21'st part

337 50 0
                                    

ජන්ගුක්ගේ හදවත වේගෙන් ගැහැන්න ගත්තා වගේම... එයාට තේරුනා එයාගේ මුලු අැගම පන නැතිවෙනවා කියලා... ඉතින් බොහොම අමාරුවෙන් ඉස්සරහ බලන් හිටපු ජන්ගුක්ට ඊලග සැරේ තේරුනේ තමන්ගේ බඩ හරියෙන් ලොකු වේදනාවක් ... හරියට තමන්ගේ උදරයට පිහියෙන් අනිනවා වගේ...

"ඔහ් අපිට සමාවෙන්න මිසටර් කිම් මම හිතන්නේ මම ජෙනීව එක්කගෙන ගියොත් හොදයි "

ජෙනීගේ අත බලෙන්ම වගේ අල්ලගත්ත මිනෂුක් ජන්ගුක්ට කට කොනෙන් හිනාවෙලා ජෙනීවත් අැදගෙන එලියට ගියා... ටේයන් ක්ශනයටන් නැගිට්ටා නෑ එයාට නැගිටුනා එයා වේගෙන් ජන්ගුක් ලගට දුවගෙන ගියා...

ජන්ගුක්ට දැනුනේ එයාගේ උගුරෙන් මොනව හරි එනවා වගේ එයා වේගෙන් කාමරේට දිව්වා ටේයනුත් එ් පැත්තෙන් දුවද්දි මිසටර් බාෙම් යන්න හැදුවත් කෙමී එයාව නතර කරගත්තා

ඉක්මනට කාමරේ ලගට ගියපු ජන්ගුක් බාත්රූම් එකට දුවලා ගියා

"ජන්ගුක්! "

ටේයන් බාත්රූම් එකට දුවලා යද්දි ටේයන් දැක්කේ සින්ක් එක දෙපැත්තෙන් අත තියාගෙන වොමිට් කරන ජන්ගුක්ව... ජන්ගුක්ගෙ ලගට ගියපු ටේයන් ජන්ගුක්ගේ උරහිසින් තද කරලා අල්ලගත්තේ ජන්ගුක් එක දිගටම කිසිම දෙයක් නොකියා වොමිට් කරද්දි . .. ටික වෙලාවක් නෑ ගනන් කරගන්නවත් බැරි කාලයක් ජන්ගුක් වොමිට් කරා ටේයන් කරේ ජන්ගුක් දිහා අැස්වල කදුලු පුරවගෙන බලන් හිටියේ ජන්ගුක් එක දිගට වොමිට් කරන දිහා...තවත් දෙයක් වොමිට් කරන්න නැතිකොට ජන්ගුක් අැගේ කිසිම පනක් නැතුව ටේයන්ගේ අැගට වැටුනා

"කූ! "

"හි.. යු... න්ග්... රි.. දෙ අාහ්-"

ජන්ගුක් බොහොම අමාරුවෙන් වචන ටික පටලවන් කියද්දි ටේයන් ජන්ගුක්ව තදින් තුරුල් කරගත්තා

"රිදෙනවද මැණික...? ඉන්න මම ඔයාව එක්කගෙන යන්නම්"

කිසිම අප්පිරියාවක් නැතුව ජන්ගුක්ගේ කට වටේ තිබ්බ වමනේ අයින් කරපු ටේයන් ජන්ගුක්ව තමන්ගේ අතට අරගත්තේ ජන්ගුක් තමන්ගේ අත් ටේයන්ගේ ශර්ට් එකේ රදවගද්දි...ටේයන් පිරිස්සමෙන් ජන්ගුක්ව අැදෙන් තියලා බ්ලැන්කට් එක උඩ ඉදන් පෙරවලා ජන්ගුක්ගේ නලලෙන් අාදරණීය උනුසුම් හාදුවක් තිබ්බා.... ජන්ගුක් සිහියත් අසිහියත් අතරේ ඉදලා ඊලග සැරේම ලොකු නින්දකට වැටුනේ ටේයන් ජන්ගුක්ගේ කොන්ඩේ සනීපෙන් අතගෑව නිසා වෙන්න අැති... ජන්ගුක් නින්දට වැටුන කියලා තේරුන ටේයන් ජන්ගුක්ගේ අැස්වලට හාදුවක් දීලා පල්ලෙහා තට්ටුවට අාවේ කලබලෙන් එහාට මෙහාට අැවිද අැවිච හිටපු බොම් ටේයන් ලගට එද්දි

Rewrite Your Star ⭐(ᴄᴏᴍᴘʟᴇᴛᴇ) Where stories live. Discover now