හරියටම අදට මාස 3යි.අපේ පුංචි රෝස මල අපි ලගට ඇවිත්.උදෙන්ම නැගිටපු මම වගේම මින්සුත් ලෑස්ති උනේ ඒ සතුට සමරන්නයි.
"තේහ්යුන්"
"හ්ම්"
මන් මින්සුට පිලිතුරු දුන්නේ එයාට කවන ගමන්මයි.
"අද මට අයිස්ක්රීම් ගොඩක් ඕනෙ හොදේ"
"බේබි ඔයාට වැඩිය කන්න හොද නෑ.එකක් විතරයි ඕකේ.."
"එහෙනම් ඔයා තනියෙන් යන්න පාක්.මේක මල වදයක් උනානෙ.ඔයාගෙ වයිෆ් මමද එහෙම නැත්තම් අර මට අරක කන්න එපා මේක කරන්න එපා කියන ඩොක්ටද?"
"ඕකෙ ඕකෙ ඕකෙ.. එහෙනම් 2යි හරිනේ.අපෝ කට වහන් කනවා.ඇත්තමයි මට තේරුම් ගන්න බෑ ඔය බඩේ ඉන්න ලමය කොහොම නම් ඔය බඩේ ඉන්නවද කියලා.දෙදරනවා වගේ ඇති නේද?"
"යාහ්හ් ගොබ්බ කිම් තේහ්යුන්.තමුන්ට මාව විහිලුවක්ද ආ"
"ආහ්හ්හ් අනියා.. බබා.මට කවදද අනේ ඔයාව විහිලුවක් උනේ.කාල ඉවරනේ අපි යමු එහෙනම්.ඒත් අද සීතලයි."
"මන් ආසයි සීතලට.ඒ නිසා ගොඩක් හොදයි අපි යන්."
එහෙම කියාගෙනම මින්සු වතුරත් බීලා නැගිට්ටම අපි පිටත් උනේ සෝල් උද්යානයට යන්න.සීත ඍතුව නිසා වැටුනු හිමවල සීතල විදගන්න අකමැති උනු හැමෝම වගේ උන්නේ ගෙවල් අස්සේ.ඉදලා හිටලා පාර පිරිසිදු කරන මනුස්සයෙක්ගෙ විඩාබර මූන ඇරුනම පේන්න වෙන කවුරුත් නොහිටපු උද්යානයේ නිස්කලංක බව විදින ගමන්ම මම ගියේ උද්යානය කෙලවර තිබුණු හැමදාම අපිට වෙන්වුනු ලී බංකුව ලගට.
බංකුව දුටු සැනින් ඒ පැත්තට දුවපු මින්සු බංකුව උන ඉදගත්තේ ඒ බංකුව එයාගෙ අයිතියක් කියලා හිතලා වගේ.සීතල හිමෙන් ආරක්ෂා වෙන්න ඇදපු හිම කබායත්.උනුසුම රැකගන්න දාන් උන්නු තොප්පියත් නිසා මින්සුව පෙනුනේ හරි හුරතල් විදිහට.මාස තුනක් උනු එයාගෙ පුංචි බඩත් හිම කබායෙන් ආවරණය කරගෙන මට එන්න කිව්වම මමත් ගිහින් බංකුවෙන් වාඩි උනා.
"මින්සු"
"ඕ"
එයා කතා කලේ සීතලට කොල හැලුනු ගස් පේලිය දිහා බලන්.
YOU ARE READING
||පැඟිරි පිච්ච 💮||
Fanfiction"ඇයි මොනවා කරන්නද? මරන්නද? මරපං ඉතින්.උබට දාව මගේ බඩේ ඉන්න මේ ලමයා එක්කම මරලා දාපන්.මේකව බඩේ තියන් තමුසෙගෙ කටේ බලේට ජීවත වෙනවට වඩා ඒක සැපක් මට." (jeon minsu) "තේහ්යුන් මගෙත් එක්ක තරහින්ද? එහෙම නම් මන් ආයෙ තේහ්යුන්ගෙන් අහන්නැතුව ජන්ග්මිව ගන්නැතුව ඉන...