EPISODE 13

239 42 65
                                    

Episode 13

හැමෝම Instruments එල්ලගෙන පෝලිමක් හැදිලා පෙරඩ් ග්‍රවුන්ඩ් එකට මාච් කරන් ගියා.මිස්ලා ඇවිත් කුසපත් අංක පිලිවෙලට පෙරඩ් ග්‍රවුන්ඩ් එකේ පෝලිම් කෙරෙව්වා.දෙයියනේ මහ රැජිණ මගේ එහා පැත්තෙ.. " *ලබ් ඩබ් ලබ් ඩබ්* " මගේ හාට් එකේ සද්දෙ මටම ඇහෙනවා.

අපි පෝලිම් වෙලා ඉන්න අතරතුරේ මයික් එකෙන් සමස්ත ලකුනු කියන්න පටන් ගත්තා.අපිට ඩ්‍රිල් වලිනුයි මියුසික් වලිනුයි ඇර අනිත් හැම ඉවෙන්ට් එකකම ප්ලේස් එකක් තිබ්බා. මට මාර සතුටුයි.කරපු කැපවීමට හරියන්න දේවල් ආපහු හම්බෙනවා කියලා දැනුනා.මට පෙරඩ් ග්‍රවුන්ඩ් එකේ කෑගහලා නටන්න හිතුනා. අපි 3 rd Place 🥺 ඒත් ඔක්කොටම වඩා සතුටු හිතුනේ....

හොදම වෙඩිතබන්නිය සෙනූ වෙලා
හොදම ආත්ම විශ්වාසය හිමි ශිෂ්‍යභටවිය මම උන එකට

අපි සම්මානය ගන්න යනකොට තමන්ගෙ මෙස් එක එහා පැත්තෙ ඉන්න සාජන්ට දෙන ඔනේ.සෙනූ යන වෙලාවට මගේ එක මම එයාට දුන්නා.එයා යන වෙලාවට එයාගෙ එක මට දුන්නා.

සැරින් සැරේ සෙනූ දිහා බලනකොට එයා ඇස් ගහනවා.

දෙයියනේ මේ කෙල්ල මට ලැජ්ජ කරනවානේ.ඒ වගේ වෙලාවට කට්ටිය මැද්දෙ මම හෙන අසරණයි.උඩ බිම බල බල හිනාව තද කරන් ඉන්න පුදුම කට්ටක් කෑවෙ.

පෙරඩ් ප්‍රැක්ටිස් අතරතුර ලමයින්ට ගොඩක් මහන්සි නිසා පොඩි බ්‍රේක් එකක් දුන්නා... මම කෝප්‍රල් කෙනෙක් අතට මෙස් එක දීලා ජනාවත් ඇදගෙන මගේ නයිට්‍රජනීය බහිස්‍රාවීය අපද්‍රව්‍ය පිටකරන්න ගියා.(චූ දාන්න 😂👉👈) ලමයි හැමෝම ලග තියෙන බිලට් වලට ගියත් මම දැක්කා සෙනූ හද්ද ඩොටේ තියන එයාලගෙ බිලට් එක පැත්තට යනවා.මමත් ජනාවත් කතා කරන් ශේප් එකේ එයාගෙ පස්සෙන් ගියා...

සෙනූ අපි පස්සෙන් එනවා කියලා දැන දැනත් නොදන්න ගානට යනවා මොකද්ද එකෙක් වගේ.නලෝ නලෝ යන විදියට පස්සට එකක් දෙන්නමයි හිතේ...කොහොමහරි අපි තුන් දෙනාම වොශෲම් එකට ගියා.ජනාට යන්න ඕනේ නෑ කියලා ජනා එලියට වෙලා හිටියා අපි එනකල්.

"ජනා මේහ්... කවුරුහරි ආවොත් කියහන් "

"හරි බන් එල...මේ තනිකඩයාව රිද්දපන්කො ඔහොම හැමදාම"

" අනේ සුදූ...මං ආදරෙයිනේ... උම්මා පොඩ්ඩක් බලන්න ඈ"

"👍"

සෙනු වොශෲම් එකෙන් එලියට එන්න හදනකොටම මම දොරත් ඇරන් සෙනූත් එක්කම ආපහු ඇතුලට ගිහින් දොර වහගත්තා.අම්මෝ බෝනික්කෙක් වගේ ඇස් දෙකත් ලොකු කරගෙන මං දිහා බලන් ඉන්න විදියට කන්නමයි හිතෙන්නෙ.

"කෝ දැන් අර ලොකු කම "

"එහෙම ලොකුකමක් නෑ...මොකද කරන්න යන්නෙ... පිස්සු හැදිලද මේකට රිංගුවෙ"

"ආ... ආ... ඇයි මට එන්න බැරිද... ඔයා ඉන්න තැනකට එන්න කගෙන්වත් අවසර ගන්න ඕනේ නැහ්"

"එහෙමද දන්නෑ හිතන් ඉන්නෙ"

"ඔව් එහෙමමයි මම හිතන්නෙ"කියලා පැනපු ගමන් මම එයාගෙ තොල් දෙක හපාගෙන කිස් කරන්න පටන් ගත්තා.එවලෙ මට මාව කන්ට්‍රොල් කරගන්න බැරුව ගියා.කලින් පාරවල් වලට වැඩිය ගොඩක් රලු විදියට මම කිස් කරන්න ගත්තා.හයියෙන් හැපුවා..සමහර වෙලාවල් වලදි හීනි කෙදිරියකුත් සෙනුගෙ කටින් කියවුනා.ඒක සැර වැඩි උනාද මන්දා කියලා මට හිතුනෙ කිස් එක දීලා ඉවර උනාම.සෙනූ තාම කලිසම හරියට ඇදගෙනත් නෑ ඒක දැකපු මගේ අත හිමින් සැරේ එයාගෙ කකුල් දෙක දිහාට ආවා.

"ඕක නම් කරන්නෙපා.. හැබැයි මං කෑගහනවා..ඔයා දන්නවනේ"

"කෑගහනකොට තව හොදයිනේ එහෙනම් මම අනිවාරෙන් කරනවා "

ඒත් කට තිබ්බට වැඩනම් නෑ හිහී.මම ලගට එන්න එන්න මගෙ අත් දෙක එයා එක අතකින් අල්ලලා තද කරගෙන කලිසම හරියට ඇදගත්තා.එයාගෙ හයිය ගාව හැරෙනවා බොරු.එයා මගේ අත් දෙක අතාරින්නෙම නැතුව වොශෲම් එකේ දොරත් ඇරගෙන එලියට ඇවිත් තමා මාව අතෑරියෙ එයාට බෙල්ට් එක දාගන්න.

"පසි... කවුරුහරි ඩෑල් එකක් මේ පැත්තට එනවා"ජනා තිතට ඔත්තුව දුන්නා.

මම ආපුවැඩේත් කරගෙන ඉවර උනාම අපි තුන් දෙනාම දඩිබිඩි ගාලා එලියට පැනලා ආපහු පෙරඩ් ග්‍රවුන්ඩ් එකට දිව්වා.

ONCE AGAIN Where stories live. Discover now