51'st part

393 61 19
                                    

"හනා.. දුල්.. සෙත්"

"සර් මුලු පලාතම පොලීසියෙන් වටලලා"

එක ගාර්ඩ් කෙනෙක් හතිදාගෙන දුවගෙන අැවිත් කිව්වහම මින්ෂුක්ගේ අත නිකංම පල්ලෙහාට ගියා

"මොකක්"

මින්ෂුක් කියද්දි යුන්ගි හයියෙන් හිනාවෙනින ගත්තේ හරියට පිස්සුවෙන් වගේ

"ඔයා විතරක් නෙමෙයි මින්ෂුක්, මමත් ප්ලෑන් ගහන්න ගොඩක් දක්ෂයි. හිතන්න එපා මම පොඩිඑකෙක් කියලා"

යුන්ගි කියද්දි එකපාරින්ම දොරක් කඩාගෙන පොලීසිය එ් පැත්තම වට කරද්දි මින්ෂුක්ට, හීන්දාඩිය දැම්මා.

"මම තමුසෙව මරනවා!! "

මින්ෂුක් කෑගහන ගමන් තමන්ගේ අතේ තිබුනු ගන් එක ලෝර්ඩ් කරන්න යද්දිම මින්ෂුක්ගේ ඔලුවට කෙලින්ම අාව බුලට් එකක් එයාගේ ඔලුව පසාරු කරනගෙන යන්න ගියේ එක විනාඩියයි
යුන්ගි කටකොනෙන් හිනාවෙන ගමන් නැගිට්ටේ තමන්ගේ අතේ තිබුනු ලනු දැනටමත් පොලීසියේ කෙනෙක් ගලවලා තිබුනා

"Game is over මින්ෂුක්! "

මින්ෂුක්ගේ දිහා බලන් හිටපු යුන්ගි එ්ත් එක්කම අනිත් පැත්ත බලද්දිදැක්කේ තමන්ට ශාපකරකර එහාට අැදෙන ජෙනීව එයාගේ අත්දෙකටහ මාංචු දාලා තිබ්බහම යුන්ගි ලොකු හුස්මක් අරන් ජන්ගුක් ගාවට දුවලා ගියා. එ් වගේම ජිනුත් දෙපාරක් නොහිතා තමන්ගේ අත් ලිහුනු ගමන් එ් පැත්තට දුවගෙන ගියා

"ජන්ගුක්! "

යුන්ගි ජන්ගුක්ගේ ඔලුව තමන්ගේ ඔඩොක්කුවෙන් තියාගත්තහම ජන්ගුක් අමාරුවෙන් අැස්අැරලා යුන්ගි දිහා බැලුවා

"හි.. යුන්ග්... "

එයාගේ කටෙන් වචන පිටවුනේ කැඩිකැඩී එයාට කතානරන්නවත් පනක් තිබුනේ නෑ. එයාට දැනුනා එයාගේ අත් දෙක තවත්කෙනෙක් අල්ලගන්නවා කියලා. ජන්ගුක් අමාරුවෙන් බෙල්ල හරවලා එ් පැත්ත බැලුවා

"ජි.. න්... හියුන්ග්"

ජන්ගුක්ට බොදවෙන අැස්වලින් ජින්ව පෙනෙද්දි එයාට දැනුනේ කියාගන්න බැරි සතුටක් .

Rewrite Your Star ⭐(ᴄᴏᴍᴘʟᴇᴛᴇ) Where stories live. Discover now