part_12

444 95 4
                                    

ඉතින් ?

ඉතින් කියන්නේ ඔය දෙන්නාම නිවාඩු ගියා මෙතන වැඩ ගොඩ ගැහිලා එ අස්සෙ උදේ පාන්දර දෙන්නා එක්ක එකට ඔෆිස් එනවා මට කියනවා දෙන්නා එක්ක කොහෙද ගියේ ?

සර් මට ටේහ්‍යුන්ග්ව හන්බුනේ කාර් පාර්ක් එකේදි
යුන්ගි කි වෙනි පාරටදො ජන්කුක්ට පැහැදිලි කරන්න හැදුවත් ජන්කුක් ඒක පිළිගන්න ලැස්ති උනේ නෑ .

ඔයත් මට දැන් බොරු කියනවා යුන්ගියා , ඔය ටේ කාරයාගෙයි ඔහේගෙයි හැමෝගෙම මොකක් හරි හොරයක් තියනවා ... ඉන්නවාකො අල්ල ගන්නම් මම දවසක

ජන්කුක් සර් ඔයාට කෝල් එකක්
ටේහ්‍යුන්ග්ව එළියට දාලා යුන්ගි එක්ක කියව කියව හිටිය ජන්කුක් ට බාදා උනේ ටේහ්‍යුන්ග්ගෙන් .

එ පාර මොන -

ජියොන් ජන්කුක් !!
කැගහගෙන නැගිට්ට ජන්කුක් ගෙ කට වැහුනේ ටේහ්‍යුන්ග් ගෙ අතෙ තිබ්බ ස්පිකර් දාපු ෆෝන් එකෙන් අපු එයාගෙ අප්පාගෙ කටහඬ නිසා

අප්පා ... i miss you
ජන්කුක්ගෙ කටහඬේ ඉඳන් ඔක්කම වෙනස් උනේ යුන්ගියි ටේහ්‍යුන්ග්නුයි හිනාව තද කරන් බලන් ඉන්නකොට . ඉදන් හිටිය තැනින් නැගිටලා දුවන් ඇවිත් ජන්කුක් ටේහ්‍යුන්ග් අතින් ෆෝන් එක ගන්න හැදුවත් ටේහ්‍යුන්ග් එක ජන්කුක් ට ගන්න නොදි පැත්තකට කරා .

අප්පා ...

අප්පා තමා , සති දෙකකට වඩා වැඩි මට කතා කරන්නවත් මතක් උනාද මහලොකු පුතාට අහ්හ්

මිස්ටර් ජියොන්ගේ කටහඬ ෆෝන් එකෙන් ඇහෙනකොට ටේහ්‍යුන්ග් ටත් ඇහැක් ගහන් යුන්ගි ඔෆිස් එකෙන් එළියට ගියේ ඊළඟට තියන මිටින් එකකට ලැස්ති වෙන්න .

අප්පා මම කියන්නේ
ටේහ්‍යුන්ග් ඔය ෆෝන් එක දෙනවා

මොනාද මම කියන්නේ ?
බෑ

මම කියන්නේ අප්පා පොඩ්ඩක්
දෙනවා

හ්‍යුන්ග් කියන්න
ෆෝන් එක පැත්තකට කරගෙන ටේහ්‍යුන්ග් ජන්කුක්ට විතරක් ඇහෙන්න මිමිණුවා

ෆෝන් එක දෙනවා ටේහ්‍යුන්ග් !!

ජන්කුක් තමුන්ට කතා කරන්න බැරිද ?
එයාගෙ අප්පාගෙ කටහඬ ඇහෙනකොට ජන්කුක් ටේහ්‍යුන්ග් ට රවලා ෆෝන් එක ගන්න හැදුවත් ඉක්මණ් උන ටේහ්‍යුන්ග් ජන්කුක් ගේ ඉණ වටෙ අත දාලා ළඟට ගත්තේ ජන්කුක්ව එයාගෙ එක අතකට හිර වෙන්න සලස්වලා

My secretary is OUT of orders | Taekook ✔Where stories live. Discover now