09 වන කොටස..

3K 628 229
                                    

මං එන්න ආවා.....එයාව මගෙම කෝට් එකෙන් පොරවපු මං තවමත් ඊයෙ ඇදුම පිටින් ස්ටෙත් එක කරේ දාගන එන්න ආවා...දකුන වගෙ නෙවෙ.....වයඹ වගෙත් නෙවෙ....බස්නාහිර වගෙත් නෙවෙ...ඒ ඉස්පිරිතාල වල දොස්තරා උදේට වෝර්ඩ් රවුන්ඩ් යනකොට බලන්න ආසවෙ බෑ...ලෙඩ්ඩුන්ගෙ දුක් වේදනා ඇරුනම ඒ මිනිස්සු ඇදන් ගාවින් මාරු වෙනකොට බෙහෙත් සුවද අස්සෙන් ෆර්ෆියුම් සුවද උතුරනවා....

ඒත් අපි......

මං හිතන්නෙ අපිට ෆර්ෆියුම් ගාපු කාලයක් වත්...අඩුම ගානෙ තියන ෆර්ෆියුම් එක කොහෙද තියෙන්නෙ කියලවත්...කොටිම්ම ෆර්ෆියුම් එකේ සුවද මොකක්ද කියන්නවත් මතක නෑ.....

නහයට දැනුන එකම සුවද බෙගෙත් සැර...සර්ජිකල් ස්ප්‍රීට් සැර....අමු ලේ සුවද ....වගේම දහදිය කදුලු වල සුවද විතරක් වෙනකොට ....ඉතින් ෆර්ෆියුම් සුවදක් දැනේවිද.........

වෝර්ඩ් රවුන්ඩ් යන්න බලාගන උන්න මගෙ ජූනියාර්ස්ලා මන් එනකන් බලන් ඉන්නවා.......ඒ හැමෝගෙම මූනවල් මැලවිලා ගිහින් තිබුනා..ඇස් යට කලු වෙලා.......පොඩි උන ඇදුම්  එයාලා අතින් හදාගත්තා ....ලා පාට විතරක් අදින මම වගේම සමහරක් අයගෙ ශර්ට් වල ලේ පැල්ලම් වලින් රටා ඇදිලා තිබුනා...මං හිතන්නෙ පාට එක උනත්...මෙතන ඇති ලේ වර්ග දෙක තුනක්වත්......

ගුඩ් මෝර්නින් ඩොක්ටර් .....

කිසිම ප්‍රබෝදයක් නෑ.....එතන උන්න එයාලා මාව දැකලා හරි අමාරුවෙන් හිනා හරි අමාරුවෙන් කට ඇරලා කතා කෙරුවා ......

"ගුඩ් මෝර්නින් ....."

අවංකවම ඒ වචනෙ මහ විහිලුවක්...කියනවටත් පාඩුයි......ඇස් පනා පිට මිනිස්සු මැරි මැරි යනවා දැක දැක....සුභ උදෑසනක් කියන්නෙ කොහොමද .....

මං හිතන්නෙ ඒ වචන මේ තල් රුප්පාවට කැප නෑ...මේ මිනිස්සුන්ට සුභ කියන වචනෙ කොහොමත්ම කැප නෑ....

ඊයෙ ආර්මි ට්‍ර්ක් එකකට ගහල නේද ඩොක්ටර් ....

මගෙ ගාව උන්න පොඩි කෙල්ල එයාගෙ අතේ තිබුන ෆයිල් එක මගෙ අතට දෙනගමන් ඊයෙ ආර්මි ට්‍රක් එකකට ගහලා නේද කියලා කියනකොට මම ඒ හුරු බුහුටි දොස්තර නෝනා දිහා බැලුවා...

BE MY ARMOUR (Complete )Where stories live. Discover now