Episode 10
"ඕහ් ශිට්... වට් ද හෙල් බ්රෝ " මම මටම කියාගත්තා.
"අනේ පසී මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ මම ඔයා එනකල්මයි බලාගෙන හිටියේ... "
හෑ මේකි මොකාටද මේ එන්න හදන්නෙ.මාරුවෙන්න ජනාවත් නැහැ ලගපාත.කඩන් වැටෙන්නෙම මේ වගේ මරාලමයි..මොන පවක් කලාටද දෙයියනේ මෙහෙම කරන්නෙ?
"පසී මේ මෙහෙට එන්නකො"
නිශී මට ගලක් උඩින් ඇවිත් ඉදගන්න කියලා කිව්වා.වෙන කරන්න දෙයක් නැතිකමට මම ගිහින් එතනින් ඉදගත්තා.මම මොකුත් කියන්න ගියේ නෑ ඒකිටම කතා කරන්න දීලා කට පියන් හිටියා.වෙනද ලෝස් නැතුව කියවන එකී අද පොඩ්ඩක් සයිලන්ට් වෙලා...සමහරවිට මොනාහරි කැවිලද දන්නෑ...
"මම මේක ඔයාට ගොඩක් කල් ඉදන් කියන්න හිටියෙ... මං ඔයත් එක්ක තරම් මේ ඉස්කෝලෙ කතා කරන කෙනෙක් නැතුව ඇති. (මං දන්නෙ කොහොමද හොරෙන් හොරෙන් කතා කරලා මෙතන බොරු කියනවද කියලා බ්ලා බ්ලා බ්ලා ) මොකද ඔයා තරන් හිතට දැනෙන කෙනෙක් අපේ ඉස්කෝලේ නැ.මට ඔයාව අනිත් අයට වඩා විශේෂයි.මං හිතනවා ඔයා ඒ දේවල් ගැන දන්නවා කියලා "
" ඒ ඉතින් මම සාජන් ඔයා ජූනියර් ඒක නිසා"
නිශී කියන්න යන දේ ලාවට තේරුන නිසා මම නිශීව විහිලුවෙන් මග අරින්න හැදුව.මම ඉදගෙන හිටපු තැනින් නැගිට්ටා.
"තේරුමක් නැති කතා අහන්න නම් මට වෙලාවක් නෑ නිශී...තේරුන්ගන්න මං වැඩ ගොඩක ඉන්නෙ... ජනාට කියලා බලන්න ඔයාගෙ ප්රශ්නෙට විසදුමක් හම්බෙයි "
ඒත් දෙපාරක් හිතන්න ඉඩ තියන්නැතුව නිශී එකපාරටම මගේ කම්මුලට කිස් එකක් දුන්නා.
"දැන්වත් තේරුනාද ඔයාට "
දෙයියනේ සෙනූ!!!!
කිස් එක දෙනකොටම ඇස් කොනින් සෙනූ මම දිහා බලන් ඉන්නවා මං ලාවට දැක්ක.එයා කවදාවත් නැතුව මාව බලන්න බිලට් එකට ඇවිල්ලා.... නිශී කිස් එක දෙනකල්ම එයා මගේ පැත්තට ඇවිත් කියලා මම දැක්කෙ නැහැ.ඒත් එයා ඉන්න තැන උන දේට මට පොලව පලාගෙන යන්න හිතුනා.
ඒ මූනෙ කිසිම හැගීමක් තිබ්බෙනෑ....හෙන කලකිරීමක්... එයා එහෙමම අනිත් පැත්තට හැරිලා ආපහු එයාගෙ බිලට් පැත්තට ගියා.

YOU ARE READING
ONCE AGAIN
Acak"මට එයාව ආයෙ කවදාවත්ම දකින්න වෙන එකක් නෑ ජනා" "ඕක අමතක කරහන් දැ- ඕහ් මයි ගෝඩ්!!"