Episode 14
"ඇයි බන් උබ නිකන් දාහට අරන් සීයට දීලා වගේ ඉන්නෙ "
"නෑ බන් මම මෙ කල්පනා කලේ... කැම්ප් එකෙන් පස්සෙ සෙනූව ආපහු මට හම්බෙයිද... "
"හම්බෙන්න දෙයක් නෑනේ බන් උබලා දෙන්නා දැන් උබලා දෙන්නගෙ වෙලා ඉවරයිනේ."
"එහෙම නෙවේ ජනා මම කොහොමද හම්බෙන්නෙ කියපන්කෝ.මේ තියෙන සතුට තාවකාලිකයි කියල හිතෙනවා.එයාව හම්බුනත් අපිට අත් දෙක අල්ලන් ආදරෙන් එහෙ මෙහෙ යන්න පුලුවන් වේවිද ?... දැන් ඉස්සර වගේ පොඩි ලමයි නෙවේනේ.. "
"අඩෝ හිනස්සන්නැතුව ඉදහන්....මට නම් උබව කොන්ඩෙ කපපු දවසෙ ඉදලා පේන්නෙ මොන්ටිසෝරි බබෙක් වගේ "
"අඩෝ ඒක නෙවෙයි බන් පොඩ්ඩක් තේරුන්ගනින්කෝ හෙට පාසින් අවුට් එකෙන් පස්සෙ එයා යන්නම යයි.විහිලු නෙවේ දෙයියෝ..." මම ඇස් දෙකේ කදුලු පුරෝගෙන ජනා දිහා බැලුවා..
" ඔයාලා ඔය කවුරු ගැනද කතා වෙන්නෙ!!!!!!!!......"
දෙයියනේ මේකි මෙච්චර වෙලා උඩ ඇදේ ඉදන් ඔක්කොම අහන් ඉදලාද... මට රන්ටැඹේ ඩෑම් එකට ගිහින් පැනලා මැරෙන්න තරන්....උඩට ගත්තු හුස්ම ආපහු පහලට දාන්නෙත් නැතුව මම ගල් වෙලා වගේ උඩ ඇදේ ඉදන් අපි දිහා බලන් ඉන්න නිශී දිහා බැලුවා.ඇහැ අගිස්සෙ එල්ලි එල්ලි තිබ්බ කදුලු බින්දුවක් කම්මුලට වැටෙනවත් එක්කම මම ආපහු පියවි සිහියට ආවා.එතනින් නැගිටලා මම ටවල් එකත් අරන් බිලට් එකෙන් එලියට දිව්වා.
මම ඇඩෙන එක නැවතෙනකල් ශවර් එක යටට වෙලා හිටියා.මම පරක්කු මොකද බලන්න ජනාත් ඒ පැත්තට ආවා.
"අඩෝ උබව දියවෙයි ප# මෙන්න මෙහෙ වරෙන්... අන්න ලමයි ටික එකතු වෙලා පැදුරක් දානවා.උබවත් එක්කන් එන්න කියලා කෑගහනවා."
"යමං යමං මං එන්නම්."
"මං නිශීව ශේප් කලා උඹ වරෙන්කො.දැන් අවුලක් නෑ....කෝ ඉතින් වරෙන් ඔන්න ආවෙ නැත්තන් උස්සගෙන හරි යනවා."
"පලයං යන්න උබ උස්සයි මාව හහ් "
" ආ ඇයි චැලේන්ජ් කරනව ද " ජනා මගේ ටවල් එක අරන් මගේ ඇග වටේ ඔතලා මාව උස්සගෙන බිලට් එක ඇතුලට ගෙනිච්චා.
" හු *$&#- බිමින් තියපන් මම සබන් ගෑවෙත් නෑ යකෝ නාගෙන එන්නම් "
"සබන් ගාන්න හෙට.දැන් වරෙන් සින්දු කියන්න"
ජනා ගියපු ගමන් බිලට් එකේ දොර ලොක් කරලා යතුර තංගල්ලෙ දාගත්තා.දැන් ඉතින් ගන්නවා බොරු.මාත් කරන්න දෙයක් නැති නිසා කලිසන් කොටේකුයි ස්කිනර් එකකුයි ගහගෙන ලමයි සින්දු කියන තැනට ගියා.
"ආ.... සාජන් ආවානේ දැන් අපිට සාජන් සින්දුවක් කියලා පෙන්නන්න ඕනේ... 3rd ප්ලේස් ගත්ත එකට තෑග්ගක් විදියට සින්දුවක් කියන්නම ඕනේ..."
"ඒ පිස්සුද මට සින්දු කියන්න බෑ ලමයි"
"සින්දුවක් ඕනේ... සින්දුවක් ඕනේ... සින්දුවක් ඕනේ...."මුන් ටික මියුසිකල් ශෝ එකකට ගිහින් වගේ කෑගහන්න ගත්තා.දෙයියනේ ඇයි මං නරි රංචුවක් එක්ක කෑම්ප් ආවෙ.... අන්ද්වේ...
"හරි හරි කියන්නා.....ම්... ඔන්න මං කලින්ම කිව්වා මට සින්දු කියන්න බෑ කියලා....අමාරුවෙන් අහන් ඉදපල්ලා දැන් කෑගැහුවා නම් "
මං ඉස්සර ඉස්කෝලේ එයා ලග ඉන්නකොට ගොඩක් කියපු සින්දුවක් මම එවලෙ කිව්වෙ
"දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා
මල් පෙති සින්දු නෑ කියා මම දන්නවා.....
ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත උමතු කලා
කියා.... ඔබ දන්නවා.....ඔබ මලක් වෙලා සොදුරූ...
මගෙ පපුව පුරා පිරුනූ...
නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නෑ....
මගෙ දිවි තිබෙන තුරා...
ඔබ මට ලැබුණා කියා.... "(Lyrics වැරදී නම්....කරන්න දෙයක් නෑ එහෙම තමා මම කියන්නෙ )
" අරේ වාහ්..... නියමයි යකෝ... "ලමයි විසිල් පාරකුත් එක්ක අප්පුඩි ගැහුවා.
ජනා හිමීට මං ගාවට ඇවිල්ලා කනට කරලා ,
"සෙනූට නේහ් කිව්වෙහ් ම්ම්"
"නෑ උබෙ ආච්චිට.. පලයන් යන්න "
ලමයි ටික එතන කියෝ කියෝ සතුටු වෙවී ඉදිද්දි මම ඇදට පැන්නා.ආපහු මට අර ප්රශ්නෙ මතක් වෙන්න කලින් හොද වෙලාවට නින්ද ගිහින්...
ඒත් හෙට මොනවා වෙයිද????.....

YOU ARE READING
ONCE AGAIN
Random"මට එයාව ආයෙ කවදාවත්ම දකින්න වෙන එකක් නෑ ජනා" "ඕක අමතක කරහන් දැ- ඕහ් මයි ගෝඩ්!!"