38'th part

295 48 2
                                    

ජක්ගුක් ටේයන්ලගේ ගෙදර අැවිල්ලා අදට හරියට සතියක් වෙනවා... ජන්ගුක් එතකොට එයාට මුකුත්ම වෙලා නැද්ද? එයා දුකින් නෙමෙයිද ඉන්නේ? දන්නවද ජන්ගුක් මේ සතිය අැතුලත වෙනස් වෙලා තියෙන විදිය.. බොලේට කම්මුල් පිරිලා හිටපු ජන්ගුක්ගේ හම දැන් අැට එලියට පනින්න තරම් කෙට්ටුවෙලා .. අැස් ගිලිලා අැතුලට යන්න තරම් දුක් විදලා... අැත්තටම ජන්ගුක්ට මේ සතිය අැතුලත මොකද වුනේ?
ජන්ගුක් අාපහු තමන්ගේ කලින් ජීවිතේට අාවේ ඉස්සර හිටපු ජන්ගුක් විදියට නෙමෙයි... තනිකරම වෙනස් ජන්ගුක් කෙනෙක් විදියට... මාස තුනක්ම තමන්ගේ ගෙදර කුලිය ගෙවලා නැති හින්දා ජන්ගුක්ට වුනා රෑ දවල් නොබලා මහන්සි වෙන්න... එයාට හරියට කෑම එකක්වත් කන්න හම්බුනේ නෑ... නෑනෑ අපි කියමු එයා කෑවේ නෑ කියලා...එයාට පිරියෙවක් තිබුනේ නෑ කන්න... ඔයාලා හිතනවද ජන්ගුක් එදා අැවිල්ලා කෑගහලා අැඩුවා කියලා... එ්කට උත්තරේ නෑ කියන එක... එයාගේ අැස්වලින් එක කදුලු බිංදුවක් බිමට වැටුනේ නෑ... එයාගේ හිත එච්චර ශක්තිමත්... හිත ශක්තිමත් වුනාට එයාගේ අැග ගොඩක් දුර්වලයි... පුංචි පාරක් එයාගේ අැගට වැදුනත් දැන් එයාට රිදෙනවා.. මොකද දැන් එයා හිතාගන්නවත් බැරිතරමට කෙට්ටුයි...
අනිත් දේ එයාට ටේයන් ගැන හිතන්න කිසිම වෙලාවක් තිබ්බෙ නෑ... නෑ අපි කියමු එයා ටේයන් ගැන හිතන්න තමන්ගේ කාලය නාස්ති කරේ නෑ කියලා... ජන්ගුක් දැන් ඉන්නේ කලින් හිඑපු අපායකට අන්ත අපායකට වැටිලා..

"ජන්ගුක් මොනවද තමුසේ කරන්නේ ඉක්මන් කරලා ඔය ටික අස් කරනවා"

ජන්ගුක් ගැස්සිලා වගේ මේලෝකෙට අාවේ එහාපැත්තෙන් එයා වැඩ කරන කඩේ ඔව්නර් කෑගහපු නිසා.. ජන්ගුක් ඉක්මනට තමන්ගේ එ්ප්‍රන් එක හදාගෙන වීදුරු පිහදන්න ගත්තා

.
.
.

තවත් වෙහෙසකර දවසක නිමාවක් සටහන් කරලා ජන්ගුක් අැවිදගෙන ගියේ තමන්ගේ ගෙදරට... දැන් වෙලාව රෑ 12ටත් කිට්ටුයි... එයා එ්තරමටම වැඩ නිසා කාර්යබහුල වෙලා... ටික වෙලාවකින් තමන්ගේ ගෙදරට අාව ජන්ගුක් තමන්ගේ අතේ තිබුනු බෑග් එක සෝෆා එකට විසික් කරේ එහෙමම බිම වාඩිවෙන ගමන්... එයා හයියෙන් හුස්ම ගන්න ගත්තේ දැනෙන මහන්සියට... වෙනදා තමන් එක්කම කතා කරන ජන්ගුක් අද නිහඩවම තමන්ගේ වැඩ කරගන්නවා... වෙනදා තමන්වම දිරගන්වන ජන්ගුක් දැන් හැසිරෙන්නෙ රූකඩයක් වගේ. .. ඔයා හිතන්න ඔයාට දරාගන්න පුලුවන් වෙයිද ඔයාට මුලින්ම අාදරේ කරන කෙනෙක් තමන්ට හිතාගන්නවත් බැරිතරම් කැත වචනවලින් කෑගහලා එලියට අැදලා දැම්මහම දරාගන්න පුලුවන් වෙයි කියලා.. තමන්ට කියලා හිටපු යාලුවයි අාදරවන්තයයි තමන්ගේ ඉස්සරහම තමන්ව අතඅැරලා යද්දි එයාට කොච්චර දුකක් දැනෙන්න අැතිද? ජන්ගුක් ජීවත් වෙන්නේ එදා එයා එයාගේ ඔම්මට මුලු හදවතින්ම දුන්න පොරොන්දුව හින්දා දැත්තං ජන්ගුක් කියලා කෙනෙක් මේ ලෝකේ දැන්ටමත් නැතිවෙයි...
ජන්ගුක් තමන්ගේ අත් දෙකෙන්ම ඔලුව වහගත්තේ දරාගන්න බැරි ඔලුවේ රිදුමක් අාව නිසයි... ටික වෙලාවක් බිම ඉදගෙන හිටපු ජන්ගුක් නැගිටලා තමන්ගේ කාමරේට ගියේ කිසිම හැගීමක් නැතුව ... කාමරේට ගිහින් අැදෙන් ඉදගත්ත එයා තමන්ගේ මේසේ උඩ තිබුනු මාලේ අතට ගත්තේ අැස්වල කදුලු පුරවගන්න ගමන්

Rewrite Your Star ⭐(ᴄᴏᴍᴘʟᴇᴛᴇ) Where stories live. Discover now