Episode 15
"2023 වර්ශයේ බාලිකා සමස්ථ ජ්යාග්රහණය හිමි කරගන්නේ....."
මට මගේ ඉස්සරහ තියෙන මුකුත්ම පේන්නෑ.ඒ තරම් මගේ ඇස් දෙක කදුලු වලින් බර වෙලා.මං පුලුවන් නම් මෙතනින් කාටවත් හොයාගන්න බැරි තැනකට දුවලා.ඒ තරන් මට එතන ඉන්න එක එපා වෙලා තිබ්බේ.එයාගෙන් ඈත් වෙලාම හිටියා නම් මෙච්චර හිත රිදෙන්නෑ කියලා තේරෙනකොට පරක්කු වැඩියි.
ජ්යාග්රාහී කණ්ඩය සුදු පඩිපෙල නග්ගවලා අපිව පෙරඩ් ග්රවුන්ඩ් එකෙන් මාච් කරලා එලියට යැව්වා. යන තැන හැමෝගෙම අම්මලා ඇවිල්ලා ලමයිව බදාගෙන ඉඹගෙන උන්නවා.... මම අපේ බෑන්ඩ් එක අරන් පරණ පෙරඩ් ග්රවුන්ඩ් එක පැත්තට ගියා.පාසින් අවුට් එකේදි අපේ ඉස්කෝලෙන් අම්මලා ගානේ තියෙන සාදේ ලෑස්ති කරලා තිබ්බෙ එතන.
අපේ ලමයි හැමෝගෙම අම්මලා තාත්තලා ඇවිත් හිටියා... අපේ ඇර. 😂(😓) මම ගෙදරින් එනකොටම දැනගෙන හිටියෙ අපේ ගෙදරින් කවුරුත්ම එන්නෙ නෑ කියල.මොකද ගෙදර කවුරුත් කැමති උනේ නෑනේ මම කෑම්ප් එක යනවට.
යකඩෝ.... මූත් ඇවිල්ලා....!!!!!!!
"දෙනුවර අයියේ............" මම ඒ දිහා හැරිලා හයියෙන් කෑගැහුවා.
ඩෑල් එක මේ පැත්තට එනවා. ඒත් එයා එක්ක තව කවුද උසට උසේ අදුරන්නෙ නැති කෙනෙකුත් හිටියා.දෙනුවර අයියා නම් ඉස්සර වගේමයි සුදුම සුදුයි , උසයි , ඇගත් හදාගෙන හෙන හැන්ඩි පෙනුමට හිටියා.මට මතකයි ඉස්සර මූ ආවම ප්ලැටූන් එකේ ලමයි පිස්සු වැටිලා ඉන්නවා.
"අඩේහ් පොඩි එකා... බලහන්කො සාජනුත් ඇදල මේකි "
දෙනුවර අයියා ඇවිත් මගේ කරට අත දාගෙන කොන්ඩෙ අවුල් කරා.
"ආ මේ.. දැන් පොඩි නෑ හරිද... ඔයාලානෙ මේ අංකල්ලා වෙලා තියෙන්නෙ.. රැවුලුත් වවාගෙන "
"ගෙදර අය කෝ බන් ..? උඹ අපේ එකී එක්ක කතා නැද්ද දැන්... ඉස්සර කරේ තියන් නේ හිටියේ.උඹ ගැන ඇහුවමමත් මුකුත් කිව්වෙ නෑ " දෙනුවර කියන්නෙ සෙනූගෙ එකකුස උපන් අයියා.ඒ උනාට දෙන්නා හැමදාම වලි.. පොඩ්ඩක් දන්නැද්ද ආදරේ වැඩි උනාම හිහී.
"ගෙදර අය කොහෙ එන්නද අයියේ.උන්ට මගෙන් සත පහක වැඩක් නෑ.කෝ ආවෙ නෑනේ හම්බෙන්න ආවා නම් කතා කරනවා."
"ආහ් ගනන් ගන්නෙපා මං ආවානේ උබව බලන්න.ඒක නිසා හිටපන් සතුටින්....
