Episode 3
මං ගෙදර ඇවිල්ලා කෑම්ප් යන්න උවමනා දේවල් හැමදේම ලෑස්ති කරගන්න පටන් ගත්තා. අක්කගෙන් ඉල්ලගත්තු සල්ලි වලින් මට ඕනේ කරන දේවල් ගත්තා.. ගෙදර අය කොච්චර බැන්නත් කෑම්ප් එක යන එකනම් මම කීයටවත් නවත්තන්න හිතුවෙ නෑ...මොකද කැඩෙට් කියන දේ මගේ ජීවිතේ එක කොටසක් වෙලා තිබුනේ.
සති තුනකට පසු....
"බන් ජනා...කෑම්ප් යන්න තව දවසයි බන් තියෙන්නෙ.එයා නැතුව කොහොමද බන් මම මෙහෙම යන්නෙ... හිතාගන්න බෑ බන් පට්ටෙට වෙනස් වෙලා..."
"බය වෙන්නෙපා බන් මම ඉන්නවනේ ඕනෙ දේකට...ඕනෙ වෙලාවක මට කතා කරපන්...මං මේ වෙනකල් උබව තනි කරලා නෑනේ බන්... "
" අඩෝ උබ ඕනේ දේකට ඉන්නවා කිව්වනේ... එහෙනම් වරෙන්කො මාත් එක්ක තොලක් දාන්න.. අනේ අනේ.. උබ කිව්වා ඕනේ දේකට ඉන්නවා කියලා..."
මං කිස් කරන්න වගේ ජනා ගාවට ලං වෙද්දි ඒකි මාව අතෑරලා දුවන්න ගත්තා.
"අහකට පලයන් වනචරයා.. ඕවට එන්නෙපා....තාම ප්රථම හාදුවවත් දීලා නැහැ මම. පලයන් බේසිකයා අහකට.. "
ඔහොම ජනාගෙ පස්සෙන් එලවන් ඉන්න අතරෙ ජනාගෙ කකුල ලිස්සල ගිහිල්ලා ජනා කෙල්ලෙක්ගෙ ඇගේ හැප්පුනා.. අම්මට සිරි.. මේ අර ගිනි බෝම්බේ නේද...මේකිට අහු උනා කියන්නෙ කුනු බැනුම් තමා...ඒකි පිටිපස්ස හැරිලා බලන්න කලින් ඇස් දෙකෙන් ජනාට දුවන්න ඉගි කරපු මමයි , ජනායි කකුල් දෙකට හයිය දාලා දිව්වා පන්ති පැත්තට....
" අම්මෝ පසී ඕකිගෙන් බේරුන එක ලොකු දෙයක්...ඔය හැකර කට ඇරියොත් ජනෙල් වීදුරුත් කුඩු වෙලා යනවා බන්... කවුද දන්නෑ ඕකිට මිහිරි කියලා නම දැම්මෙ... අමිහිරි කියලා දැම්මා නම් තව ගැලපෙනවා.. 😂"
හෙට කෑම්ප් එක යන නිසා අපේ ඉස්කෝලේ නයිට් කෑම්ප් එකක් තියලම හෙට යන්න තීරණය කරලා තිබුනේ.මොකද ලමයින්ව පොඩ්ඩක් කෑම්ප් යන්න හුරු කරන්න ඕනෙ නිසා....මේ අදහස දුන්නෙ ජනා...මොකද කලින් ඉස්කෝලෙදිත් අපි මෙහෙම නයිට් කෑම්ප් එකක් ගහලා තමා කෑම්ප් ගියේ...
වෙලාව 9 ට කිට්ටු වෙලා.ලමයි හැමෝම ඇගහෝදන් ඇවිත් නිදාගන්න හදන්නෙ.. අපේ ඉස්කෝලේ කෑම්ප් තියන්න වෙනම හෝල් එකක් හදලා තිබ්බා...රන්ටැඹේ වගේම...මම හෝල් එකේ දොර ගාවට වෙලා ඉදගෙන අහස දිහා බලන් කල්පනා කරා ඇයි මට මෙහෙම උනේ කියලා... ඉස්සර කෑගහලා , විහිලු කරලා ,කට්ටි පැනලා ,ගුටි කාලා හිටිය මම නිකන් දැන් තෙල් ගැහුවත් දුවන්නෙ නැති අබලන් බයික් එකක් වගේ... හොදට මට්ටු වෙලා හැමපැත්තකින්ම... ඔහොම ඉන්න අතරෙ ජනියා නැට්ට කැඩිච්ච හූනා වගේ බිලට් එක පැත්තට දුවගෙන ආවා...
"සර් එනව හු-#&(.... නි...දා....ග...නි...ම්... "
ඒක ඇහුනා විතරයි ජනියයි මමයි එතන ලගම තිබ්බ මෙට්ටෙ උඩට පැනලා බෙඩ්ශීට් එකත් පොරවගෙන නිදි වගේ හිටියා.. සර් ඇවිත් හැමෝටම ටෝච් ගහලා බලලා ආපහු යන සද්දෙ ඇහුන නිසා මම බෙඩ්ශීට් එක අයින් කරලා බැලුවා... ජනියත් ඒත් එක්කම මගේ දිහා බැලුවා..
" කොහෙද යකෝ මේ මහ රෑ සක්මන් කරන්නෙ.. මහසෝනාවත් ගැහුවොත් ඉස්කෝලේ කොහෙ හරි ඉදලා.."
" නෑ බන් මේ මම බඩ්ඩක් ගෙනාවා... ගෙස් කරපන් බලන්න පුලුවන් නම් "
" ශුවර් එකට එහා ගෙදරින් ජන්ගියක් උස්සන් එන්නැති උබ... කරොත් කරන්නෙ ඔය වගේ වැඩක්නේ...ජන්ගි හොරා... "
" ඊයා බන් උබ හිතුවද මට ඇදුන් නෑ කියලා... මේ බලහන් මම ගෙනාපු දේ "
ජනියාගෙ අතේ තිබ්බ දේ දැකලා මගේ රස නහර පිනාගියා...කාලෙකින් කෑවෙ නෑ... මේ වගේ වෙලාවක ඕනෙම දෙයක්...
" කොහෙන්ද බන් හැලප හොයාගත්තෙ.."
"තාප්පෙන් පන්න ගත්තා බන් සුද්දාට කියලා ඌ බොක්කනේ... බඩිගිනී ඉන්න බෑ උබ දන්නවනේ මගේ බඩගින්නෙ තරම "
ජනායි මමයි හැලප දෙකත් කාල හෙට නැගිටින්න එලාම් එකත් තියලා ඇල උනා.

YOU ARE READING
ONCE AGAIN
Random"මට එයාව ආයෙ කවදාවත්ම දකින්න වෙන එකක් නෑ ජනා" "ඕක අමතක කරහන් දැ- ඕහ් මයි ගෝඩ්!!"