පැඟිරි පිච්ච ~08

46 6 4
                                    

පෙලක් හීන තියෙනවා මිනිස්සු නිදාගෙන දකින,තවත් හීන තියෙනවා මිනිස්සු ඇහැරගෙන දකින,ඒත් පෙලක් හීන තියෙනවා මිනිස්සුන්ව ජීවත් කරවන.මන් කියන්නේ හීනයක් ඇතුලේ ජීවත් වෙන මනුස්සයෙක් ගැන නෙමේ හීනයක් වගේ වෙනස් උනු මාව ජීවත් කරන මගේ හීනෙ ගැන.

ඒ තමා මින්සු.අද වෙනකල් මට මගේම කියලා වෙන් උනු දේකට හම්බුනු එකම කෙනා... මගේ නීත්‍යානුකූල බිරිඳ.චෝයි මින්සු.. ආ අනි කිම් මින්සු.

අදට සතියක්,අපි අපේ අලුත් පදවියට අඩිය තියලා සතියකුත් ගෙවුනා.ඔව් අපේ පුංචි පැටියට දැන් හරියටම සතියක්.ඇත්තටම එයා අපේ දරුවා විතරක්ම නෙමේ.අපේ බලාපොරොත්තුව.අපේ පවුල් ජීවිතයේ හැරවුම් ලක්ෂය.මින්සුව පිලිකුල් කරපු තේහ්යුන්ගෙත්,තේහ්යුන්ව විහිලුවක් කරගත්තු මින්සුගෙත් ආදර කතාවේ සාධකය.

මේ පුංචි දවස් කීපෙට මගෙ ජීවිතය කනපිට පෙරලුනා.ගලක් වගේ උන්නු මන් ආදරේ කරන්න පටන් ගත්තා.මාව විහිලුවක් උනු මගේ බිරිඳ මට ආදරේ කරන්න පටන් ගත්තා.ඔව් මින්සුයි මායි හුගක් සතුටින් උන්නා මේ සතියේ.

අනම් මනම් හිත හිතාම වොශ් එකකුත් දාගෙන මන් පහලට බැස්සේ මින්සුව හොයාගෙන.මන් යනකොටත් එයා සාලෙ ඉදන් මගෙ නම කිය කිය කෑගහනවා.

"යාහ්හ් කිම් තේහ්යුන්.මොකක්ද මේ කම්මැලිකම.දැන් වෙලාව කීයද මනුස්සයො.තමුසෙට බඩගිනි නැති උනාට මට බඩගිනි.මොනවද බලන් ඉන්නෙ මට කවනවා.යාහ්හ් බලන්න පුතේ ඔයාගෙ අප්පා මහ කම්මැලියෙක්.කොච්චර කම්මැලිද කියනවා නම් අඩුම ඔයයි මමයි කනවද කියන එකවත් එයාට අදාල නෑ.එයාට ඕනෙ නිදියන්නම විතරයි."

"ආයිශ්.. මිසිස් කිම් මින්සු.අහන්න තාම වෙලාව 5යි 45යි.මෙච්චර උදෙන්ම නැගිටලා මන් පරක්කුයි කියනවද? මට තේරෙන්නෑ අම්මපා කොහොමද ඔච්චර උදෙන්ම නැගිටින්නේ.අනික මොන මගුලකටද උයන්න මහන්සි වෙන්නෙ.මන් කිව්වනේ මන් උයන්නම් කියලා."

මන් අඩන්න ඔන්න මෙන්න කතා කලේ මට බැනලා බැනලා රවාගෙන මන් දිහා බලන් උන්නු මින්සුට ඇහෙන්න.

"මට නින්ද යන්නෑ.මේ ඔක්කොම ඔන්න ඔහේ හින්දා තමා.ඒවා වැඩක් නෑ.මට කවන්න.කෝ මේක අරන් කවන්න.ඉක්මනට මට බඩගිනියි."

||පැඟිරි පිච්ච 💮||Where stories live. Discover now