Episode 16
"ටික්කි ටිකිරි සිනා පාලා.... රන් වලල්ල අතේ දමාලා "
කෑම්ප් එක පහුවෙලා ටිකක් දුර යනකොට අපේ ලමයින්ගෙ බජව්ව සුපිරියටම හිට් වෙලා තිබ්බේ.මාත් ඒ අස්සට පැනලා ලමයි සින්දු කියන ගමන් බොන්ගො එකට තඩිබෑවා.ජනියා අම්මටසිරි වෙන්න නිශී එක්ක දගරපනු ඩාන්ස් දානවා.අම්මෝ... ඒවා බලන් ඉදලා මටත් ඉන්න බැරිවෙනවා තව ටිකෙන්.
මෙච්චර කන් අඩි පැලෙන්න සින්දු කියද්දිත් සර් කාරයා නිකන් ජලබීතිකාව හැදිච්ච ගෝරිල්ලෙක් වගේ ගොරෝ ගොරෝ නිදි.ගස් ගෝතයෙක්ම තමා. දැන් ඉස්කෝලෙට ගියාම ඇරියස් ගන්නත් තියේනේ... කමන්නෑ සැපට නිදාගත්තුවාවෙ කියලා හිතන්නත් බෑ.දැම්ම ඇරියස් ගන්නම ඕනේ.
ජනායි මමයි ශේප්මන්ට් එකේ බෑග් එකේ තිබ්බ ටූත්පේස් එකක් අරන් සර්කාරයාගෙ අතේ ගෑවා. ඊට පස්සෙ බස් එකේ යන ගමන් කඩාගත්ත තණකොල කෙදි කෑල්ලකින් මුලු මූනම කිති කැව්වා.එකපාරටම සර්ගෙ අත ඇවිල්ලා මූන පුරාම අර ටූත්පේස්ට් ටික ඉලුවා.
අපි හැමෝම ආපහු දඩිබිඩි ගාලා නිදි වගේ හිටියා.
"බුදු අම්මෝ.....මගේ මූන දනෝ..... අයියෝ... ආආආආආආආ.... වතුර බෝතලයක් දෙන්න... ඉක්මන්ට ඉක්මනට... "
ගස් ගෝතයා බස් එකේ වහල උඩ යන්න බෙරිහන් දෙනවා.. ඒ අස්සෙන් ලමයි හූ තිය තිය හිනා වෙනවා....මම සර්ට වතුර බෝතලේ ගිහින් දෙන ගමන් සිරිමත් වගේ ඇහුවා....
"ඇයි සර් මොකද්ද වෙලා තියෙන්නෙ..."
"මොකද්ද... මොකද්ද වෙලා තියෙන්නෙ අහන්නෙ පේන්නැද්ද වෙලා තියෙන දේ... මොකද්ද වෙලා තියෙන්නෙ අහනවා තව."මුන නිකන් ඊජිප්තු මමියක් වගේ සුදුම සුදු පාටයි.හිනාව තද කරගෙන ඉන්නෙ කොහොමද ප*#&$..?
මෙ ගාලගෝට්ටිය නිසා බස් එක නැවැත්තුවා.ඊට පස්සෙ සර් බැහැල මූන හෝදන්න ගත්තා.සර්ට ආයි නෑ යකා සුපිරියට තද වෙලා...අලි වෙඩිල්ලක් කාලා වගෙ මුලු මූනම රතු වෙලා...
"මොකද්ද ඕයි මේ දීලා තියෙන්නෙ... අයියෝ මගේ මූන දැවිල්ලයි...මොන හු #& මුන් එක්ක ආවද මන්දා..."සර්ට තරහ වැඩිවෙලා කුනුහරපත් කියවෙනවා.ඒත් අපේ උන්ට නම් ෆුල් ආතල් එක.
මම සර්ට වතුර බෝතලේ කියලා වැරදිලා දීලා තියෙන්නෙ sprite බෝතලේ... අම්මෝ...ඇරියස් ඩබල් කවර් උනා... හැමිනේශන් තමා දැන්...
ඩ්රයිවර් අයියා ඉක්මනට ගිහින් වතුර බෝතලේ දුන්නෙ තව පරක්කු උනොත් ලමයි හැමෝටම ගුටි කන්න වෙනවා කියලා දන්න නිසාමයි.
"සාජන්... තමුසෙ මාව අමනුස්සයෙක් කරගන්න එපා හරිද "
(අමුතුවෙන් කරගන්න දෙයක් නෑ සර් කොහොමත් එහෙමයි)
"සීමාවක් තියාගෙන වැඩ කරනවා.. හොදට හිටියම ඇගේ නගින්න එනවා..... "
(අපෝ මං නාකින්ට ආස නෑ සර්. මං ආස හුරුබුහුටි කෙල්ලන්ට විතරයි.සර්ගෙ දුවගෙ ඇගේ නගින්න ආවා කිව්වා නම් කමකුත් නෑ... ඒත් මෙච්චර අපහාසයක් ඇයි සර් )
"සොරි සර් මට මාරු වෙලා බෝතල් දෙක "
මං මගේ වැරැද්දට සමාව ගත්තා... ඒත් ටූත්පේස් ගාපු එකට නම් ඔලුවෙන් හිටන් කිව්වත් සමාව නම් ගන්නෑ ගන්නෑම තමාහ්...
සර් කාරයාගෙ බැනිල්ල ඉවරයක් නැති වෙන පාටක් තියෙන නිසා ජනා ලමයි ටික ෆෝම් කරලා ආපහු සද්දෙන් සින්දු කියන්න පටන් ගත්තා.සර් කියන මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ..... බැරිම තැන ගස් ගෝතයා කට වහගත්තා....
ඌ උගෙ ආතල් එකේ තනියම බැන බැන ඉද්දි අපි අපේ ආතල් එක උපරිමෙටම බුක්ති වින්දා...
රෑ 10 වගේ වෙද්දි අපි ඉස්කෝලෙට ඇවිත් තිබ්බා.ලමයි නිදිමතයි මහන්සියයි දෙකම තියෙන නිසා... පඹයො වගේ වැනි වැනි බස් එකෙන් බඩු බෑවා.මට ගෙදර යන්න විදියක් තිබ්බෙ නැති නිසා මම කෙලිම්ම ජනාගෙ ගෙදරට චුත උනාහ්.
YOU ARE READING
ONCE AGAIN
Rastgele"මට එයාව ආයෙ කවදාවත්ම දකින්න වෙන එකක් නෑ ජනා" "ඕක අමතක කරහන් දැ- ඕහ් මයි ගෝඩ්!!"