එදා සිද්දියෙන් පස්සෙ ටේහ්යුන්ග් එයාගේ ගෙදර වෙනුවට හැමවෙලේම හිටියේ ජන්කුක්ගේ ගෙදර වෙන මොකටවත් නෙමෙ එයා කිව්ව විදිහට ඔෆිස් එකෙ වැඩ වලට . ඔෆිස් එකෙ දවසෙම ඉඳලා වැඩ ඉවර කරලා ටේහ්යුන්ග් ජන්කුක්ගේ ගෙදර ගියේ ආයෙමත් ඔෆිස් එකෙ වැඩ වලට . සමහර දවස් වලට ජන්කුක්ව අව්ස්සන්න එහෙම ගිහින් ජන්කුක්ව ගනන් ගන්නැතුව මියා එක්ක පැය ගනන් කතා කර කර හිටියේ වෙලා තිබුණෙ නැතුවමත් නෙමෙ .
එත් අද වෙනස් දවසක්
ඔෆිස් වක වැඩ වලට නෙමෙ ටේහ්යුන්ග් ජන්කුක්ගෙ ගෙදරට ආවෙ හොරෙන් , ජන්කුක්ගේ ඔම්මයි අප්පයි බිස්නස් පාටි එකකට යනවා කියලා දැනගත්තු නිසා ටේහ්යුන්ග් සෙනසුරාදා දවසෙම ජන්කුක්ට මැසෙජ් එකක්වත් නොදා ඉඳලා ඉරිදා රෑ වුන ගමන් නැවතුනේ ජන්කුක්ගේ ගෙදර දොර ඉස්සරහා .ජන්කුක්ගේ ඔම්මයි අප්පයි නැ කියලා ශුවර් කර ගත්තු ටේහ්යුන්ග් ගෙදර බෙල් එක ගැහුවේ ගේට් එකෙන් ඇතුළට එන එක ප්රශ්නයක් නොවුන නිසා . මොකද සිකියුරිටි වුනත් දුර ඉඳන්ම එයාව අදුරගන්න තැනට පත්වෙලා තිබුනා .
රෑ හුළඟේ සීතලා නිසා අත් දෙකත් සක්කුවට දාන් දොර ළඟ ටික වෙලාවක් හිටගෙන හිටිය ටේහ්යුන්ග්ගේ මුණට හිනාවක් ආවෙ දොර ඇරෙන සද්දෙට . දොර ඇරියේ ජන්කුක් කියලා දැක්ක ගමන් ගෙ ඇතුළට අඩිය තියන්නැතුවම බර වුන ටේහ්යුන්ග් ජන්කුක්ව හග් කලේ කිසි ගානක් නැතුවා .
යාහ් පිස්සුද ?
සුපුරුදු විදිහට ජන්කුක් කෑ ගැහුවේ ටේහ්යුන්ග්ව තල්ලු කරලා දාලා .මොකද්ද වෙන්න ඔනි
ඇතුළට එන්න කියන්නැද්ද සර් ?
ඔම්මයි අප් -
ඔහ් ජන්කුකී ඔයා බොරු කියන්න ලැස්ති වෙන්න එපා මම දන්නවා එයාලා අද ගෙදර නැ කියන්න එකයි මම මෙ විදිහට ඔයාව හන්බෙන්න ආවෙ .
එ වෙලෙ තමා ජන්කුක් දැක්කෙ වෙනදා වගෙ නෙමෙ බැගි ඇඳුම් වගයක් ඇඳගෙන කොණ්ඩෙවත් හරියට හදන් නැති ටේහ්යුන්ග්ව .
මහ කරදරයක් , යන්න පුලුවන් ද මට ඉන්න දීලා
බෑ
ජන්කුක් ආයෙ මොකුත් කියන්න කලින් ටේහ්යුන්ග් ගෙ ඇතුළට ආවෙ එයාගෙ පිටි පස්සෙන් දොරත් වහන ගමන් .
![](https://img.wattpad.com/cover/305989372-288-k909654.jpg)
YOU ARE READING
My secretary is OUT of orders | Taekook ✔
Fanficඔයාටත් රහස් තියනවා , මටත් රහස් තියනවා ඉතින් ? අපි දෙන්නටමත් එක රහසක් තිබ්බොත් නරකද ? ~ taekook ~