45'th part

298 50 26
                                    

ලීසා ජිමින්වත් අැදගෙන උඩට දිව්වේ ජිමින් වුනත් වේගෙන් ලීසාත් එක්ක අැදිලා යද්දි. ලීසාගේ කකුල් දෙක බෙන්ච්එකක් ලග නතරවෙද්දියි ජිමින් එහෙමම බෙන්ච් එක ඉස්සරහට ගියේ එ් ජන්ගුක්ද කියලා බලන්න! ඔව් එ් ජන්ගුක්! ජිමින්ගේ කට බාගෙට අැරුනා

"ලේ කොහෙන්ද? මොකද්ද වුනේ ලීසා! "

ජිමින්ගේ උගුරට වචන අාවේ නෑ. ජිමින් වේගෙන් ජන්ගුක් ලගට ගියා. එයාගේ කට දෙපැත්තෙන් දැටමත් ලේ බේරෙමින් තිබුනා වගේම එයාගේ නලල දෙපැත්තෙන් හිතාගන්නවත් බැරිතරමට් දාඩිය ප්‍රමානයක් පිටවෙමින් තිබුනා

"අනේ ප්ලීස් ජිමින් i beg you .. ජන්ගුක්ට උදව් කරන්න"

ලීසා කිව්වහම ජිමින් ලීසා දිහා කුරිරු බැල්මක් හෙලලා ජන්ගුක් ලගට ගිහින් ඉක්මනින් ජන්ගුක්ව තමන්ගෙ අත් අතරට ගත්තා. ජන්ගුකුත් ජිමින්ගේ උනුහුමට ගුලිවෙමින් සිටියා සහ එයා හිටියේ අවසිහියෙන්

"ටේ~"

ජන්ගුක්ගේ කටෙන් පිටවුනු වචනේ නිසා ජිමින් පොඩ්ඩන් ගැස්සුනත් එ් දේ ලීසාට නොපෙන්නුව ජිමින් ජන්ගුක්වත් තමන්ගේ අත් අතර තියාගෙන වේගෙන් පඩිපෙල් දිගේ පල්ලොහට අාවා. ස්ටුන්ඩ්ටස්ලා ඔක්කොම  කටවලුත් අැරගෙන මොලෝ සිහියක් නැතුව, මේදිහාබලන් ඉද්දි ජිමින් වේගෙන් ගියේ සික්රූම් එකට එ් වගේම එයාගේ පිටිපස්සෙන් අාව ලීසාත් ජිමින් එක්කම සික්රූම් එකට අැතුලට ගියා.

ටේබල් එකක ෆයිලිස් වගයන් හදහද හිටපු මිසිස් මින්හි ගැස්සුනේ එයාගේ ඉස්සරහට ලේ පෙරාගෙන එන ලමයා නිසා. ඉක්මනට තමන්ගේ කන්නාඩි කුට්ටම හදාගත්ත මිසිස් මින්හි ඉක්මනින් එහාපැත්තේ තිබුනු බෙඩ් එක හදන්නගත්තා

"ඉක්මනට ඔය ලමයව මෙතනින් තියන්න! "

මින්හි කියද්දි ජිමින් ඉක්මනින් ජන්ගුක්ව අැදෙන් තිබ්බා. එ්ත් ජන්ගුක් ජිමින් ශර්ට් එක අතඅැරියේ නෑ. ජන්ගුක් අවසිහියෙන් හිටියක් එයාට එයාගේ හොදම යාලුවගේ උණුසුම හොදට මතකයි
ජිමින් ජන්ගුක්ගේ අත්දෙක හිමින් තමන්ගේ ශර්ට් එකෙන් අැයින්කරලා එයාව අැදෙන් තිබ්බා.

Rewrite Your Star ⭐(ᴄᴏᴍᴘʟᴇᴛᴇ) Where stories live. Discover now