34'th part

264 45 1
                                    

"ඔහ්.. අාවද ජන්ගුක්... කන්න එහෙනම් රාමේන් එකක් හදාලා අැති"

ටේයන් ජන්ගුක්ව ගනන්වත් ගන්නේ නැතුව එහෙම කියද්දි ජන්ගුක්ගේ අැස්වල කදුලු පිරුනා... එයා හිතුවේ කලින් වෙච්ච සිද්දිය නිසා ටේයන් එයාට දැන් කැමැති නෑ කියලා . . . ජන්ගුක් හිමීට අැවිදගෙන ගිහින් රාමේන් එක අතට අරගත්තා... එයා චොප්ස්ටික් දෙක ගන්න ගියත් එ් දෙක එයාගේ අතෙන් වැටුනා... එයාට කන්නවත් පිරියාවක් තිබ්බේ නෑ... එයා මූනත් බිමට නැබුරු කරගෙන ටේයන් ලගට අාවා... ටේයන් එතකොටත් ජන්ගුක්ව ගන්න ගත්තේ නෑ.. ජන්ගුක් ටේයන්ගේ ඉස්සරහ හිටගෙන හිටියා

"මොකද්ද ඔයාට වෙලා තියෙන්නේ ජන්ගුක්...ගිහිල්ලා-"

ජන්ගුත් ටේයන්ගේ උකුල උඩට අැවිත් ටේයන්ගේ බෙල්ල වටේට අත් දෙක දාලා එයාගේ පපුවට මූන ඔබාග්තා

"යන්න ජන්ගුක් මං වැඩක"

ටේයන් කිව්වේ අහක බලාගෙන

"මාත් එක්ක තරහද? "

ජන්ගුක් ටේයන් දිහා බලාගෙන අහද්දි ටේයක් වචනයක්වත් නොකිය අහක බලාගෙන හිටියා

"මට.. ම.. ට.. ඔම්මාව මතක් වුනා"

ජන්ගුක් අැස්වල කදුලු පුරවගෙන ටේයන්ගේ උනුහුමේ ගුලි වෙලා අැඩුවේ ටේයන් වචනයවත් නොකියා හිස් හැගීමකින් ඉස්සරහ බලන් ඉද්දියි

"ටේ-මට.. ස.. මාවෙන්න.. "

ජන්ගුක් නහයත් උඩට අැද අැද කියද්දි ටේයන් ජන්ගුක්ව තල්ලු කරලා සෝෆා එකෙන් නැගිට්ටා

"ඔයා ඔ්ක කාලා කොලේජ් යන්න ලෑස්ති වෙන්න"

ටේයන් හැගීමක් නැතුව පඩිපෙල දිගේ නගිද්දි ජන්ගුක් ටේයන් දිහා බලාගෙන ඉදලා හයියෙන් අඩන්න ගත්තේ ටේයන් ටිකක් විතර ගැස්සිලා එ් පැත්ත බලද්දාි

"මාව ඔයාට... ඔයා.. ට.. එපාද හියුන්ග්. අනි.. ත්.. අය.. වගේ මාව.. පාවිච්චි කරලා... වි.. සික් කරන්නද ඔ්න.. "

ජන්ගුක් කැඩෙන වචන වලින් අහද්දි ටේයන් එ් දිහා බලලා අායෙත් පඩිපෙල දාගේ යන්න ලෑස්ති වුනා 

Rewrite Your Star ⭐(ᴄᴏᴍᴘʟᴇᴛᴇ) Where stories live. Discover now