කියාගෙනම කාමරෙන් යද්දි මන් උන්නෙ ඊළඟට වෙන්න යන දේ අනුමානය කරන ගමන්.
"මොන නාඩගමක්ද දන්නෑ අප්පා ආයෙ නටන්න ලෑස්ති වෙන්නෙ."
මන් මල් පොකුර කුණු බඳුනට දාන ගමන් මටම කියාගත්තේ හුගක් කේන්තියෙන්.තේහ්යුන් කියන සෙල්ලම් බඩුව ආයෙ අප්පා විකුනන්න යනවා කියන එක ආයෙත් සැරයක් මට දැනෙද්දි මන් බැලුවේ ඇඳ ලගින්ම තිබුණු තොටිල්ල දිහා.
"ජන්මි"
මගේ කටින් පිටවුනේ නිරායාසයෙන්.හුලගට ඔහේ පැද්දෙන තොටිල්ල හිස් වෙද්දි මන් දුවගේ නමත් කියාගෙන එලියට දිව්වා.මට වැඩි දුරක් යන්න නොවුනේ මන් දැකපු දේ නිසා.
"ඔයා."
"තාම ලෑස්ති වුනේ නැද්ද? අපි නම් කෑමත් කෑවා නේද ජන්මි."
YOU ARE READING
||පැඟිරි පිච්ච 💮||
Fanfiction"ඇයි මොනවා කරන්නද? මරන්නද? මරපං ඉතින්.උබට දාව මගේ බඩේ ඉන්න මේ ලමයා එක්කම මරලා දාපන්.මේකව බඩේ තියන් තමුසෙගෙ කටේ බලේට ජීවත වෙනවට වඩා ඒක සැපක් මට." (jeon minsu) "තේහ්යුන් මගෙත් එක්ක තරහින්ද? එහෙම නම් මන් ආයෙ තේහ්යුන්ගෙන් අහන්නැතුව ජන්ග්මිව ගන්නැතුව ඉන...