නිඛිල් ........ඩොක්ටර් සමාධිත් ඉන්නවා...
වික්‍රමසිංහ සර්.....
මං සමාධිගෙ අත අල්ලගනම උන්නා.......මෙච්චර වෙලාම කියව කියව උන්න අපි දෙන්න මැදට ආව අකේන් සමාධි ඉන්නවා කියලා නොබලා හිමින් සැරෙ මගෙ කම්මුලක් අතගාන ගමන් සමාධි එක්ක හිනා උනා...
මොනවද ඩොක්ටර් සමාධි කියන්නෙ...තවම කෑල්ලක් වත් දාගන්න බැරි උනාලුද
ඔන්න පටන් ගත්තා .....
ඇයි...මං වැරදි දෙයක් කිව්වද සමාධි....?
අනේ නෑ ....වැරදි දෙයක් නම් කිව්වෙ නෑ
ආ දැක්කනෙ.....ඒ ළමයත් කියනවා.......වැරදි දෙයක් කිව්වෙ නෑ කියලා .....ඔයා දන්නවද සමාධි මේ ළමයා මෙතන විතරයි ඔය අහිංසක....
අනේ නිකන් ඉන්න අනේ...ඔයාට වැඩ නැත්තන් ගෙදරවත් ටිකක් අස්කරන්නකො...පිස්සන් කොටුව වගේ දාලා යන්න පුලුවන්ද
ඔය පේනවද සමාධි මං කිව්වෙ නිකන් ඉන්න දෙන්නෙම නෑ වැඩම ගන්නවා...වැඩම ගන්නවා වලව්කාරයො නෙ...රෑටත් වැඩ ඉතින්
නිඛිල් මේහ්.....
ඌව්හ්.....ගහන්නෙ අනික මං නිඛිල් නෙවෙනෙ.....ම්ම්ම්ම්
මන් එයාගෙ අත් ගොබේට අත දිගෑරලම පාරක් ගැහුවා.....සමාධි එක්ක එකතුවේගන මාව අවුස්ස අවුස්ස ඇස් නටව නටව් කියවපු අකේන් අර කෙල්ල ඉන්නවා කියලා නොබලා වත් කට කැඩුන කතා කියන්න ගත්තා...ඒකිත් ඇස් හීනි කරන් අත් දෙකෙන් කටවහන් හිනා වෙනවා එක්කම මම අකේන්ට අල්ලන් ගැහුවා...මේ මනුස්සයා හන්දා මට දැන් මෙතනම ලමයා හම්බෙනවා.....
යන්න අකේන් ....යන්නකො
අස්කරලා ඉවරයි බන්.....මැරෙන්න හදනවා....පේනවානෙ සමාධි මේ මූන නෙවෙ මේ දොස්තරයගෙ ඇත්ත මූන
අනේ සමාධි මේ මනුස්සයට පිස්සු අනෙ....යන්න අකේන්...මං යනවා....
කොහෙද යන්නෙ ඉතින්.....ඔහොම ඉන්න ඔහොම ඉන්න....මං ආවෙ දවල්ට යන්නවා කියලා යන්න.....
ම්ම්ම්ම්....
මං දවල් වෙලා එන්නම්...ඔය ඇදුමෙන්ම යනවද වෙන එකක් මාරු කරගන්නවද.....
YOU ARE READING
BE MY ARMOUR (Complete )
Fanfictionදන්නවද ලෝකෙටම ඔයා එක්කෙනෙක් උනත් ඔයාව මට ලෝකයක් ....... සමහර වෙලාවලදි ...මට දැනෙනවා...මුලු ලෝකෙම මගෙ අත් උඩ කියලා ..... ඉදලා හිටලා..ඒ හම්බෙන " සමහර වෙලාවට" මන් ආදරෙයි නොසෑහෙන්න..... මගෙ නිඛිල්........ උඹ කියන්නෙම මට ලෝකයක්! මම අකේන් හිරුන්ය වික්ර...