"ඔහ්... මගෙ මැණික ආසද ඒකට."
මන් ඇහුවේ චූටි දුවගේ නහයට මගෙ නහය තියල පිරිමදින ගමන්.එයා නම් අද හරි සතුටින්.කට පුරා හිනා වෙනකොට පේන දත් අතරින් පතර පීදුනු කට දැක්කම මට නිකන්ම හිනා ගියේ මේ කෙල්ලගේ හුරතලේ දැකලා.මන් කියන දේවල් තේරෙනවා වගේ මගේ පපුව උඩට වෙලා එයා හින වෙනවා.
"ආ..ව්.ඌයි අයියෝ.රිදෙනවා අප්පට."
මන් කෑගැහුවේ චූටි දත් අතරට අහුවුනු මගේ කන්වලට දැනුනු රිදුම නිසා.මන් කෑගහද්දි එයාට තවත් හිනා.දෙන්න හිතයි චූටි පස්ස තැලෙන්න.
"රෝසමලට හරි සතුටුයිනේ අප්පට රිදුනම.මෙහෙ එනවා යන්න හබුන් ටිකක් කන්න."
මන් එහෙම කියලා මගේ පපුවේ උන්නු දෝණිවත් අරන් ඇදෙන් නැගිටලා කෙලින්ම ගියේ කිචන් එකට.කිචන් එකට යනකොලුත් මගෙ කන කෙලවලින් නාවන්න නම් රෝස මල අමතක කලේ නෑ.
"යාහ්හ් නෝටි කෙල්ල.කෙල එකයි.ඉන්නවකො මගෙ කන කාලා බත් නොකෑවොත්නේ බලාගන්නේ."
මන් බොරුවට රෝසමලට බැන බැනම ගිහින් ලිපෙන් වතුර එකක් තිබ්බා.වතුර එකට සෝදපු අල ගෙඩි දෙකකුත් දාපු මන් ඇවිත් අල තැම්බෙනකල් සාලෙන් වාඩි උනේ රෝසමලව බිමින් තියලා.
එයා ආසම බිම ඉන්න.එයාට හිතුන හිතුන පැත්තට දන ගගා ගිහින් එයා සෙල්ලම් කරන්නෙ හරි සතිටෙන්.ඒත් මට නම් දැනෙන්නේ ලොකු බයක්.කොයි වෙලේ ඔලුව කොහෙ හරි වද්දගනීද කියන බයයි මේ දග මල්ල බිම තියපු වෙලේ ඉදලා මට දැනෙන්නේ.මමත් එයාට අවධානේ දීගෙන උන්නේ එයාගෙ සතුට දැකලා හිනා වෙන ගමන්.
ඒත් මගේ හිතේ සතුට දුකක් වෙන්න වැඩි වෙලාවක් නොගියේ දෝණි කරපු එක වැඩක් නිසා.ඔහේ එහාට මෙහාට හිනා වෙවී දනගගා උන්නු කෝලම එක පාරටම සාලෙ එක තැනක නැවතිලා බිත්තිය දිහා බලන් උන්නේ ලොකු පුදුමයකින් වගේ.
"චූටි දෝණි."
මන් එහෙම කියන ගමන් එයා ලගින් ගිහින් වාඩි උනා.එයා බලන් උන්නේ වෙන මොකවත් දිහා නෙවේ එයාගෙම ඔම්මා දිහා.ඔව් රෝසමල බලන් උන්නේ බිත්තියේ තිඹුණු මගේ මින්සුගේ ෆොටෝ එක දිහා.ජීවිතේට ඒ රුව නොදැක්කත් මාස දහයක් එයාව කුසේ දරාගෙන උන්නු ඒ රූපේ හුරුව මැණිකට දැනුනා කියල මට හිතෙද්දි දෝණි එයාගෙ අත ඒ රුපේ දිහාට දික් කලා.
YOU ARE READING
||පැඟිරි පිච්ච 💮||
Fanfic"ඇයි මොනවා කරන්නද? මරන්නද? මරපං ඉතින්.උබට දාව මගේ බඩේ ඉන්න මේ ලමයා එක්කම මරලා දාපන්.මේකව බඩේ තියන් තමුසෙගෙ කටේ බලේට ජීවත වෙනවට වඩා ඒක සැපක් මට." (jeon minsu) "තේහ්යුන් මගෙත් එක්ක තරහින්ද? එහෙම නම් මන් ආයෙ තේහ්යුන්ගෙන් අහන්නැතුව ජන්ග්මිව ගන්නැතුව ඉන...