7'th part

427 65 9
                                    

දැන් බෑම් ජන්ගුක්ව දාලා ගිහින් හරියටම පැය 24 ක් වෙනවා එ්ත් ජන්ගුක් බාත්රූම් එකෙන් එලියට එන්නෙ නැතුව එ්කෙම හිටියා...
හරියටම රෑ 12 කටුව වැදෙනකොට ජන්ගුක් නැගිට්ටත් හරියට අැගට පනක් තිබුනෙ නෑ... ටික දුරක් බිත්ති වලට වාරු වෙලා ගිහින් එයා නැවතුනෙ එයාගේ කාමරේ ... හිමින් අඩිය තියලා බෑම් ලග දනගහගත්ත ජන්ගුක් අාපහු අඩන්න ගත්තෙ බෑම්ගෙ බෙල්ල ලගින් උනුසුම් කදුලු වැටෙද්දි... එ්ත් එයා නැගිටිද? ජන්ගුක්ගෙ කදුලු වලට එයා නැගිටිද? එ්ක වෙන්නෙ නෑ.. මොකද දැනටමත් එයා මැරිලා දවසක් ගිහින්...
බෑම්ව බැරි බැරි ගාතේ අත් දෙකට ගත්ත ජන්ගුක් බෑම්වත් උස්සගෙන ගියේ වලදාන්න... පුංචි වලක් කපලා එ්ක අැතුලට බෑම්ව දැම්ම ජන්ගුක් අාපහු එතැන දනගහගත්තා... එයා අාය අඩනවා... අඩලා අඩලා ජන්ගුක්ට එපා වුනත් එයාගේ හදවත කොයිම වෙලාවකවත් එයාට අවනත නෑ... එයා අැතිවෙනකම් අැඩුවා...

.
.
.

එලාර්ම් එකේ සද්දෙ නිසාම නැගිට්ට ජන්ගුක් හිමීට අැස් අැරියා. එයාහිටියේ බිම වකුටු වෙලා බෑම්ව දාලා අාය කාමරේට අාවත් ජන්ගුක්ට අැදට යන්න තරම්වත් පනක් තිබ්බෙ නැති නිසා එහෙමම බිම වැටුනා ... කලින්ට වැඩිය ඔලුවෙ බර ගතියක් දැනුනත් ජන්ගුක් නැගිට්ටෙ අද කොලේජ් එකේ නිවාඩු දෙන්න කලින් තියන අන්තිම දවස නිසා... බැත්රූම් එකට ගාට ගාට ගිහින් වොෂ් එකක් දාගත්තත් දැනට දවස් කිහිපයකට කලින් එයාගේ අැගෙ වැදුනු පාරවල් රිදුම් දෙන්න ගත්තා... පුංචි පුංචි කෙදිරිලි අස්සෙ අමාරුවෙන් නාගත්ත ජන්ගුක් එලියට අාවේ මලමිනියක් ගානට . .. අඩලා අඩලාම බාගෙට ඉදුමුනු අැස්... දවස් ගානක්ම හරියට බෙහෙත් වත් දාගන්නෙ නැතුව තිබුනු තුවාල... ජන්ගුක් මේ දවස් ටිකට කොච්චර දුක් වින්දද කියන එකට
සාක්ෂියක් වුනා...
ජන්ගුක් ෆ්රිජ් එක ලගට අාවේ මොනවහරි කෑමක් කන්න වුනත් කන්නවත් පිරියාවක් නැති නිසා ෆ්‍රිජ් එක වැහුව ජන්ගුක් අාපස්සට යන්න හැරුනා... කලින් දවසෙ කරපු හපන්කම් වලට ජන්ගුක්ට වුනේ එයාගේ අතේ ලොකු බැන්ඩේජ් එකක් ඔතාගන්න... එ්වගේම කලු මාස්ක් එකයි එයාගේ බෝල කන්නාඩි කුට්ටමයි දාගන්නත් අමතක කරේ නෑ...

Rewrite Your Star ⭐(ᴄᴏᴍᴘʟᴇᴛᴇ) Where stories live. Discover now