Episode 17
"නැගිටපන් මීහරකෝ අන්න උබට මිස් බනිනවා "
ලස්සන හීන ලෝකෙක හිටපු මං ඇහැරවපු එකාට බැන බැන හිමීට ඇස් ඇරියා.
"නිදාගන්නද ඉස්කෝලේ එන්නේ..... "
"පුදුම වැඩක්නේ මේක......."
"අම්මගෙ නම්බරේ දෙනවා මට කතා කරන්න .."
මිසා බනින වෙලේ තැනින් තැනින් ලාවට වගේ ඇහෙනවා.ඒත් පට්ට නිදිමතේ බැනුම් අහන ගමනුත් නිදි කිරා වැටෙනවා.මං වතුර බෝතලේ අරන් මූන පොඩ්ඩක් තෙමාගෙන මිස් ගාවට ගියා.
"කියනවා අම්මගෙ නම්බරේ"
මං මගේ ෆෝන් එකේ නම්බරේ කිව්වා.ඒක ආන්සර් කරන්න කෙනෙක් නෑ මොකද ඒක මගේ බෑග් එකේ තියෙන්නෙ 😂.මිස් හතර පාරක් වගේ කෝල් කරලා බැරි නිසා වැඩේ අතෑරලා දැම්මා.
"අම්මා පස්සෙ කෝල් කරයිනේ මට එතකොට කියන්නම් දෝනියැන්දැගෙ විස්තරේ... "
"හා මිස්.... එහෙනම් මං දැන් ගිහින් ඉදගත්තට කමක් නැද්ද"
"ඉදගන්න.... අම්මපා මේකිගෙ තියෙන නැහැදිච්චකම... ටීචර් කෙනෙක්ට කතා කරන්න දන්නැ... දණගහනවා පන්තිය ඉස්සරහින් ගිහිල්ලා "
"හා මිස් "
ඒකිගෙ කම්මැලි බණ දේශනාව අහන් ඉන්නවට වැඩිය එලියෙ දණගහන් ඉන්න එක හොදයි කියලා මට දහස්වාරයක් හිතුනා.මිස්ට මාත් එක්ක ජන්මාන්තර වෛරයක් තියෙනවා වගේ.
මං ඈනුමුත් ඇර ඇර දොර ගාව දණගහන් ඉන්න වෙලේ ජනායි නිශීයි එතෙන්ට ආවා.
"හත්තික්කේ......මොකෝ බන් උනේ"
"නෑ බන් මිස් කිව්වා කූබින්ට අකුරු උගන්නන්න කියලා උනුත් පව්නේ.."
"අනේ පලයන් යන්න... මේ හෝල් එකේ ෆුඩ් ෆෙයා එකක් තියෙනවා... වරෙන්කො යන්න අපි මොනාහරි කාලා එමු... "
"ආ යමං යමං... මාත් එන්නම්.. කොහොමත් බඩිගින්නෙ බන් හිටියෙ "
අපි තුන් දෙනාම දුවගෙන ඒ පැත්තට ගියා.
ජනයි මමයි බස් එකෙ හිටියේ..
"ඒ ජනා මාත් උබ බහින තැනින්ම බහිනවා බන් අද.මාත් එක්කම බැහැපන් හොදේ පොඩි වැඩක් තියේ."
"ඒ මොකද්ද බන් ඒ"
"මාත් එක්ක බැහැපන්කො කියන දේ අහලා "
ජනායි මමයි බස් එකෙන් බැහැලා ස්ටේශන් එක පැත්තට ඇවිදන් යන්න ගත්තා.කෑම්ප් ගිහින් ඇවිල්ලා සතියක් පුරාවට මම කල්පනා කලේ කොහොමද සෙනූව හම්බෙන්නෙ කියලා හම්බෙන්න තියෙන හොදම දේ තමයි ඒකිගෙ ඉස්කෝලේ ගාව ස්ටේශන් එකට යන එක එයා අනිවාරෙන් එතන ඉන්න ඕනේ.
මං ජනාත් එක්ක ගිහින් ස්ටේශන් එක පුරාම බැලුවා... ඒත් එයා හිටියෙ නෑ.... මගේ හිතේ තිබ්බ අන්තිම බලාපොරොත්තුවත් නැති වෙලා ගියා... අන්තිම තුරුම්පුවත් මිස් උනා.
"මට එයාව ආයෙ කවදාවත්ම දකින්න වෙන එකක් නෑ ජනා"
"ඕක අමතක කරහන් දැ- ඒ අඩෝ අර බලපන්!!!"
දෙයියනේ....අයිස් ක්රීම් එකකුත් කකා ඒකි එනවා... හැබැයි පාරෙන් එහා පැත්තෙ...මං පිස්සුවෙන් වගේ මං හිටපු තැනින්ම පාර පැන්නා...මට ඕනේ උනේ එයා ගාවට ඉක්මනට යන්න විතරයි... ඒත්
"පසියා................................................................බලාගෙන............................."
මට අන්තිමට ඇහුනේ ජනාගෙ කෑගැහිල්ල විතරයි.
මාව උඩින් විසි වෙලාගිහින් බිම වැටුනා.මුලු ඇගම මොකක් හරි බර දේකට අහුවෙලා වගේ පුදුම විදියට වේදනා දුන්නා.නැගිටගන්න හැදුවට නැගිටින්න බෑ.ඒත්... දෙයියනේ සෙනු මගේ ලග... එයා ඇවිල්ලා මගේ ඔලුව එයාගෙ උකුලෙන් තියාගෙන....හොදටම අඩනවා.
ඇති යන්තන් එයා මගේ ලග...වෙන මොනවද තව ඕනේ
මං එහෙම්මම ඇස් දෙක පියාගත්තා. 💔

YOU ARE READING
ONCE AGAIN
De Todo"මට එයාව ආයෙ කවදාවත්ම දකින්න වෙන එකක් නෑ ජනා" "ඕක අමතක කරහන් දැ- ඕහ් මයි ගෝඩ්!!"