Episode 8
"ජනා බෑන්ඩ් එක බලාගනින්..."
කියපු මම එක පිම්මෙ දිව්වෙ සෙනූගෙ බිලට් එකට.හයියෙන් දුවගෙන යන ගමන් ගලක පැටලුනු මම උඩින් ගිහින් ගෙම්බා පොලේ ගැහුවා වගේ බිම පතබෑවුනා.දනිස්ස හරියෙන් ලොකු දැවිල්ලක් ආවාත් ගනන් ගන්නෙ නැතුව මම කෙලිම්ම ගියේ සෙනූගෙ බිලට් එකට.දොර ඇරලා තිබුන නිසා බිලට් එක ඇතුලට ගියාම සෙනූ හාන්සි වෙලා ඉන්නවා first aid ඇද උඩ.නින්ද ගිහින් වගේ.දුවලා දුවලා ආපු මහන්සියට මම අංක එක කියල ගහලා තිබ්බ වතුර බෝතලෙ ඇරලා බීගෙන බීගෙන ගියා.
ඇද ලග බිම වාඩි උනු මම සෙනූගේ නලලට අත තියලා බැලුවා.මුලු ඇගම ගිනි රස්නෙයි.මම හිමීට ඔලුව අතගාලා නලලට කිස් එකක් දුන්නා.පව් ඇගට අමාරු ඇති ගොඩක්.මම හීටරේ ගහලා වතුර එකක් උනු කරා.first aid box එකෙන් ඕඩිකොලොන් එක අරගෙන රෙදි කෑල්ලක් තෙමලා ඔලුව උඩින් තිබ්බා.ඒත් උණ නම් අඩු පාටක් නැහැ.සෙනූ හිමීට කෙදිරිගානවත් එක්ක.මට ඇඩෙන්න වගේ....එයා මෙහෙම අමාරුවෙන් ඉන්නවා මම කවදාවත්ම දැකලා තිබ්බෙ නෑ. මම බැරිම තැන උණු වතුර පොගපු රෙදි කෑල්ලකින් සෙනූගෙ ඇග තවන්න ගත්තා.ඒ අතරේ සෙනූ බාගෙට ඇස් ඇරලා මං දිහා බලන් හිටියා.
"යන්නකෝ අනේ වද දෙන්නෙ නැතුව"
නැගිටගන්නවත් පන නෑ මහ ලොකුවට ආගිව් කරන්න නම් පුලුවන් මිස් එක්ක.මොනවා නැතත් කට නම් තියේ.මම ගනන් ගන්නෙ නැතුව මගේ වැඩේ කලා.
එයාව තවලා ඉවර වෙලා මම එයාගෙ සුදු මූන දිහා බලාගෙන හිටියා.අව්වෙ ඉදලා එයාගෙ මූන ගොඩක් පිච්චිලා.ඒත් තාම ඒ මූන මගේ සුදු මූනම තමා. බලන් ඉන්න ඉන්න තව ආස හිතෙනවා. අන්තිම පාරට එකම එක හාද්දක් දෙනවා කියලා හිතලා මම හිමීට එයාගෙ තොල්වලට ලං උනා.එයාගෙ වැස්ලින් ලිප් බාම් එකේ සුවදට මාව මත් වෙනවා වගේ දැනුනා.
මට නිකමටවත් මතක් උනේ නෑ මම බිලට් එකේ දොර ඇරලා නේද ආවෙ කියලා.එකපාරටම දොර පැත්තෙන් හ්ක්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් සද්දයක් ආවා.ඒත් මම පරක්කු වැඩී.මම එයාට කිස් එක දීලා ඉවරයි.දොර ලග හිටපු කෙනත් ඒක හොදටම දැක්කා .
මගේ කකුල් දෙක සම්පූර්ණයෙන් හිරි වැටිලා ගියා.
ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා හිතාගෙන මම ඇස් දෙකත් තද කරගෙන දොර පැත්තට හැරුනා.

YOU ARE READING
ONCE AGAIN
Random"මට එයාව ආයෙ කවදාවත්ම දකින්න වෙන එකක් නෑ ජනා" "ඕක අමතක කරහන් දැ- ඕහ් මයි ගෝඩ්!!"