Episode 12
"සාජන්....... නිශි හොයාගන්න නැහැ කොහේවත්... "
අයියෝ... මේකිත් මටමනේ ඇණයක් වෙන්නෙ.දැන් හොයපන්කෝ.... අද බෑන්ඩ් ගහන්නත් තියෙනවා.
"නිශී...... නිශී...... කොහෙද ඉන්නේ "
මං වොශෲම් පැත්තටත් ගිහින් කෑගැහුවා.ඒත් ම්ම් සද්දයක් නෑ.එහා පැත්තෙ බිලට් එකටත් ගිහින් බැලුවා ඒත් නිශී හිටියෙ නෑ.... අලි මදිවට කොටි කිව්වලු.මගේ ඔලුව කොයිවෙලෙත් ගිනි අරන් හැමවෙලේම මොකක් හරි දෙයක් වෙනවා.ප්‍රශ්න එන හැමවෙලාවකම වගේ මට මතක් වෙන්නෙ ජනාව.එවලෙත් මං ඉක්මනට හොයාගෙන ගියේ ජනාව.
"ප&## නිශී අතුරුදහන් වෙලා.... ගියපු තැනක් නැහැ.....පොඩ්ඩක් වරෙන්කො මාත් එක්ක හොයන්න."
"මොකක්.... නිශීව මං අද උදෙත් දැක්කා. ඒකි බිලට් එක අතුගාලා කුනු ටික දාලා එන්න යනවා කියලා අර පැත්තට ගියා... ඔය කොහෙට හරි වෙලා ඇති බන් "
"නෑ නෑ බන් මේකි කොහෙවත් නෑ..... අනිත් උනුත් හොයනවා ඒකිව.... වරෙන් යන්න මාත් එක්ක කුනු දාන පැත්තට... එහෙ ඉන්නවද දන්නෑ..."
මං ජනා එක්ක කුනු දාන පැත්තට ගියා.... අපි හැමදාම කුනු එකතුකරන පෝර උරේ කුනු දාන තැන පැත්තක වැටිලා තිබුනා.ඒත් එක්කම කුනු දාන තැනට එහයින් කැලේ ඇතුලට වැටිලා තිබ්බ පොඩි අඩිපාරෙ හැකල් එකක් වැටිලා. මං එතනට ගිහින් ඒක අහුලන්න නැවෙනකොටම... නිශී!!!!!
ඊට පොඩ්ඩක් එහයින් වැටිලා ඉන්නවා.
"ඈ............................................"
දෙයියනේ එවලේ බය උන උනු පාර මට නිකන්ම කෑගැහුනා. පස්සෙ ජනායි මමයි දඩ බඩ ගාලා එතෙන්ට ගිහින් නිශීට කතා කලා.එයාට සිහිය නෑ... ඒත් නාඩි වැටෙනවා.මං බලන් ඉද්දි ජනාගෙ ඇස් දෙකෙන් කදුලු වැටෙනවා ටැප් එකක් ඇරලා වගේ.මං හිතන්නෙ ඒකි ශොක් වෙලා ඇති නිශීව මෙහෙම දකිද්දි.
ජනා නිශීව හරහට උස්සගෙන බිලට් එක ඇතුලට අරගෙන ආවා.... වතුර බෝතලයක් ඇරලා නිශීට වතුර ඉස්සත් වැඩක් උනේ නෑ....සර්ව එක්කන් එන්න ලමයෙක්ව පිටත් කරපු මං මමයි ජනයි නිශීයි විතරක් බිලට් එකේ ඉතුරු වෙන විදියට ලමයින්ව එලියට දැම්මා.ජනා නිශීගෙ ඇදුම් ඔක්කොම බුරුල් කලා.සිහිය නැති කෙනෙක්ට කරන්න ඕනේ දේවල් ගැන ජනා හොදට දැනගෙන හිටියා... ලෙසන්ස් වල තිබ්බ ප්‍රථමාධාර දැන් වගේ වෙලාවක ගොඩක් උවමනා උනා. ජනා ඒ දේවල් ගැන හොදට දැනගෙන හිටියා.
