Episode 4
"සාමිනාමිනා එහ් එහ්... වක්කා වක්කා ඒහ් ඒහ්.. "
සවුන්ඩ් වැඩිම කරලා දාලා තිබ්බ එලාම් එකට මුලු බෑන්ඩ් එකම උඩ ගිහින් ඇහැරුනා වෙලාව 2 යි.හැමෝම දඩ බඩ ගාලා ටවල් අරන් ලෑස්තිවෙන්න දිව්වා.මාත් හිමින් සීරුවෙ ටවල් එකත් කරේ දාගෙන.දත් බුරුසුවට දත් බේතුත් දාගෙන ශේප්මන්ට් එකේ හෝල් එක පිටිපස්සට ගියා... හොදට දන්න කැටයම් දාලා දතුත් මැදලා හෝස් එක ගහන ටැප් එකෙන් මූනත් හෝදන් අනිත් දේවලුත් කරගෙන දඩබඩ ගාලා ලෑස්ති වෙන්න ගත්තා විතරයි
එක පාරටම ලමයි කෑගහන සද්දයක් ආපු නිසා ඔක්කොම විසික් කරලා මම ඒ පැත්තට දිව්වා.
"සාජන් මේ දර්ශි වැටිලා....එයාගෙ කකුල හොල්ලන්නවත් බැහැලු... වැටුන පාරට කැඩිලා වගේ...අපි දැන් මොකද කරන්නෙ "
මට දෙලො රත්වෙලා... දෙයියනේ කෑම්ප් එක 25 දෙනාම යන්න ඕනේ ඒත් මේ ලමයව මෙහෙම ගෙනියන්න බෑනේ... මම ඉක්මනට ගිහින් සර්ට කතා කරලා විස්තරේ කිව්වා... සර් ඇම්බියුලන්ස් එකක් අරගෙනම අපි ඉන්න තැනට ආවා...ඇම්බියුලන්ස් එකෙන් බැහපු නර්ස්ලා දෙන්නෙක් දර්ශිවත් උස්සගෙන හොස්පිට්ල් ගියා.දැන් හැමෝම කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා... මොනා කරන්නද හිතාගන්න බෑ..... අනික හොදම ෆ්ලූටිස්ට් කෙනෙක් දර්ශි කියන්නෙ...
මම සර්ත් එක්ක කොච්චර වාද කලත් දර්ශිව ගෙනියන්න පුලුවන් විදිහක් තිබුනේ නැහැ...හැමෝම තැන් තැන් වල වාඩිවෙලා..ඔලුවල අත ගහගෙන..
"ජනා මේ අහපන්කො... අපි මොකද බන් දැන් කරන්නෙ... ෆ්ලූටිස්ට් කෙනෙක් යකෝ ඒකි... පට්ට අඩුවක් ඒකි නැති එක... පොඩ්ඩක් කල්පනා කරලා බලපන්කො බන් වෙන එකියක් හරි ගෙනියන්න "
" වෙන කවුද බන් ඉන්නෙ....
ආ බන්.... නිශීට පුලුවන් ෆ්ලූට් ගහන්න... අඩෝ ඒකි මේ ඉස්කෝලෙ ලගත් එක්කල ඉන්නෙ... උබ කිව්වොත් නම් එයි ඒකි ඕනෙ තැනක යන්න......දන්න තරමින් ඒකිගෙ අම්මලා තාත්තලා අවුලකුත් නැහැ බන්... කතා කරලා බලපන්"
" බෑ යකෝ ඕකි එක්ක යන්න....අයියෝ ඕකි එක්ක ගිහින් මාව දූශනය කරයිද දන්නෑ ඕකි ඒ තරමට ඇගේ එල්ලෙන්න එන්නෙ..."
YOU ARE READING
ONCE AGAIN
Acak"මට එයාව ආයෙ කවදාවත්ම දකින්න වෙන එකක් නෑ ජනා" "ඕක අමතක කරහන් දැ- ඕහ් මයි ගෝඩ්!!"