ඔන්න බලහන් තොපි දෙන්නගෙ ලොකු ලයින් නිසා තොපි දෙන්නටම කතා කරන්න වෙන්නෑ ඔහොම ගියොත්.අනේ මන්දා මේ පොඩි උන්.."
"ඒක නෙවේ කවුද අප්පා මේ හැන්ඩ්සම් ඩෑල් එක මට දැකලා පුරුදුයි ඒත්...මතක නෑනේ.අදුන්වලා දෙන්නෙවත් නෑනේ අපිට.ලව් එකද බන් අයියේ උබේ? "මම ඒක ඇත්තටම ඇහුවෙ විහිලුවට...ඒත්...
එකපාරටම ඩෑල් එකගෙ ඇස් උඩ ගියා.මූන වෙනස් වෙලා දෙක වෙලා චොර වෙලා මක්කද වෙලා ගියා.දාඩියත් දානවද මන්දා.
" පි..පිස්ස්ස් සු.. ද නන්ගි උබට...ඔලුව කොහෙ හරි වැදුනද... මෙහ් මෙ.. මේ මූ බිනරයා.මගෙහ්.. යා..ලුවෙක් විතරයි.. නේ..ද මචන්"
මම පුදුම අමාරුවෙන් හිනාව තද කරගෙන හිටියා.දෙනුවර අයියා ගොත ගගහා එහෙම කිව්ව ගමන් මට වැඩෙ මීටර් උනා..ආ කමක් නෑ ඔහොම ගියාවෙ.අපිව තම්බන්ඩ ආවා මදි හුහ්..
"ආඅ.....................................................ආව් ආව්.... මේ බලන්නකෝ ලව් බර්ඩ්ලා දෙන්නෙක්.. ම්ම්..නම් දෙකත් නියමයි හැබැයි අකුරු දෙකයි වෙනස් ආහ්... "
" පිස්සුද යකෝ කෑගහන්න එපා... අපි දෙන්නට වහ කන්න වෙන්නෙ ඔහොම ගියොත් ....ගල් ගෙඩියකින් ඇදලා අරින්නෙ දැනගනිම්.. "
"එහෙමද... ඇදලා ඇරපන් බලන්න.මෙතන එනවා මාව තම්බන්න...දන්නෙ නෑ කියලා හිතන් ඇත්තෙ ඕවා... අපිටත් යමක් කමක් තේරෙනවා ඈ.... " ඒ කියන්නෙ නැන්දම්මාට කවදාවත් දරු සුරතල් බලන්න බැරි වෙයි....පව් වැඩෙ..
"හා හා පැහිච්ච ආච්චි මෙන්න මේක තියන් කට වහගෙන හිටු"
අම්මටෞඩු පැණි වලල්ලක්... සෙනූලගෙ පාටියෙන් උස්සපු එකක්...දවස් හතකින් පැණි වලල්ලක් ඇහැටවත් දැකලා තිබ්බෙ නැහැ.මම අතට හම්බුන පැණි වලල්ල එක කටට ගිලලා දැම්මා.
"ඒ බිනර අපි යමන් බන් මේකි අපිවත් ගිලීද දන්නෑ මේ යන විදියට "
උන් දෙන්නාත් ශේප් එකේ එතනින් මාරු වෙලා ගියා.මම සර් එක්කත් කතා කරලා කෑම තියෙන ජාති ටිකකුත් කාලා බිලට් එකට ගියා.ලමයි හැමෝගෙම අම්මලා පිටත් වෙලා ගියපු නිසා අනිත් ලමයි හැමෝමත් බිලට් එකට ඇවිත් හිටියා.අපි බඩු ඔක්කොම බාර දීල බස් එක එනකල් කයියක් ගහගෙන හිටියා.
බඩු ඔක්කොම වගේ අස් කරලා තිබ්බ නිසා බස් එකට පටවන්න වැඩිය මහන්සි වෙන්න ඕනෙ උනේ නැහැ.මමයි ජනායි ආපහු ආපු සීට් එකෙම්ම වාඩි උනා.

YOU ARE READING
ONCE AGAIN
Random"මට එයාව ආයෙ කවදාවත්ම දකින්න වෙන එකක් නෑ ජනා" "ඕක අමතක කරහන් දැ- ඕහ් මයි ගෝඩ්!!"