part_40

201 41 7
                                    

ඔව් ඔව් එයා පණ පිටින් ඉන්නවා මටම වද දෙන්නේ එයාටම කෝල් කරන්න බැරිද ?
ජන්කුක් චයිනා ගියාට පස්සෙ ජිමින් කොයි වෙලෙ බැලුවත් ටේහ්‍යුන්ග්ගේ ඔෆිස් එක අස්සෙ හිටියේ එක එයාගෙ ගෙදර වගේ , එත් මේ වෙලෙත් ටේහ්‍යුන්ග් ඔෆිස් එකෙ වැඩකට එළියට ගිහින් තිබ්බත් ජිමින් හිටියෙ එයාගෙ ඔෆිස් එක අස්සෙ .

අද අපි එනවා  කියන්න ගත්තෙ ඔච්චර තරහා ගන්නවනම් කියලා වැඩක් නෑනෙ නේ ..
ෆෝන් එක අනික් පැත්තෙන් ඇහුණ යුන්ගිගෙ එ වචන ටිකටනම් ජිමින්ගෙ තරහ ටික අඩු වුනත් එයා ඒක පෙන්නන්න ලැස්ති වෙලා හිටියේ නෑ

ඇති යන්තන් අර කරදරෙගෙ කියවිල්ල -

ජිමිනා ඔයාට මම ගෙදර යන්න කියලා කිව්වා
ඔෆිස් එකෙ දොර ඇරන් ආපු ටේහ්‍යුන්ග් නිසා ජිමින් ගැස්සුනත් දිගටම කතා කරන් ගියේ ටේහ්‍යුන්ග්ව ගනන් ගන්නැතුව .

අදත් ඔෆිස් එක අස්සෙද අය්යො ජිමින් . එක නෙමෙ එයාට කියන්න එපාලු ජන්කුක් කිව්වෙ මම එහෙනම් දැන් තියන්නම්

එන්න ඔනිද ?

ඔනේ නෑ
යුන්ගිගෙ එ වචන වලින් පස්සෙ ජිමින් ෆෝන් එක කට් කලේ ඔෆිස් එක අස්සෙ හිටන් ඉන්න ටේහ්‍යුන්ග්ට අවදානෙ දීලා .

යුන්ගි හ්‍යුන්ග්ද ?

නැහැ යාලුවෙක්

උඹට මම නොදන්න යාලුවොත් ඉන්නවද ?

යුනි එකෙ

එක නෙමෙ මමත් කියන්නමය් හිටියෙ උඹට ජොබ් එකක් හොයා ගන්න අදහසකුත් නැත්තන් මේක අස්සෙ හැමවෙලේම රින්ගන එකෙ මිලිටරි පලයන්

ඉදහන් කටවහන් මම ගෙදර යනවා

එතකොට ආවෙ ? ඇත්තමයි මට සැකයි උඹ යුන්ගි හ්‍යුන්ග්ට හොරෙන් මේක අස්සෙන් කාව හරි දාන් ඉන්නවද කියලා

උඹ එනකන් මේක මුර කරන්න ආවෙ කටවහන් පලයන්
ජිමින් ටේහ්‍යුන්ග්ට මොකුත් කියන්න දෙන්නැතුව ගස්සගෙන එළියට ගියේ ටේහ්‍යුන්ග් ආයෙමත් එයාගෙ වැඩ පටන් ගන්න ලැස්ති වෙනකොට .

ඒක ටේහ්‍යුන්ග්ට දිග දවසක් වුනේ වැඩ ගොඩ ඉවරවෙනකොට නොදැනීම කලුවර වැටිලා තිබ්බ නිසා , වෙලාව ගැන අදහසක් නැතුව හවස ඉඳන් පුටුවෙම වාඩි වෙලා හිටිය ටේහ්‍යුන්ග් ඇනුමකුත් අරින ගමන් නැගිටුනේ අන්තිම වැඩ ටික ඉවර කරන්න කලින් බොන්න දෙයක් අරන් එන්න .

My secretary is OUT of orders | Taekook ✔Where stories live. Discover now