ජනා නිශීගෙ කට දෙපැත්තෙන් අල්ලලා එකපාරටම කෘතිම ශ්වාසනය දෙන්න පටන් ගත්තා.මම ඩිම් වෙලා.. මම කවදාවත් ඇත්තටම කෘතිම ශ්වසනය දෙනවා දැකලා තිබ්බෙ නෑ.කොහොමහරි ඔහොම දෙන ගමන් එක පාරටම නිශී කැස්සකුත් එක්ක ඇස් දෙක ඇරියා.ඇතියන්තම් මගේ ඇගට ලේ ටිකක් ඉනුවෙ දැන්.
එයා තාම හුස්ම ගන්න අමාරුවෙන් ඉන්නෙ.නිශී මොනා හරි කියන්න හදනවා.
"ඉ...ඉහ් ඉන් හේලර් එක"
ජනා කඩියා පුකේ තියන් නිශීගෙ බෑග් එක ගාවට ගිහින් බෑග් එකෙන් ඉන්හේලර් එක අරගෙන නිශීගෙ කටට තියලා ප්‍රෙස් කලා.දැන් නම් නිශී කලින්ට වඩා හොදට හුස්ම ගන්නවා කියලා තේරුන නිසා ජනයි මමයි ලොකු හුස්මක් පහලට දාලා බිමින් ඉදගත්තා.
සරුත් ඇවිල්ලා නිශීව බලලා එයාට රෙස්ට් කරන්න කියලා ආපහු ගියා.අමාරු උනොත් පණිවිඩයක් එවන්න කිව්වා.
නිශීට කුනු දාන්න ගියපු වෙලේ වීස් එක ඇවිත්.ඉන්හේලර් එක එදා සාක්කුවෙ දාගන්න අමතක වෙලා.හොද වෙලාවට ජනා කුනුදාන්න යනවා දැක්කෙ නැත්තන් මෙලහකට... නැහ් ඒක කියන්න ඕනේ දෙයක් නෙවේ.ඔයින් බේරුනා ඇති.
නිශීගෙ තත්ත්වය පොඩ්ඩක් හොද අතට හැරුන නිසා අපි instruments ඔක්කොම දාගෙන සින්දු ටික ප්ලේ කරා ඊලගට ඩිස්ප්ලේ එක ගහන්න තියෙන නිසා. නිශී ටග්ගාලා සින්දු ටික අල්ලගත්තාට ඩිස්ප්ලේ එකේ ඇවිදන් යන පාට්ස් එයාට පැටලුනා.කරන්න දෙයක් නෑ.අපේ වෙලාවටමයි හැමදේම වෙන්නෙ.
3 විතර වෙද්දි ටෙස්ට්ස් 08 ටම ඉවර උනා. මියුසික් ටික යම්තාක් හොදට ආවා.ඒත් මට කිසි ශුවර් එකක් තිබුනේ නැහැ.මෙස් එක උඩ දාන එකට හම්බෙන ලකුනු දහය විතරක් ශුවර් කරන් මම හිටියෙ.මට කිසිම සැටිස් ගතියක් තිබුනේ නෑ.මොකද දර්ශි නැති නිසා.ඒකි තමා ඉන්න හොදම ෆ්ලූටිස්ට්.කමක් නෑ උන දේ උනාවෙ කොහොමහරි ආපු එකත් ලොකු දෙයක්නෙ කියලා මම හිත හදාගත්තා.
අන්තිම දවසට කලින් දවස නිසා එදා හවස ටී එක ගේන්න ගියේ මමයි ජනයි.ඒ ගමන් මෙස් එකේ ලකුනු ටිකත් බලාගෙන එන්න අමතක කලේ නෑ.
දැනට අපි 5 වෙනි ස්ථානයේ ඉන්නෙ.හැබැයි මියුසික් ලකුණු නැතුව.මට පට්ට අවුල් මගේ අවුරුද්දෙ ඇයි මෙච්චර අපි පහලට වැටුනෙ කියලා.කම්පිටිශන් ඔක්කොම ඉවර නිසා හැමෝම පෙරඩ් ප්‍රැක්ටිස් යන්න ලෑස්ති උනා.
YOU ARE READING
ONCE AGAIN
Acak"මට එයාව ආයෙ කවදාවත්ම දකින්න වෙන එකක් නෑ ජනා" "ඕක අමතක කරහන් දැ- ඕහ් මයි ගෝඩ්!!"