42'nd part

293 54 17
                                    

"මට හිතාගන්න බෑ ජන්ගුක් අැයි එ් වගේ දෙයක් කරේ කියලා"

ජිමින් කිවෙව් යුන්ගිගේ ශර්ට් එකේ බොත්තම් එක්ක සෙල්ලම් කරකර

"හ්ම්"

යුන්ගි මුකුත්ම නොකියා ඉස්සරහ බලාගනිද්දි ජිමින් අැස්දෙකත් ලොකුකරගෙන යුන්ගි දිහා බැලුවා

"ජින්ජා? අැයි ඔයා ජන්ගුක්ට හම යන්න බනින්න නැත්තේ? "

ජිමින් පුදුමෙන් වගේ යුන්ගි දිහා බලන් කියද්දි යුන්ගි අැස් දෙක පියාගෙනම *හ්ම්*කිව්වා

"සීරියස්ලි හියුන්ග්. මොනවද ඔයාට වෙලා තියෙන්නේ? "

ජිමින් යුන්ගිගේ උරහිසට හයියෙන් ගහන ගමන් කියද්දි යුන්ගි තමන්ගේ අත් දෙකෙන්ම ඔලුව මිරිකගත්තා

"ජන්ගුක් ගැන අපි කතානොකර ඉමු! "

යුන්ගි කිව්වේ දැනටමත් එයාගේ ඔපුව පැලෙන්න වගේ තිබ්බ නිසා

"සොරි හියුන්ග්"

පොඩි ලමයෙක් වගේ මූන හදාගත්ත ජිමින් යුන්ගිට තුරුලුවෙද්දි යුන්ගිට හිනාගියේ නිරායාසයෙන්මයි

.
.
.

උදේ වෙලා තිබුනා දැන් වෙලාව හරියටම 9ට විතර අැති. එ්ත් ජන්ගුක් හිටියේ අැස්දෙක පියාගෙන. අැත්තෙන්ම එයාට ඊයේ එ් සීතල ටයිල් පොලොවෙන්ම නින්ද ගිහින්. ජන්ගුක් හිමින් අැස් අැරියේ අැගට දැනුන වේදනෙව හින්දා. එ් වේදනාව එයාට දරාගන්න බෑ. එයා ඔහේ ඉස්සරහ බලාගෙන ඉදලා ටයිල් පොලොවට අත් දෙක තියලා නැගිටින්න හැදුවත් කිසිම පනක් නැතුව එයා බිම අැදගෙන වැටුනා

"අාහ්"

ජන්ගුකට නිකංම කෑගැහුනේ එයා අාපහු ටයිල් පොලොවට වැටුන නිසා. ජන්ගුක් අමාරුවෙන් හිමින් ගිහිල්ලා ලග තිබුනු බිත්තියකට හේත්තුවුනා

ජන්ගුක් ටිකක් වෙලා හිස්හැගීමකින් ඉස්සරහ බලාගෙන හිටියත් එයාට මතක් වෙච්ච දේවල් අපමණයි

දෙවියන් කොයිතරම් කුරිරුද නේද? ජන්ගුක්ට තමන්ගේ ජීවිතේ ලස්සනම කරපු එ් පුද්ගලයාව නැතිවෙලා ගියා. එයා විතරමයි එයාට අාදරේ දුන්නේ. එයා විතරමයි එයාව තමන්ගේතුරුලේ තියාගත්තේ. එ් වගේම ජන්ගුක් අාදරේ කරපු පලවෙනි හා අවසාන කෙනා ටේයන් වෙයි. එයා එයාගේ හියුනගිට මෙච්චරයි කියාගන්න බැරිතරම් අාදරෙයි. එ්ක සමහරවිට අාත්මීය බැදීමක් වෙන්න අැති. ජන්ගුක්ගේ අැස්වලින් අාපහු එකදිගට කදුලු ගලාගෙන ගියා. එයාට ටේයන් එන්ගේජ් වෙන්න යනවා කියන දේ මතක් වෙන වෙන වාරයක් වාරයක් පාසා එයාට දැනුනේ එයාගෙ තුවාල වලටත් වඩා වේදනවාක්.
එතකොට එයාව විශ්වාස කරපු ජීනි හියුන්ගි, ජිමිනි හියුන්ගි. එයාලත් දැන් එයාව අවිශ්වාස කරන්න පටන්ගෙන. එතකොට එයාගේ බෑම්.
මේ වෙනකොට බෑම් හිටියනම් එයාගේ තුරුලේ ඉදී. එයාගෙ වේදනාව නැතිවෙනකම්ම බෑම් කෙදිරිගායි. මොකද එ් සතෙක් වුනත් එයාට ජන්ගුක් වේදනාව තේරුනා
එ්ත් දැන්?
එයා තනියම ඉන්නේ එයාට කවුරුත් නෑ කවුරුත්ම නෑ. එයාට හිතුනා මින්ෂුක් කිව්ව කතාව අැත්තක් කියලා

Rewrite Your Star ⭐(ᴄᴏᴍᴘʟᴇᴛᴇ) Where stories live. Discover now