36'th part

281 44 0
                                    

ජන්ගුක් අැස් දෙක අැරියේ දරාග්නන බැරි හිරු රශ්මිය නිසා... එයා අාපහු නිදාගන්න ටේයන්ගේ පැත්ත හැරිලා ටේයන්ව බදාගන්න හැදුවත් ටේයන් හිටිය පැත්ත හිස්

"ටේ.. ටේ"

ජන්ගුක් ගැස්සිලා වගේ අැහැරිලා ටේයන්ව කාමරේ හෙව්වත් හොයාගන්න බැරිවුන නිසා ජන්ගුක් වේගෙන් පඩිපෙල් බැහැගෙන පල්ලෙහාට ගියා

"ජිමින් හියුන්ග් කෝ ටේ හියුන්ග් "

ජන්ගුක් අහද්දිි ජිමින්ට කවර්වෙලා හිටපු ටේයන් ජන්ගුක් දිහා බැලුවා

"මං ඉන්නවා මොකද්ද ජන්ගුක් ප්‍රශ්නේ? "

ටේයන් කියද්දි ජන්ගුක් හිනාවුනා... එයාගේ අැස්වල එයාටත් හොරා අැවිල්ලා තිබුනු කදුලු පිහිදගත්ත ජන්ගුක් ටේයන් ලගට ගියා

"ඔයාලා මොනවද හදන්නේ? "

"මුකුත් නෑ ජන්ගුක් මම මේ ජිමින්ට පෙන්නුවේ ඔයා ඊයේ කිව්ව සිංදුව"

ටේයන් කියද්දි ජන්ගුක් ලැජ්ජාවෙන් හිනාවුනා

"ඔයාගේ කටහඩනම් වාව් ජන්ගුක්... මම නම් අාසයි කවදහරි ඔයා අයිඩොල් කෙනෙක් වෙනවා දකින්න... එතකොට කාටද අාඩම්බර"

ජිමින් කොලර් එකත් උස්සලා කියද්දි ටේයන් ලාවට හිනාවෙලා ජන්ගුක්ලගට ගියා

"මාත් අාසයි මගේ බනී කවදහරි මේ ලොකේ දිනපු දක්ෂම අයිඩොල් කෙනෙක් වෙනවනම්"

ටේයන් ජන්ගුක්ගේ කම්මුලක් මිරිකද්දි ජන්ගුක් තමන්ගේ ගිග්ල් හිනාවෙන් හිනාවුනා

"හරිහරි දැන් ලෑස්තිවෙමු... අද උදෙන්ම ලෙක්චර් එකක් තියෙනවා"

ජිමින් කියද්දි ජන්ගුක් ඔලුව වනලා කාමරේට දිව්වා

"ඔයාට හොදටම සුවර්ද එ් ජන්ගුක් කියලා"

ජිමින් ලොකු හුස්මක් පල්ලෙහාට ගන්න ගමන් අහද්දි ටේයන් තමන්ගේ නලල මිරිකගත්තා

"මට තේරෙන්නෑ ජිමින්... මට ජන්ගුක් ගැන එහෙම හිතන්නවත් බෑ"

ටේයන් කියද්දි ජන්ගුක් ටේයන්ගේ උරසිට තට්ටුවක් දැම්මා

Rewrite Your Star ⭐(ᴄᴏᴍᴘʟᴇᴛᴇ) Where stories live. Discover now