EPISODE 07

284 51 45
                                    

Episode 7

නොහිතපු වෙලාවක මාව බදාගත්තු නිසා මාව හිටපු තැනම ගල් උනා.මුලු ඇගේම හිරිගඩු පිපෙන්න ගත්තා.එයා මාව තව ටිකක් තද කරලා බදාගත්තා.මගේ උරහිසට වතුර බින්දු වැටෙනවා.... මං හිතන්නෙ එයාගෙ කොන්ඩෙන් වැටෙන්නෙ... මම බෙල්ල හරවලා පිටිපස්ස බැලුවා... එයා ටවල් එක කොන්ඩෙ බැදගෙන හිටියා...වතුර බින්දු වැටෙන්නෙ කොහෙන්ද??

එහෙනම් මේ එයාගෙ  කදුලුද....  දෙයියනේ මගෙ රත්තරං අඩනවද.... මං අතින් එයාගෙ කම්මුල පිරිමදින්න ගත්තා.එයා හිමින් සැරේ ඉකි ගහනවා.ඒ අතරෙ එයාගෙ රෝස තොල් මගේ බෙල්ලෙ ගෑවෙනකොට මගේ හැගීම් ඉබේම ඇවිස්සුනා.

" ඇයි පසී මාව දාල වෙන ඉස්කෝලෙකට ගියේ... මං තනියම ඒ ඉස්කෝලෙ ඔයාගෙ මතක එක්ක... කොහොමද මං ඔයා නැතුව ඉන්නෙ....ඇයි එහෙම කලේ... දකින දකින හැමෝම කියනවා ඉස්සර එකටම ඉදලා  දැන් අන්තිමේදි ඔයාව දාලා ගියා නේද කියලා... හැමෝම ඔහොම තමයිලු... මම මොනාද එයාලට කියන්නෙ.... මොනවද සුදූ මම කියන්නෙ... අසරණයි මම"

"මට සමාවෙන්න.. ඔයා මෝඩ මිනිස්සු කියන කතා අහන්න එපා "

මගේ කටින් පිට උනේ එච්චරයි.මම දැනන් හිටියා මම කියවන්න ගත්තොත් තවත්වෙන්නෙ ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ වැඩක් කියලා.

වෙව්ලන කටහඩකින් එයා කියාගෙන ගියපු දේවල් වලට මගේ හිත උනු වෙලා ගියා..... එයා මට මෙච්චර ආදරේ කරලද.... මම විතරක් නෙවේ එහෙනම් විදවලා තියෙන්නෙ.එයා මගෙන් ඈත් උනෙත් ආදරේ නිසාද...මං එයාගෙ මාව බදාගෙන හිටපු අත් දෙක බුරුල් උන ගමන්ම අනිත් පැත්ත හැරිලා එයාගෙ රෝස තොල් වලට හාද්දක් දුන්නා...

"මට සමාව දෙනවා නේද ?"

එයාගෙ ඇස් දෙකෙන් කදුලු බේරෙනවා... මම රිදෙනැති වෙන්න පරිස්සමට ආපහු එයාගෙ තොල්වලින් හාදුව අරගෙන ගියා... අතාරින්න ලෝබයි..... එයාගෙයි මගෙයි පලවෙනි කිස් එක.ඒත් මම එයාගෙන් මෙහාට උනා... සමහරවිට ඕනවට වඩා දුර දිග ගියොත් එයාට මාව එපා වෙයි. ඒත් සෙනූ මට ඈතට යන්න දෙන්නෙ නැතුව ආපහු තොල්වලින් මාව තද කරගත්තා.එයා මගේ කනට රහසින් එකම දෙයයි ඒ වෙලාවෙ කිව්වෙ.

ONCE AGAIN Where stories live. Discover now