Episode 2
මොන හු#*&% නිදහසේ අඩන්නවත් නැහැ.මම හිතින් බැන බැන දොර අරිනකොටම එතන හිටියේ හීනෙකින්වත් බලාපොරොත්තු උනේ නැති කෙනෙක්.
සදිත්යා..
"පසී.. ඔයාට කැඩෙට් සර් ඉක්මනට එන්න කියලා කිව්වා..ලොකු හදිස්සියක්ලු ඉක්මනට දුවන්න "
ඒත්... මේකි කොහොමද දැනගත්තෙ මම වොශෲම් එකේ ඉන්නෙ කියලා...අවුලක් නෑ ඉස්සෙල්ලා සර්ව හම්බෙලා එන්නෙපැයි.
මම ගවුම කරේ තියන් කැඩෙට් රූම් එකට දිව්වා.යනකොටත් සර් අනිත් අය එතෙන්ට ඇවිල්ලත් ඉවරයි...මම මගේ ඇදුම පොඩ්ඩක් හරි ගස්සගෙන සපත්තු ගලවලා කැඩෙට් රූම් එක ඇතුලට ගියා.
මාව දැකපු ගමන් සර්ගෙ මූන දෙක වෙලා කෑගහන්න ගත්තා."සාජන් උනාම ඔහොමද වැඩ කරන්නෙ... මම ඊයෙමයි කියලා තිබ්බෙ අද රැස්වීමක් තියනවා කියලා... අන්තිමට ලමයි ටික ඉන්නවා තමුසෙ විතරක් නෑ මෙතන... සාජන් උනා කියලා ඔයා ලොකු කම මාත් එක්ක විතරක් තියාගන්නෙපා... වෙලාවට වැඩ කරන්න පුරුදු වෙනවා ඊලග දවසෙ... මතක තියාගන්නවා... තේරුනාද "
"ඔව් සර්... "
"දැන් කියනවා මේ ලමයින්ට කියන්න තියෙන දේවල් කෑම්ප් එක ගැන "
"හරි සර්..."
හැම එකටම නැට්ට පුකේ ගහන් ඉන්න බල්ලා වගෙ ඔව් නැ කිව්වට මං සර් එක්ක පට්ට කේන්තියෙන් හිටියෙ. කෑම්ප් ගිහින් ආවම පස්සෙ ඕකගේ වාහනේ රෝද හතරෙම හුලං ඇරල වාහනේ ඇතුලේ දාන් ඉන්න එකෙත් හුලං අරිනවා... මගුල... යන්නැතෑ එතකොට ස්කූල් බස් එකේ තැලිච්ච පතෝලයක් වගේ..
මම හිතින් බැන බැන ලමයින්ට කෑම්ප් එක ගැන විස්තර කියන්න පටන් ගත්තා.ඒත් එක්කම සර් කැඩෙට් රූම් එකෙන් එලියට ගියා.
"හරි ලමයි... අපිට කෑම්ප් එක යන්න තියෙන්නෙ ලබන මාසෙ 16 කියලා හැමෝම දන්නවා ඇති.මෙතන ඉන්නවා කෑම්ප් ගියපු අය සහ කෑම්ප් ගියපු නැති අය හැමෝටම අත්දැකීම් ඇති.මාත් මගේ අත්දැකීම් කියන ගමන්ම කෑම්ප් එක ගැන විස්තර කියන්නම්.
මම බෑන්ඩ් කෑම්ප් පලවෙනි පාරට යනකොට මගේ අංකෙ 13 ලොකුවට ජූනියර් උනේ නැහැ. කොහොමහරි ඒ කෑම්ප් එක යන්න අපි ගොඩක් මහන්සි උනා.දැන් අපි මහන්සි උනා වගේ නෙවෙයි...ඊට වැඩිය ලොකු ට්‍රේනින් එකක් ඒක... බඩගාලා... බිම පෙරලිලා.. ඩිප්ස් ගහලා... ඩවුන් ඉදලා.... ගිනි අව්වෙ කට්ට කාගෙන ..යාලුවොත් හිටිය නිසා මම හෙන ගැම්මෙන් වැඩ ටික කලා.ඒ කාලේ තමා සුපිරිම.
YOU ARE READING
ONCE AGAIN
Random"මට එයාව ආයෙ කවදාවත්ම දකින්න වෙන එකක් නෑ ජනා" "ඕක අමතක කරහන් දැ- ඕහ් මයි ගෝඩ්!!"