EPISODE 09

259 49 75
                                    

Episode 9

රෑ කන්ෆරන්ස් එකට සෙනූ ඇවිල්ලා හිටියා.

අද රෑ නම් යන්න ඕනේ ගස් ගෝතයා එක්ක (අපේ සෑර් උන්නැහේ ) ඌත් එක්ක ගියාම දගලන්නෙ කරන්නෙ නැතුව ඉන්න ඕනේ.එපා වෙනවා.කන්ෆරන්ස් එකේ කියපු කරුණු ඔක්කොම පැහැදිලිව නෝට් බුක් එකේ ලියාගත්තු මම ඇස් කොනෙන් පොඩ්ඩක් සෙනූ දිහා බැලුවා.මේකි මං දිහාමනෙ බලන් ඉන්නෙ.මම ආපහු ටග්ගාලා ඉස්සරහ බලාගත්තා.කන්ෆරන්ස් එක ඉවර වෙලා බිලට් එකට ආපු ගමන් මම බූට් දෙකයි බෙල්ට් එකයි ගලවලා first aid ඇදට වැටිලා නිදාගත්තා.....මොකද බිම නිදාගෙන මගේ තුවාලේ පෑරුනොත් ආපහු කිසි වැඩක් කරගන්න වෙන්නෙ නැති නිසා.ටික වෙලාවකින් බලනකොට ජනාත් ඇවිල්ලා මගෙ එහා පැත්තෙ නිදි.

ඇදට වැටිලා හිටියත් මට හරියට නින්ද ගියේම නැහැ.... මම කන්න යන්නෙත් නැතුව සෙරා කිට් එක පිටින්ම නිදි. මම දාඩිය නිසා සෙරා කිට් එක හිමින් සැරෙ ගලවලා හැගර් එකේ එල්ලුවා.ස්කිනර් එක පිටින් විතරක් හිටපු මගේ බෙල්ල හරියෙ දම් පාටට හුරු පැල්ලමක්... ! මම මේ වෙනකල් ඒක නොදැක්කෙ කොහොමද...!

ට්‍රැක් කිට් එක දාගත්තු මම හිමින් සැරේ දොරත් ඇරගෙන එලියට බැස්සා....එලියෙ ටිකක් සීතලයි.මම ගිහින් පේමන්ට් එකෙන් වාඩිවුනා. රෑට ඒ පැත්තෙ හොල්මන් ඉන්නවා කියලා කටකතා තිබුනා සහ දැකපු අය හිටියට එවලෙ මට වැඩිය බයක් හිතුනෙ නෑ..  ( ඉස්සර නම් ගූ බයයි 😂)ඉස්සරම රන්ටැඹේ කෑම්ප් එක හදන කාලේ කෑම්ප් එකට ආපු සුද්දියක්ව කෑම්ප් එකේ වැඩ කරන උන් වගයක් බිලට් එකක් ඇතුලේ දූශණය කරලා මරලා දාලා තිබුනා.ඒ බිලට් එකට දැන් උනත් ලමයිව දාන්නෙ නෑ.ඒ බිලට් එකට අපි කිව්වෙ රෝසි බිලට් එක කියලා.එයාගෙ නම රෝසි නිසා.ගොඩක් ඔෆිසර්ස්ලා ,ලමයි එහෙම රෑ සුදු දිග ගවුමක් ඇදගත්තු ගෑනු කෙනෙක් දැකලා බය වෙලා තිබුනා. ඒත් ඇත්තටම ඉතින් මම නම් දැකපු හොල්මනක් නැහැ.

අපේ බිලට් එකට බිලට් දෙකක් විතර ඈතින් තියෙන්නෙ සෙනුයි මමයි කෑම්ප් හිටපු බිලට් එක.එක දවසක් තේ බොන වෙලාවෙදි එයා මටත් එක්ක තේ එකක් අරන් ආවා. ඒ තේ එකේ කිසි රහක් නෑ... බොන්නත් බැරි නිසා මම එයාටම පොවන්න හැදුවේ.... ඒකි බෑ බෑ කිය කිය ඉන්න ගමන් මගේ අතින් තේ එක එයාගෙ සෙරා කිට් එකේ හැලුනා.එයා අඩාගෙන බිලට් එක පිටිපස්සට ගියා....මාත් අනේ සොරි සොරි කියාගෙන එයාගෙ පස්සෙන් ගිහිල්ලා එයාව බදාගත්තා... මේකි අඩන විදියට මටත් ඇඩෙනවා......එයා අඩලා ඉවර වෙනකල් මමත් එයාව බිලට් එක පිටිපස්සට වෙලා බදාගෙන ඇඩුවා.මම එවලෙ අඩන්න නෙවේ හිටියේ ඒත් මට ඉබේම ඇඩුනා.

ONCE AGAIN Where stories live. Discover now