12'th part

386 54 1
                                    

ජන්ගුක් ජිමින් එක්ක කතා කරකර ඉදලා කාමරේට අාවේ නිදාගන්න හිතාගෙන කාමරේ දොර අැරගෙන අැතුලට එද්දි ජන්ගුක් දැක්කෙ සැපට නිදාගෙන ඉන්න ටේයන්ව... බර හුස්මක් හෙලපු ජන්ගුක් අැදෙන් හාන්සිවෙලා අැස් දෙක පියාගත්තෙ එ් හීනේ අදවත් පේන්න එපා කියලා ප්‍රාර්තනා කරන ගමනුයි...

.
.
.

"තමුසෙ මට බොරු කරා ජන්ගුක්... තමුසෙ දන්නවා තමුසෙට මං අාදරෙයි කියලා... "

"ටේ මං කියන දේ එකසැරයක් අහන්න එකම එක සැරයක්... "

"කට පියාගනින්... තමුසෙත් තමුසෙගෙ අප්පා වගේම ගෑනු ප්‍රේරේතයෙක් තමයි... ෂිට්... මම තමුසෙව ඔ්නවටත් වඩා විශ්වාස කරා... දැන් අඩාගෙන එන්න එපා මිනිහෝ ගෑනු වගේ.. . කට පියාගනින්... මට තමුසෙගෙ කටහඩ අැහුනත් අප්පරියයි ... යනවා මෙහෙන්
.. අාය තමුසෙගෙ ඔය මූසල මූන මට පෙන්න තියන්න එපා... යනවා... "

ජන්ගුක්ගෙ මූන දිහා බලාගෙන එක දිගට කෑගහගෙන ගියපු ටේයන් වේගෙන් උඩමහලට ගියේ ජන්ගුක් දිහා මාරාන්තික බැල්මක් එල්ලකරන ගමනුයි... එ්ත් ජන්ගුක් කියාගන්න බැරිතරම් අසරන වෙලයි හිටියේ එයාගේ කටට එන එ්වා උගුරෙන් එහාට අාවේ නැත්තෙ ජන්ගුක්ගෙ අැස්වලින් තනිකරම කදුලු විතරක් ගලාගෙන යද්දි...

"චිමී හියුන්ග්... "

ජන්ගුක් ජිමින් දිහා බලනවත් එක්කම ජිමින් ජන්ගුක් දිහා බලල උඩ තට්ටුවට ගියේ ජන්ගුක් විතරක් එතැන තනිකරලා කොච්චර සීතල වුනත් එ් ටයිල් පොලොවේ ජන්ගුක්ගේ කදුලු දියවුනේ කියාගන්න බැරිතරම් දුකක් හිතේ ඉතිරි වෙද්දියි...

.
.
.

ටේයන් එකපාරින්ම අැහුරුනේ එහාපැත්තෙන් කෙදිරි ගාන සද්දයක් අැහෙන හින්දා ටේයන් ඉක්මනින් ලයිට්ස් ඔන් කරලා ජන්ගුක් ලගට යනකොට එයා දැක්කේ හොදටම වෙව්ලන ගමන් අැදේ ගුලි වෙන ජන්ගුක්ව ... නලල දෙපැත්තෙන් දාඩියත් එක්කම ජන්ගුක්ගෙ අැස්වලින් වේගෙන් කදුලු බිමට වැටෙන ගමන් තිබ්බා... ටේයන් ජන්ගුක් ලගට ගිහින් අැදෙන් වාඩිවුනේ ජන්ගුක්ව සංසුන් කරන්න කියලා හිතාගෙන... ටේයන් ජන්ගුක් ලගට යද්දි ජන්ගුක් හිමින් හිමින් කෙදිරි ගාන්න ගත්තේ ටේයන්ව බය කරනගමනුයි... කිසිම දෙයක් කරගන්න බැරිකොට ටේයන්ට මතක් වුන ක්ශනික දෙයක් නිසා එයා ජන්ගුක්ව තදින් බදාගත්තා... හරියට සන්සුන් වෙන්න කියන්න වගේ...
තමන්ගේ ටීෂර්ට් එකත් තදින් අලල්ගෙන වෙව්වලන හාපැටියා දිහා බලන් හිටපු ටේයන්ට දැනුනේ ලොකු දුකක්. හේතුවක් නැතිවම එයාගේ අැස්වලින් කදුලු අාවා..

Rewrite Your Star ⭐(ᴄᴏᴍᴘʟᴇᴛᴇ) Where stories live. Discover now