පැඟිරි පිච්ච ~06

51 7 2
                                    

මන් උදෙන්ම නැගිටගත්තේ අද මින්සු වෙනුවෙන් මගෙ උපරිම කරන්න හිතාගෙන.ඔව් මමත් දැන් තාත්තෙක් විදිහට හිතන්න අරන්.මට ඕනෙ දැන් හොදම දේ මින්සුට වගේම මගෙ දරුවටත් දෙන්න.මන් කුස්සියට ගිහින් පුලුවන් උපරිම මහන්සි වෙලා මින්සු වෙනුවෙන් හොද කෑම වේලක් හැදුවා.කෑම එකත් අරන් මන් කාමරයට යද්දිත් මින්සු උන්නෙ නිදාගෙන.

"මින්සු... මින්සු.."

"හ්ම්ම්.."

මගෙ කටහඩ ඇහුන මින්සු බෙඩ්ශීට් එක ටිකක් එහාට කරලා හුගක් අපහසුවෙන් ඇස් ඇරලා මන් දිහා බලන් උන්නා.

"ගුඩ් මෝනින්.නැගිටලා වොශ් එකක් දාගන්න."

මන් එහෙම කිව්වම ඇදෙන් නැගිටලා නාන කාමරය පය තියපු මින්සු දිහා මන් බලාන උන්නෙ හිතේ ලොකු සන්සුන්කමක් ඇති වෙද්දි.ඊයෙ තිබුනු හිතුවක්කාර පාට ටිකක් අඩු වුනු හැසිරීම මගෙ හිතට ලොකු සැනසීමක් ගෙනාවා.විනාඩි කිහිපයක් යනකොට වොශ් එකක් දාගෙන ඇවිත් මගෙ ඉස්සහින් හිටගත්තු මින්සු මොනවදෝ කියවන්න පටන් ගත්තා.

"මට බේත් අරන් ඕනේ.වමන යන්න එනවා,බඩ රිදෙනවා,ඔලුව රිදෙනවා,කලන්තෙ වගේ,ඇග රිදෙනවා.මට බෑ."

අඩන්න ඔන්න මෙන්න වගේ මගෙ ඉස්සරහාට වෙලා කියද්දි මට දුක නොහිතුනාමත් නෙමේ.

"ඕකේ අපි කාලා ඩොක්ටට කතා කරමු."

මන් ටිකක් හිමීට කිව්වම ආයෙ මොනවදෝ කියන්න පටන් ගත්තා.

"කන්න බෑ වමනෙට එනවා.මට නිදිමතයි තේහ්යුන්."

"හරි කාලා නිදාගමු.ඩොක්ටටත් මන් එන්න කිව්වා."

"ඕකේ යන්."

මාත් එක්කම පඩිපෙල බැහැල ඇවිත් කෑම මේසෙන් වාඩි උනාම මන් ප්ලේට් එකකට කෑම බෙදලා දුන්නා.ටිකක් වෙලා ප්ලේට් එක දිහා බලන් ඉදලා ආපහු මගෙ මූන දිහා බැලුවම මන් ඇස් වලින් ඇහුවෙ ඇයි කියලා.

"කවනවද?"

"කමක් නැද්ද?"

"කමක් නෑ."

මට පුදුම හිතුනත් මන් ප්ලේට් එක අතට අරන් මින්සුට කෑම කවන්න පටන් ගත්තා.කීපසැරයක්ම ඔක්කාරයට ආවත් කවපු කෑමවලින් බාගයක්ම කාපු මින්සු කාලා ඉවර උනු ගමන් කලේ කෑම මේසෙ උඩම ඔලුව තියාගත්තු එක.

||පැඟිරි පිච්ච 💮||Where stories live. Discover now