EPISODE 19

382 47 80
                                    

Episode 19

"ආ මේ සුප් එක බොන්න.. "

නිශී මට සුප් එකක් හදාගෙන ආවා.මට සිහිය ඇවිල්ලා දැන් සතියක් වෙනවා.ඒත් මේ උරුලෑවා තාම මාව ඩිස්චාර්ජ් කලේ නෑ.මම හොදටම මල පැනලා හිටියේ.ඩොක්ට ආවාම උට ඇහෙන්නම බනිනවා.නිශී කියනවා ඔයාගෙ හොදටනේ තියාගන්නෙ පොඩ්ඩක් සන්සුන් වෙන්න කියලා.ඒත් මට ඕනෙ උනේ ඉක්මනට ජනාව බලන්න යන්න.

"ජනා......................මගෙ සීනි කෝප්පෙ......මාව බලන්නවත් එන්නෙපා.....මම තරහයි....ඇක්සිඩන්ට් උන මනුස්සයා එන්න ඕනේ ඔහේව බලන්න.... "

"අඩෝ මාත් අසනීපෙන් බන් හිටියෙ ඩෙංගු හැදුනා"

" යකෝ......නිශී මට කිව්වෙත් නෑ... "

"කිව්වනම් තෝ ඉදී හොස්පිට්ල් එකට වෙලා උබට හොද වෙනකල්"

"නෑ නෑ ඕන්නෑ......මං මොකෙද්ද නේහ්.... ඕව්වා කියන්න "

"අයියෝ බන්.... ඕකනේ බැරි...."

මං දවසක්ම ජනා එක්ක තරහ වෙලා හිටියා මට ඩෙංගු හැදුන සීන් එක කිව්වෙ නෑ කියලා.හැබැයි දවසයි.මොකද කිව්වොත් මට දවසකට වඩා ජනා එක්ක කතා නොකර ඉන්න බැහැ.

කොහොම හරි කාලය ඉක්මනට ගියා.... හිතාගන්නවත් බැරි වේගෙන්.... ඒත්...අපේ යාලුකම්...ඒවා හැමදාටම තිබුනා.අදටත් මම ජනාගෙ ගෙදර යනවා එනවා.

ආ මට කියන්න බැරි උනා.නිශීයි ජනායි දැන් ජීවත් වෙන්නෙ එකට.... ඔයාලට හිතාගන්න පුලුවන් ඇති කෑම්ප් එකෙන් පස්සෙ උන දේවල්... 👉👈නිශී ආපහු කැඩෙට් කරන්න ආවෙ නම් නෑ....ඒත් එයා කොයිවෙලෙත් ජනා පස්සෙ වැටිලා හිටියා.මට ඒක ලොකු සහනයක් උනා මොකද ජනාට හරිගියපු එක.ඒකට මං තරම් සතුටු නොවෙන්න ඇති වෙන කවුරුවත්.හැමෝම කොච්චර හිනවෙලා හිටියත් තමන්ට ඇත්තටම ආදරේ කරන කෙනා හම්බෙනකල් සිද්ද උනු ඒ ඒ අයටම වෙන් උනු කදුලු කතාවක් තියෙනවා.ඒක නිසා මම ඒ දේවල් මතක් නොකර ඉන්නවා.

"හලෝ... පසී අද green street එකට යමුද...? මං හිතනවා උබට මං වෙනුවෙන් දවසක් නිවාඩු දාන්න පුලුවන් කියලා..."

" ඕකේ මං එන්නම්.."

මං එනකොට මුලු හොටෙල් එකම සරසලා.... ලයිට්ස් දාලා...බල්බ් වැල් එල්ලලා... මල් වැල් එල්ලලා... පුදුම ලස්සනයි..

ONCE AGAIN Where stories live. Discover now