part_20

287 56 19
                                    

11.00 p.m

එහ් හ්‍යුන්ග් නිදිද ?

ජන්කුකා නිදිද ?

මෙච්චර වෙලා කතා කරගන්න බැරුව ඇඳවල් දෙකෙ එහාට මෙහාට පෙරලි පෙරලි හිටිය දෙන්නම එක පාර කතා කලේ බඩගින්න ඉවසගන්න බැරි හින්දා .

අහ්ම් ඔව් ඔයා කියන්න මුලින්ම

ඔයා කියලා ඉන්න

මට බෑ ඔයා කියන්නකෝ

බෑ කියලා ඉන්න මුලින්ම

යාහ් බඩගිනියි

එක තමා මෙහෙ කන්න දෙයක් ගන්න ගන්න තැනක් හොයා ගන්න තියනවද ?

එකොළහයි වෙලාව .. මේක ඇතුළෙ නම් වහලා ඇති ටිකක් එළියට යන්න වෙනවා .
ඇඳෙන් නැගිටලා ඉදගන්න ගමන් ටේහ්‍යුන්ග් කිව්වෙ ජන්කුකුත් නැගිටිනකොට .

යමු එහෙනම්
ටික වෙලාවක් කතා නැතුව හිටිය ටේහ්‍යුන්ග් ඇඳෙන් නැගිටලා ජැකට් එකත් දාගෙන සද්දයක් නැතුව එළියට ගියේ ජන්කුකුත් හිමීට එ පස්සෙන් එනකොට . මොකද එ දෙන්නාගෙන් කාටවත් ඔනි උනේ නෑ ආයෙමත් ජිමින්ව තරහ ගස්සවන්න .

ටික වෙලාවකින් දෙන්නම සද්දයක් නැතුව එළියට ඇවිල්ලා ජන්කුක්ගේ කාර් එකෙ තිබුණ දිහාවට ඇවිදන් ගියේ කඩයක් හොයාන යන්න .

කෝ යතුර ?
එක පාරට ජන්කුක් අහපු ප්‍රශ්නයත් එක්ක ටේහ්‍යුන්ග් නැවතුනේ යතුර කෝ කියලා මතක් කරන්න

ඔයා ගාව නෙමෙද ?? මම හිතුවෙ ඔයා එක ගන්න ඇති කියලා එක මම ඇදන් ආපු අඳුමේ සාක්කුවේ .

එ කියන්නෙ දැන් ආයෙම යන්න ඔනිද ඒක ගෙන්න ?
ජන්කුක් කෑ ගහන්නැතුව ඉන්න උපරිම උත්සහ කරන ගමන් කිව්වෙ එලියෙ තිබ්බ සීතල වැඩිකමට .

ආයෙ යන්න බෑ ජිමින් ඇහැරුනොත් මම විතරක් නෙමෙ සරුත් ඉවරයි පයින් යමු එච්චර දුරක් නැති වෙයි .

ටේහ්‍යුන්ග් පණ්ඩිත කමට කිව්වත් ටික වෙලාවක් යනකොට ගමන යන්න පටන් ගත්තු දෙන්නම හිටියේ හති වැටිලා .

හොඳ වෙලාවට පාර දෙපැත්තෙම තිබ්බ ලයිට් හින්දා කිසි ප්‍රශ්නයක් නැතුව දෙන්නම ඇවිදන් ගියත් හඳ පෙන්නවත් නැති අහස තිබ්බේ වහින්න ඔන්න මෙන්න . දෙසැම්බර් මාසෙ අන්තිම දවස් කිහිපයෙන් එක දවසක් උන එදා තිබ්බ සීතලත් එක්ක දෙන්නම ගැහි ගැහි ඇවිදන් ගියෙ වෙන මොකටවත් නෙමෙ කන්න දෙයක් හොයා ගන්න . කම්පැනි දෙකක අයිතිකාරයො දෙන්නෙක් මෙහෙම පාරට ඇදලා දාන්න පුලුවන් උන ජිමින් නම් හිටියේ කිසි ප්‍රශ්නයක් නැතුව රස්නෙට කොෆි එකක් බොන ගමන් ෆිල්ම් එකක් බල බල .

My secretary is OUT of orders | Taekook ✔Where stories live. Discover now